නීල නයනී 10
නීල_නයනී
10_කොටස
(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
" ලොක්කයියේ ... "
රකේල්ට කෙල්ල එක්ක කතා කරන කොල්ලාව කොහේදි හරි දැකලා පුරුදුයි කියලා හිතුනා. ඇය බයෙන් බයෙන් නිමන්ත එක්ක කතා කරන දිහා කොල්ලා බලන් හිටියේ දත් මිටි කාගෙන.
" අද අපේ දිහා එනවා කිව්වා නේද ... "
කෙල්ල හොරෙන් බැලුවේ මකරෙක් වගේ ගිනි පිඹින කොල්ලා දිහා. ඇයගේ ඇස් ගැස්සුනා රකේල්ගේ බැල්ම නිමන්ත වෙත තියෙද්දි. ඇයට හිතුනේම දෙවන ලෝක යුද්ධය අත ලග කියලමයි.
" මට ... අමතක වුනා ලොක්කයියේ ... "
" මං පාත්ති වල වල් ගලවන්න ආවා ... "
කෙල්ල එක්ක කතා කලාට නිමන්තගේ ඇස් විටින් විට ගියේ රකේල් වෙතටයි.
" මේ කව්ද ... "
නිමන්තට නම් රකේල් ගැන පුංචිම මතකයක්වත් තිබුණේ නෑ.
" මං තමයි බණ්ඩාරනායක වලව්වේ පොඩි පුතා ... "
නිමන්ත ඒ මොහොතේදි තමයි රකේල් වලව්වට ආව දවසේ වෙච්ච සිදුවීම මතක් වුනේ.
" ආහ් ... මේ රකේල් මහත්තයානේ ... "
" මං සුගතපාලගේ පුතා නිමන්ත ... "
නිමන්තට මතකයි ඔහුව දැක්කාම ලොකු නෝනා කියන ඔහුගේ පොඩි පුතා ගැන.
" ඔය ළමයා මගේ පොඩි පුතා වගේමයි ... "
" එකම වයසනේ ඉතින් ... "
නිමන්තගේ ඔලුව අතගාමින් ඇය හිත හදාගන්න විදිය ඔහු අනන්තවත් දැකලා තියෙනවා. ඒ ඇස් වල දිලිසෙන කදුලු කැට හිත ඇතුලේ ඇය විදින වේදනාවත් පෙන්නනවා.
" රකේල් මහත්තයා ආවේ එක හොදයි ... "
" ලොකු නෝනා හැමදාම මට මුණ ගැහුණොත් මහත්තයා ගැන ගැන කිය කිය නොසෑහෙන්න දුක් වෙනවා ... "
නිමන්තගේ වත මත ඇති දුක්මුසු බව තම මව වෙනුවෙන් කියලා තේරෙද්දි රකේල්ගේ කේන්තිය වාෂ්ප වෙලා ගියා වගේ. ඔහු නිමන්තට කිට්ටු වුනේ හිතට දැනුණු පැහැදීමකුත් එක්ක.
" ඔව් ... මචං ... මට ලංකාව ආවේ නම් එයා වෙනුවෙන් ... "
" ඒත් දැන් ලංකාවේ ඉන්න හේතු හැදුවේ මෙන්න මෙයා ... "
නිමන්ත එක්ක හිතවත් වුනත් ඇය ගැන ඒ තරුණ හිතේ අදහසක් ඇති නම් එය නැති කරන්න හිතාගෙන ව්යාංගාර්ථයෙන් එහෙම කියලා දැම්මා. කෙල්ල හිටියේ රකේල් කියන දේ ගැන සත්‍ය අසත්‍ය බවවත් කියා ගන්න බැරිව ගොලු වෙලා.
" ඒ කිව්වේ මොකක් ද මහත්තයෝ ... "
හිත දෙගෙඩියාවෙන් වද වෙද්දි අසීරුවෙන් වුනත් නිමන්ත රකේල්ගෙන් එහෙම ඇහුවා.
" ඒ ගැන මං පස්සේ හැමෝට ම කියන්නන්කෝ ... "
රකේල්ගේ ඇස් ඇය වෙතම වෙද්දි ඒ බැල්මේ තියෙන හැඟිම් කොල්ලෙක් වුනු නිමන්තට තේරුම් ගන්න බැරි වුනේ නෑ.
