නීල නයනී 12


නීල නයනී


12_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" ඒයී ... මලිති ... හිනාව හිරකරගෙන ඉන්නේ නැතිව ඔය යසට තියෙන පනාව එලියට දාලා හිනා වෙනවා හලෝ ... "


ඔවුන්ගේ කතා වලට අපහසුවෙන් හිනා නොවී හිටපු කෙල්ලට ඇසුත් ලොකු කරගෙන අතකින් කට වහගෙන බැලුවේ සංගීතා දිහා. ඇයගේ පිස්සු කෝලම් වලට වේනූෂ්ට ඔරවගෙන හිටිය සංගීතාගෙත් හිනාවක් එලියට පැන්නේ අනිත් දෙදෙනාත් ඒ හිනාවට හවුල් වෙද්දි.


" අනේ ... මම ... හිනාවුනේ නෑ නෝනා ... "


කෙල්ල බය වුනා සංගීතා හිනා වුනාට ඇයත් එක්කත් තරහා වෙයි කියලා. ඇය දන්නේ නෑනේ සංගීතා කියන්නේ බොහෝම ආදරණීය මවක් කියන එක.


" පිස්සු කෙල්ල ... මං විහිලුවට අනේ බනින්නේ ... "


" මේ ඉලන්දාරියාගේ වැඩේ ඉතින් අහිංසක අපිව විහිලුවට ගන්න එක ... "


අත මානයේ හිටපු කොල්ලාගේ පසුපසට පහරක් දෙමින්මයි ඇය එහෙම කිව්වේ. කොල්ලාත් කෙල්ල දිහා බලලා නෝන්ඩියට වගේ හිනා වෙද්දි. ඇය එයටත් අහිංසකව හිනාවුනා විතරයි.


" හරි ... හරි ... ඒවා වැඩක් නෑ පුතා ... පොලිස් ස්ටේෂන් එකට ගිහින් එන්න යන්න ඕන කිව්වා නේද ... "


වේනූෂ් හිත යටින් මවගෙන් සමාව ඉල්ලුවේ ඔහු කියපු බොරුව නිසයි. ඇත්තටම ඔහු ආරූ අසනීපෙන් කිව්ව නිසාම බලලා එන්න.


" ආහ් ... ඔව් ... ඔව් ... අම්මා ... "


" මං ටිකක් බලලා එන්නම් ... "


එහෙම කියමින් ඔහු එතනින් පිට වුනේ ඔහුගේ හොර හිත මවට අහුවෙයි කියන බයටයි.


" මට කොල්ලාගේ හොර බැල්ම නම් ඇල්ලුවේ නෑ නීලෝ ... "


" අද නම් ගියේ පොලිසියට වෙන්න බෑ ... "


නිලානීත් හිස වැනුවේ ඇයටත් ඔහුගේ වෙනස තේරිලා තිබුණු නිසාමයි.


" දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ... " 


" පොලිසීයේ වැඩ කරන නිසාම ද මන්දා අවංක වෙන්න පුරුදු වෙලා මට ලස්සනට බොරුවක්වත් කියන්න බෑනේ ... "


නානා කාමරයේ පිටතට ආවා කොල්ලා ඔහුගේ කාමරයට යන්න ගිහිනුත් නානා කාමරය බිත්තියට මුවා වී නතර වුනේ ඔහුගේ හොරය මවගේ කටින් එලිවෙද්දියි.


" දැන් ඉතින් කනක් ඇහිලා මේ ගෙදර නම් ඉන්න වෙන්නේ නෑ  ... "


" සල්ලි දීලා හරි අම්මාට ලේලී කෙනක් ගෙනත් දීලා මට සැනසීම ඉන්න තිබුණන් කියලා හිතෙනවා දැන් නම් ... "


" ඒත් ඉතින් අපේ අම්මාට ඒත් මදි ... දරුවෙකුගේ මූණත් බලන්න ඕනලුනේ ... "


කොල්ලා තම කාමරයට විත් කියව කියවමයි ඇදුමක් දාගත්තේ ආරූව බලන්න යන්න හිතන්. ඒ කට එක එක විදියට වෙනස් වෙනවා. කවුරු හරි දැක්කොත් ඔහුට හෝ ඇයට හිතෙයි තරුණයෙකු නොව මොහු නම් තවමත් ලදරුවෙකු කියා. ඒ තරමට හුරතල් ඔහුගේ හැසිරීම්. පොලිසිය තුල දරදඩු නිලධාරියෙකු වුවත් ඔහුගේ සැබෑ චරිතය හරිම ආදරණීයයි.