" නිමන්ත කොහේද වැඩ කරන්නේ ... "
කෙල්ල ඇස් වරින් වර කොල්ලෝ දෙන්නගේ දිහාට හැරුණේ මොන විපත්තියක් වෙයිද කියලා හිතාගන්න බැරිව. රකේල්ගේ ඉගි වලින් කියවෙන කතාව ඇයට නෝතේරුනාම නෙමේ. ඒත් හැමදේම ඇය කාලයට බාර දීලා බලන් ඉන්න තීරණය කරලා හිටියේ.
" මං බෑන්ක් එකක වැඩ කරන්න මහත්තයා ... "
" මට ලොකු නෝනා කියලා තියනවා රකේල් මහත්තයාගේ සීයා එයාගේ හැම දේපලකම අයිතිය ලිව්වේ මහත්තයාට කියලා ... "
" අඩුම රකේල් මහත්තයාගේ රට ඉන්න අයියා වුනු නිවේන් මහත්තයාටවත් මුකුත් ලියලා නෑ කියලා ... "
" නිවේන් මහත්තයාත් රන්දුනු ලොකු මහත්තයා වගේ සෙල්ලක්කාර නිසා තරහෙන්ලු හිටියේ නේද ... "
නිමන්තගේ කතාවෙන් රකේල් තේරුම් ගත්තේ එක දෙයයි. ඔහු තම මවට බොහෝ සේ සමීප හිතවතෙකු බව. මවට ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා කියන්නට තරම් ඔහු විශ්වාසවන්තයකු වී සිටීම නිසාම රකේල් නිමන්ත එක්ක තවත් හිතවත් වුනා. නපුරුකම යටින් සිටින අහිංසක චරිතය විටෙක ඔහුට නොදැනීම එලියට ආවා.
" ඔව් නිමන්ත, නිවේන් කියන එකත් රන්දුනු කියන මනුස්සයා වගේමයි ... "
" ඌ ලංකාවේ හිටිය නිසා ඌ ගියේ මහා එකාගේ පාරේමයි ... "
ඒ මොහොතේ රකේල්ගේ වචන වල තිබුණු ආවේගයට කෙල්ල බලන් හිටියේ බයෙන්.
" ඒ හැම එකකින් ම දුක් වින්දේ මගේ අහිංසක අම්මා ... "
" මං ලංකාවට ආවෙත් නටපු අයට අමතක නොවෙන පාඩමක් උගන්නන්න තමයි ... "
" මට නිමන්තගෙනුත් උදව් ඕනෙනුත් ... "
නිමන්තගේ පිටට තට්ටුවක් දාලාම හිනාවෙලා එහෙම කිව්ව කොල්ලා ඊලගට හැරුනේ බය වෙලා වගේ ඉන්න කෙල්ල දිහාට.
" හවස් වෙනකන් පාත්ති අස්සේ රිංගන්නේ නැතිව ගෙදර යනවා ... "
" මං කෝල් කරන්නන් ෆෝන් එක ලගින් තියාගන්නවා ... "
කෙල්ල ඔලුවේ වැනුවේ වෙන කියන්න දෙයක් නැතිකමට.
" මචං ... අපි පස්සේ හම්බවෙමු ... "
" මං මෙයාට ඇදුම් වගයක් ගත්තා ඒක දෙන්න ආවේ ... "
නිමන්ත මදහසක් නගා ගෙන කෙල්ල දිහා බැලුවේ ඒ හිතට පසුතැවීමකුත් දැනෙද්දීයි.
" හරි ... රකේල් මහත්තයා ... ඕන වේලාවක කතා කරන්න මට ... "
" සුදු හාමිනේ ලග ඇති මගේ නම්බර් එක ... "
ඔලුවෙන් කෙල්ලට යන බව පවසා කොල්ලා කාර් එක නවතපු තැනට ගියේ රෑට ආරූ සමග කතා කරන්න ඕන කියලා හිතමින්මයි.
" ලොක්කයියේ ....ගෙදරට ගිහින් තේ එකක් බීලාම යමු ... "
රකේල්ගේ කාර් එක නොපෙනී යනකන්ම නිමන්ත බලන් හිටිය විදියට කෙල්ලට බය හිතුනා. ඇය දන්නවා දැන් ඔහු ඇයගෙන් අසන ප්‍රශ්න ටික. ඇය සුදානම් වෙලා හිටියේ ඔහුට පිලිතුරු සපයන්නත්.
" ඉස්සෙල්ලාම මට කියනවා රකේල් මහත්තයා එක්ක තමුසේගේ තියෙන ඇයි හොදයිය මොකක් ද කියලා ... "
නිමන්ත ඇයගෙන් එහෙම ඇහුවේ ටිකක් තදින්. කෙල්ලගේ ඇස් වලට කදුලු ඉනුවේ කවදාවත් නිමන්ත ඇයට සැරෙන් කතා කරලා නැති නිසාමයි.
" මං ... මං ... දන්නේ නෑ ලොක්කයියේ ... "
" එයා කිව්වා ඒ හැමදේකටම උත්තර තියෙන්නේ එයා ලග දවසක කියනවා කියලා ... "
" එතකන් පාඩුවේ එයාගේ කම්පනී එකේ ඔෆිස් එකේ වැඩ කරන්න එන්න කිව්වා ... "
" මේ ඇදුම් ඒකට අදින්න කියලා එයා දුන්නේ ... "
නිමන්ත කෙල්ල දිහා බැලුවේ ඇත්තද අහන්න වගේ. කෙල්ලගේ හිත ඇතුලේ තැතිගැන්මක් තිබුණත් නිමන්තට ඒ හැඟීම් පෙන්නන්න ගියේ නෑ.
" සුදු හාමිනේ ... තමුසේ තමා පොඩි කෙල්ලෙක් ... "
" කොහේ වැඩට ගියත් තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්නවා ... "
" රකේල් මහත්තයා ගැන අපි හරියටම දන්නේ නෑනේ ... "
" ඒ නිසා කරන දෙයක් පරිස්සමින් ... "
කෙල්ල බිම බලාගෙන පා ඇගිලි වලින් රටා ඇද ඇද හිටියේ සහෝදරයෙක් වගේ ඉන්න ඔහු කියන දේකට පිටින් ඇය කවදත් නොගිය නිසයි.
" මං යනවා ... පස්සේ එන්නන් තේ එකක් බීලා යන්න ... "
" හවස් නොවී පාත්ති අස්සේ රිංගන්නේ නැතිව ගෙදර යන්න සුදු හාමිනේ ... "
වෙනදා වගේම ඒ සෙනෙහෙබර වදන් ලග කෙල්ලට ඔහු ගැන ලෝබකමක් දැනෙන්නේ. ඔහු වගේ සහෝදරයෙක් තමන්ට නැති එක ගැන ඇය කවදාත් හිටියේ කනස්සල්ලෙන්. නිමන්ත නොපෙනී යන කන් බලන් හිටිය කෙල්ල ගෙදර ආවේ තවත් වැඩ කරන්න තරම් හිතේ හයියක් නොතිබුනු නිසාමයි.
•
•
•
" අම්මේ ... දැන් කොහොම ද ඔයාට ... "
වේනූෂ්ගේ මවව පරික්ෂා කරපු තරුණ වෛද්‍යවරයා එහෙම ඇහුවේ සංගීතාගේ වෛද්‍ය වාර්තා ද පිරික්සමින්.
" ඔලුව ටිකක් කකියනවා ඩොක්ටර් ...
හිසේ ඇති වු තුවාල නිසාම ඇය හිටියේ ඒ වේදනාව නිසාම අපහසුවෙන්. ඇස් ඇරගෙන ඉන්න බැරි තරම් ඒ වේදනාව ඇයට තදින් ම දැනුණා.
" ඔලුවේ තුවාල වල වේදනාව ඔය තියෙන්නේ අම්මා ... "
" මං ඒකට තව ටැබ්ලට් එකක් දෙන්නන්කෝ ... "
සංගීතගේ උරහිසට අතක් තියලා ඒ පිටට තට්ටුවක් දමමින් ඇයගේ හිත හැදෙන්පේ නොයෙකුත් දේ කියලා හැරුණේ වේනූෂ්ගේ දිහාට.
" දියර ජාති විතරක් ම දෙන්න මිස්ටර් වෙනූෂ් ... "
" පුලුවන් තරම් අම්මාව රෙස්ට් එකේ තියන්න ... "
" වෙච්ච දේවල් නම් මතක් කරන්නම එපා ... "
" තව දවසකින් දෙකකින් අපි බලමු ගෙදර යන්න පුලුවන් ද කියලා ... "
සිනාමුසු මුහුණින්ම වේනූෂ්ට එහෙම කිව්ව තරුණ වෛද්‍යවරයා රෝහල් කාමරයෙන් පිටතට ගියා.