" ඔන්න දකුණු කකුල පෙරට තියලා මං අම්මාගේ ලේලී බලලා එන්න යනවා ... "


" දැම්මා කිව්වා ... අම්මාගේ වාසනාව තමයි එයා මට කැමති වුනොත් ඈ ... "


රකේල් නිසාම ඒ හිතට පුංචි බයකුත් තියෙනවා. ඒත් ඇයව අත හරින්න ඔහුට ලෝබ හිතුනා. ඒ නිසාම ඔහු තීරණයක් ගත්තා උත්සාහ කරලා බලන්න ඕන කියලා. 


හිස් අතින් අසනීප ඇයව බලන්න යන්න හොද නෑ කියලා ඔහුට හිතුනේ. ඒ නිසාමයි වේනූෂ් ඇය වෙනුවෙන් සුපිරි වෙලද සැලකට ගොඩ වී පලතුරු වගේම ඇය කැමති වෙයි කියලා හිතෙන බොහෝමයක් දේවල් ගත්තේ.


" අරුණලීගේ අම්මා නම් මට අකැමැති වෙන එකක් නෑ ... "


" ඒත් ආරූගේ හිතේ රකේල් හිටියොත් ... "


වේනූෂ් වෙලදසැලෙන් පිටතට ඇවිත් ඇයගේ නිවසට යන්න කාර් එකට ගොඩවෙලත් හිතුවේ අද මේ යන ගමනින් තම ජිවිතයේ හිස් වුනු තැන් වෙනස් වෙයි කියලාමයි. කුලුදුලේ ඔහු මේ ගමන තනියම යන්න හිතුවේ මවට බලාපොරොත්තු දීලා ඒ හිත රිද්දන්න බය හිතුනු නිසයි.


ආරූට කෑමත් කවලා බෙහෙත් ටිකත් දීලා නිදාගන්න කියාගෙන දර්ශනී කාමරයෙන් පිටත ආවේ නිමන්තට ඇය සමග කතා කිරීමට අවශ්ය බව කියා තිබුණු නිසාමයි.


" නිමන්ත පුතා ... තේ එකක් බීලාම අපි කතා කරමු ... "


පුටු සෙටියේ ඇන්දට හේත්තු වී කල්පනාවක හිටි නිමන්ත ගැස්සීලා වගේ බැලුවේ දර්ශනී දිහා.


" දැන් එපා නැන්දා ... "


" අපි ටිකක් එලියට යමු ද ... "


මොකක් නමුත් බැරෑරුම් කතාවක් කියලා නම් ඇයට හිතුනා. හිතේ චකිතයක් ඇති වෙද්දි ඇයත් නිමන්තගේ පසුපසින් මිදුලට ඇදුනා.


" මොකක්ද පුතා හිතේ තියාගෙන ඔය තරම් කල්පනා කරන්න තියෙන දේ ... "


නිමන්තගේ මුව මත හසරැල්ලකින් පිරිලා ගියේ ගැහැණුන්ට සහජයෙන් ම ලැබෙන ඉව ගැන තහවුරු නිසා.


" මේකයි නැන්දේ ... නංගි මට මගේ සහෝදරියක් වගේ ... "


" ඒ නිසා ඒකීට හරියනවා නම් මං තරම් සතුටු වෙන කෙනෙක් තවත් නෑ ... "


" ඉතින් මං නැන්දාගෙන් ප්‍රශ්නයක් අහනවා ... "


" මට කෙලින් උත්තරයක් ඕන ... "


දර්ශනීගේ වතේ ඇදුණේ බැරෑරුම් පෙනුමක්. ඇය හිස වැනුවේ ඔහුගේ වචනයට එකගවෙමින්.


" රකේල් මහත්තයා අපේ නංගිට කැමතියි නැන්දේ ... "


" මට ඒක කෙලින්ම කිව්වා අද ... "


" නැන්දා මොකද හිතන්නේ රකේල් මහත්තයා ගැන ... "


නිමන්ත දැක්කා දර්ශනීගේ අතත් වේවුලන්න ගන්නවා. ඔහුට ඇය ගැන බයකුත් නොදැනුනාම නෙමේ. ඒත් කවදා හෝ මේ ප්‍රශ්නයට ඇයට මුහුණ දෙන්න වන නිසාම ඔහු තීරණය කල පිරිමියෙකු නැති ගෙදරට පුතෙකුගේ සහෝදරයෙකුගේ යුතුකම ඔහුගෙන් ඉටු කරලා ඔවුන්ව හැම තැනකදීම බලාගන්න.


" මේකයි පුතා ... මම ජිවිතේ අත්විදපු දේවල් එක්ක මං කැමති නෑ රකේල් මහත්තයා වගේ හුගාක් තරහා යන දඩබ්බරයෙක්ට මගේ දරුවා ව දෙන්න ... "


" අපි වගේ දුප්පත් උදවියට සල්ලි තියෙන පවුල් වල උදවියත් එක්ක හැප්පෙන්න බෑ පුතා ... "


" ඒ නිසා මම මේ කටයුත්තට කැමති වෙන්නේ නෑ ... "


" තවත් දර්ශනී කෙනෙක් වෙයි මගේ කෙල්ලත් උන්ට එපා වෙද්දි ... "


දර්ශනී කතා කරන්නේ ඇය ජිවිතේ විදි අත්දැකිම් වලින් කියලා නිමන්ත දන්නවා. ඒත් නිමන්තට රකේල්ගේ ඒ ආදරේ බොරුවක් කියලා හිතන්නත් හිත නැමුණේ නෑ. රකේල්ගේ වචන වල ඇති පැහැදිලි කම හා අවංක බව නිසාම උදව් නොකර කුහකයෙක් වගේ නිශ්ශබ්දව ඉන්න නිමන්තට බැරි වුනා. 


" නැන්දේ මාත් කොල්ලෙක් ... "


" ඒ හිතේ නංගි වෙනුවෙන් තියෙන ආදරේ කැපවීම නොතේරෙන්න තරම් මං පොඩි එකෙක් නෙමේ ... "


දර්ශනී ඔහු කියන දේවල් අහගෙන හිටියේ එතරම් කැමැත්තකින් නෙමේ. 


" නංගිව නොලැබුණොත් රකේල් මහත්තයා මොනවා කරයි ද කියලා මට නම් හිතාගන්නවත් බෑ ... "


" ඒ තරමට ඒ බැදීම ශක්තිමත් නැන්දේ ... "


" කෙල්ලෙක්ට ලැබෙන්න ඕන තමන්වාදරේ කරන කෙනෙක් නෙමේ නැන්දේ තමන්ට ආදරේ කරන කෙනක් ... "


දර්ශනීගේ ඇස් කදුලු වලින් බොද වෙන්න ඒ හැටි වේලාවක් ගියේ නෑ. ඇයට මතක් වුනේ ඇයගේ සැමියා වු මිගාරට ප්රථමයෙන් ආදරේ කලේ තමන් නේද කියන එක. ඒ ඔස්සේ තමන්ගේ කැමැත්තක් ඇති බව වැටෙහෙද්දි ඔහුත් ඇයට ලං වුනා මිසක එතන ශක්තිමත් බැදීමක් නොතිබුනු බව ඇයට දැන් තමයි තේරෙන්නේ. නිමන්ත කියන දේවල් නිසාම රකේල්ට දියණීය දීමට හිත හදාගන්න ඇයට බැරි වුනා.