" මහත්තයා ... නෝනාට දෙලුම් ඉස්ම එහෙම හුගාක් ගුණයි ... "
" මට බලාගන්න හම්බවුනු නෝනාලාට දුන්නේම ඒවා ... "
කමලාගේ දුව බයාදු හඩකින් එහෙම කියද්දි වේනූෂ්ට ඇය ගැන දුක හිතුනා. ඒ නිසාමයි ඇයට කරුණාවෙන් ම හැම වේලේම කතා කලේ.
" ඔයාට වයස කීය ද ... "
ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමේ කියලා කොල්ලාට හිතුනේ මවගේ සෘජු බැල්ම නිසාමයි.
" මට තවම විසි තුනයි මහත්තයා ... "
සංගීතටත් දුක හිතුනා මහ ගෑණියෙක් වගේ හැමදේම හොයලා බලලා කරන පුංචි කෙල්ල ගැන.
" මං දෙලුම් ටිකක් අරගෙන එන්නම් අම්මේ ... "
" ඒවා හදාගන්න මොනවාද ඕන නංගි ... "
කමලාගේ දුව වන මලිති වේනූෂ් දිහා බැලුවේ සිහින් මදහසක් නගා ගෙන. ඇය කලින් බලා ගත් කිසිම රෝගීයෙකුගේ පවුල් වලින් ඇයට මෙලෙස අමතා නැති නිසාම ඇයට දැනුණේ සතුටක්. රූමතියක් නොවුනත් තලෙලු සමකට උරුමකම් කියන ඇය ප්‍රසන්න පෙනුමකින් හෙබී කොන්ඩේ දිග චාම් අහිංසක කෙල්ලෙක්.
" කලින් බලා ගත්ත නෝනාලාගේ පවුලේ අය නම් ගෙනාවේ බේලෙන්ඩර් කරලා මහත්තයෝ ... "
අලුත් ආම්පන්න ගැන අම්මගෙන් ඉගෙන ගෙන තියෙන නිසා කෙල්ල හුගාක් උපකරණ වල නම් දන්නවා.
" මේ මහත්තයෝ ... අර 1900 ගානට තියෙන බෝතලේ වගේ ජූස් හදන බේලෙන්ඩර් එක ගෙනාව නම් මටම නෝනාට හදලා දෙන්න තිබුනා ... "
ඒ මොහොතෙදි ඇයට මතක් වුනේ රූපවාහිනියේ ගිය ඕන තැනක ගෙන යා හැකි ජූස් බේලෙන්ඩර් එකයි.
සංගීතාට පුංචි කෙල්ල ගැන ලෝබ හිතුනා. ඇය ආදරයෙන් බැලුවේ සතුටින් කියවන කෙල්ල දිහා.
" හරි ... හරි ... මං හොයන් එන්නන්කෝ ... "
" මොකක් හරි තිබුනොත් මට කෝල් එකක් දෙන්න මේ නම්බර් එකට ... "
මලිති අතට ඔහුගේ බිස්නස් කාඩ් පතක් තබමින් එහෙම කියලා කොල්ලා හැරුණේ සංගීතා දිහාට.
" අම්මා ... මොනවා ද තව ගේන්න ඕන ... "
සංගීතා වේදනාවෙන් බැලුවේ තම තරුණ පුතු දිහා. එදා තමාට ජිවිතේ අහිමි වුනා නම් ඔහු ජිවිතයට මුහුණ දෙන්න ඕන තනියම නේද කියලා ඇයට හිතුනා. සුව වූ වහාම ඔහුට සුදුසු කෙනෙකු සොයා විවාහ කර දිය යුතු බව ඇය ඒ මොහොතේදීම හිතාගත්තා.
" මට නෙමේ මෙන්න මේ දරුවාට ඉන්න ගමන් කන්න මොනවා හරි ගෙනත් දෙන්න ... "
" තව පොත් හරි පත්තර හරි ගෙනත් දෙන්න ... "
සංගීතා දැක්කා බත් එකක් ඔතලා තිබුණු පත්තර කෑල්ලක් මලිති කියවනවා.
" හරි අම්මා ... මං ගෙදරටත් ගිහින් ඔයාට ඕන කරන ඒවා අරගෙන එන්නන් ... "
සංගීතා ඇස් වලින් අවසර දීලා මලිති දිහා බැලුවේ ඇයටත් ටිකක් හාන්සි වෙලා විවේක ගන්නට කියන්න හිතාගෙන.