" රන්දුනු වගේ පියෙක් ඉද්දි සැනසීමෙන් පවුල් කන්න ලැබෙන එකක් නෑ පුතා ... "


" අපි තවත් ඔය ගැන කතා කරන එකේ තේරුමක් නෑ ... "


" තේ එකක් බීලා ඉමු පුතේ ... "


නිමන්තව අඹ ගහ යට ලී වලින් සාදා ඇති බංකුවේ තනි කර එයින් නැගිටිමින් දර්ශනී නිවස තුලට වුනේ ඔහු වෙනුවෙන් තේ එකක් පිලියෙල කරදීමටයි.


" නැන්දා මොනවා හිතුවත් නංගිව රකේල් ලේසීයෙන් වෙන එකෙකුට දීලා අහක බල ගනී කියලා මං හිතන්නේ නෑ ... "


"  ඒකා හොදින් හරි නරකින් හරි නංගිව එයා ලගට ගන්නවා කියලා මට විශ්වාසයි ... "


" නැන්දා ම හිමීට ඔය ගැන හිතලා තේරුම් ගනී ... "


නිමන්ත තනියම කල්පනා කරන ගමන් හිතුවෙත් රකේල්ගේ හැටි මේ ටිකට තේරුම් අරගෙන තිබුණු නිසාමයි.


" මං ලග ඒකීට මොනතරම් ආදරේ තිබුණත් රකේල් මහත්තයාට වගේ සල්ලි මං ලග නෑනේ ... "


" ඉතින් ඒකී හරි අපි වගේ දුක් විදින්නේ නැතිව සතුටින් ඉන්නවා නම් ඒ මට ඇති ... "


ඒ යටිහිත මොනතරම් අඩා වැටුනත් ඔහු ඒ හැඟීම් පිටතට එන්න දුන්නේ නෑ. නිමන්ත ඇයට ආදරේ කලේ කුඩා කල සිටමයි. ඔහු වයසින් මුහුකුරා යද්දි ඇය උස් මහත් වුනේ ඔහුගේ ඇස් මායීමේමයි. ඉතින් ඒ තුරුණු හිතේ ඇය නමින් පොදි බැදගත්ත ආදරේ දවසින් දවස වැඩි වුනා. ඒත් ඔහු ඇයගේ ජිවිතයේ හෙට දවස ගැන හිතලා සොහොයුරෙක් සේ ඇයට ආශිර්වාද කර පිටමන් කරන්න ඒ හිත හදාගත්තා.





" උබ ඔය කෑම ගන්නේ පොඩි එකෙක්ට ද ... "


ටොෆියේ ඉදලා ඇය සතුටු වෙයි කියලා හිතෙන හැම දෙයක් ම ඔහු ගත්තා. මේ දිහා බලන් හිටිය ප්රමේෂ්ට නම් දැන් පිස්සු වගේ. කඩයක් දාන්න තරම් බඩු රකේල්ගේ බඩු ලිස්ට් එකේ තිබුණා. ඒ අතර ෂැම්පු මුහුණු ආලේපණ වර්ග ද ඇයට අවශ්‍යම වෙන සනීපාරක්ෂක තුවා ද ඒ අතරට එකතු වෙලා තිබුණා.


" ඔව් ඉතින් ... මගේ කෙල්ල තවම පොඩියි තමයි ... "


" විසි දෙකක් කියන්නේ වයසක් ද බං ... "


ප්රමේෂ් අහක බලාගෙන හිනා වුනේ පෙරදාක ඇය ඔහුගේ පරම හතුරියක් සේ සිතමින් නොසරුප් වදන් වලින්ද බැන වදිමින් ගෙවු හැටි මතකයට නැගෙද්දියි.


" මොකද දැන් උබ හිනා වෙන්නේ ... "


තම මිතුරාගේ නසරාණි හිනාව රකේල්ට ඇල්ලුවේ නෑ. ඒ නිසාමයි විමසුම් බැල්මක් හෙලමින්ම ඔහු එහෙම ඇහුවේ.