" ඔය දරුවාත් විවේක ගන්න දැන් ... "
" බේත් වලට මටත් නිදිමත එනවා ... "
මලිති හිස පමණක් වනලා දෙවියන්ගෙන් ඉල්ලුවේ සංගීතා වැනි තමන් වැනි දුප්පතුන්ගේ දුක අදුනන ඇයව ඉක්මණින්ම සනීප කරලා දෙන්න කියලයි.
වේනූෂ් රෝහලෙන් පිටතට එද්දීම වගේ ඔහුගේ දුරකථනයනට ඇමතුමක් ආවා.
" හෙලෝ ... "
" මං ... අරුණලී අයියේ ... "
ආරූගේ හඩ ඇහෙද්දි වේනූෂ්ගේ මුව මත ඇදුණේ කෙල්ල කැමතිම ඒ සිත් ඇදගන්නා සුලු හිනාව.
" කොහොම ද නංගි දැන් ... "
කෙල්ල ඒකට පිලිතුරක් නොදීම වේනූෂ්ගෙන් ඇහුවේ සංගීතාගේ සුවදුක්ම තමයි.
" සංගීත මැඩම්ට කොහොමද අයියේ දැන් ... "
කෙල්ල කතා කරන්නේ දුකින් කියලා ඇයගේ හඩින් ම වේනූෂ්ට තේරුනා.
" අම්මා දැන් නම් කතා කරලා ඉන්නවා නංගි ... "
" ඔලුවේ තුවාලේ තමා රිදෙනවා කියන්නේ ... "
" මං මේ හොස්පිට්ල් එකෙන් එලියට ආවා නැත්නම් ඔයාට කතා කරන්න දෙන්න තිබුණා ... "
කෙල්ලගේ මුවින් සැනසුම් සුසුමක් පිට වුනේ ඇය හොදින් කියලා වේනූෂ්ගෙන් දැනගත් නිසයි.
" ඔයා එක්ක කතා කරන්න ඕන කියලා කිව්වා අම්මා ... "
" ටිකක් හොද වුනු ගමන් ම නිසා එදා වෙච්ච දේවල් මතක් කරලා හිතට ප්‍රෙෂර් එකක් වෙයි කියලා ඩොක්ටර් ඒ වේලාවේ කතා කරන්න තහනම් කලා ... "
"අද හවසට මං කෝල් එකක් අරන් දෙන්නම් කියලා ෂේප් වුනේ ... "
කෙල්ලට ඇයව දකින්න තිබුණන් කියලා හිතුනා. රකේල්ගේ නිතී නිසා ඇයට කරන්නේ මොනවා ද කියලා හිතාගන්න බැරිව හිටියේ.
" අයියේ ... කරදරයක් නැත්නම් මුව හවස සංගීත මැඩම්ව බලන්න එක්ක යන්නකෝ ... "
" මට ගෙදරින් පිට යන්න අම්මා තහනම් කරලා තියෙන්නේ ... "
වේනූෂ්ට ඇය ගැන දුක හිතුනා. එදා වෙච්ච දේවල් නිසා ඇයගේ මව බියෙන් ඇත්තේ කියලා කොල්ලාට හිතුනා. තමන් නිසා ජිවිත කීයකට සැනසීම නැති වුනාද කියලා හිතෙද්දි ඔහුට දැනුණේ කනස්සල්ලක්.
" හරි බබෝ ... මං එක්ක යන්නන් වගේම ගෙදරටම ගෙනතුත් දාන්නන්නකෝ ... "
" එහෙනම් හතර වෙද්දි රෙඩි වෙලා ඉන්න මං දැන් ගෙදර ගිහින් එන ගමන් ඔයාව ගන්නන් හොදද ... "
කෙල්ලට රකේල්ගේ රකුසු මුහුණ මතකයට ආවත් සංගීතා ගැන තිබුණු ලෙන්ගතුකම නිසාම ඇය රකේල්ගේ බැනුම් ඇහුවත් කමක් නෑ කියලා හිතුනා.
" හරි අයියේ ... එහෙනම් පරිස්සමට ගෙදර ගිහින් එන්න මං ලෑස්ති වෙලා ඉන්නන් ... "
වේනූෂ්ට සමුදීලා කෙල්ල ලං වුනේ වැලිතලප වගක් හද හද හිටිය දර්ශනීගේ ලගට. රකේල්ගේ ඇදුම් බෑග් ටික නිසාම මවගෙන් බැනුම් අහලා හිටිය කෙල්ලට සංගිතාව බලන්න යන්න අවසර ගන්න එක ගැන නම් තිබුණේ දෙගෙඩියාවක්.
නැවත හමුවෙමු ...
Comments
Post a Comment