" නෑ ... ඉතින් කොහොම හිටපු ජෝඩු ද නේද බං දැන් එක අත්තේ වහන්න හදන්නේ ... "


" අනික උබ කියන විදියට නංගි පොඩියි නම් උබ කරන්නේ බාල අප/ රාධ/ නේ ඉතින් ... "


රකේල්ගේ මුව මත ඇදුණු මනමාල හිනාවෙන්ම ඔහු කියන්න යන දේ ඒ තරම් හොද වෙන්නේ නෑ කියලා ප්රමේෂ් අත්දැකීමෙන් දන්නවා.


" ඉස්සර දහ අට වෙන්නත් කලින් බැදලා ළමයිනුත් හදපු කෙල්ලොනේ බං හිටියේ ... "


" ඉතින් මගේ කෙල්ලට විස්සත් පැනලානේ ... "


" ඒ නිසා හෙට බැන්දත් අවුලක් නෑනේ මචං ... "


ඇහකුත් ගහලා ලස්සනට හිනාවෙන මනමාලකම බේරෙන ඒ විසේකාර කොල්ලා දැක්කාම ප්‍රමේෂ්ගේ හිතට දැනුණේ සැනසීමක්. ඔහු කෙල්ලට පිං දුන්නා රකේල්ගේ ජිවිතේට මේ තරම් සතුටක් සැනසීමක් වෙනවාට.


මග දිගට ඔහුට මතක් වෙන මතක් වෙන එකත් අරගෙන කාර් එක පුරව ගනිද්දි ප්‍රමේෂ් මුවින් නොබැන රකේල්ට රව රව ඉවසගෙන හිටියා. කොල්ලා නම් හිටියේ හුගාක් සතුටින්. ඒ ඇය වෙනුවෙන් ගන්න පුංචි දේත් ඔහුගේ හිතට හුගාක් දැනෙන නිසා.


" උබ එරෙව්වට මට කමක් නෑ ... "


" මගේ මැණික කැමතිම දෙයක් මට මග ඇරුණොත් කියන බයට බං මේ ඔක්කොම අරගෙන යන්නේ ... "


" දවසක උබටත් තේරෙයි එහෙම දවසක් ආවහම ... "


" අන්න එදාට මාත් ඔරවන්නන්කෝ ඈ ... "


නෝන්ඩියට වගේ ප්රමේෂ්ට හිනාවෙලා එහෙම කිව්ව කොල්ලා කෙල්ලගේ නිවසට යන්න කාර් එක පනගැන්නුවා.


රැකියාව යන්න ඕන නිසාම දර්ශනී දුන් තේ එකත් බිව්ව නිමන්ත ඔහුගේ බයික් එකෙන් නිවසට ගියේ ඉක්මණින්ම සුදානම් වී පිටත් වෙන්න ඕන නිසාමයි.


ප්රමාද වු තිබු නිසාම බයික් එකේ වේගය වැඩි කරමින් නිවසින් පිටත් වුනු ඔහුට එන්නට ලැබුණේ ටික දුරයි. ඔහුට ඉදිරියෙන් වේගයෙන් පැමිණි මෝටර් රථයේ ගැටී ඔහු ඉදිරියට විසි වෙලා ගියේ කඩය සමීපයේ සිටි සියලු දෙනාම කෑ ගසා ගෙන අනතුර සිදු වු තැනට දුවද්දී.


සියලු දෙනාගේම හදවත කම්පනයට පත් වෙලා වගේ. නොසිතූ මොහොතක සිදු වු අනතුරත් එහි නටබුනුත් ඇස් ඉදිරිපිට තියෙද්දි ඒ හිත් වලට බය කාන්දු වෙන එක අරුමයක් නෙමේ. නිමන්තගේ මෝටර් සයිකලයේ ගන්නට දෙයක් නැත. මෝටර් රථය තවමත් මාර්ගයෙන් පිටතට පැන අසල වු විදුලි කණුවක ගැටී සුන් වී කෑලී එල්ලෙමින් තිබුනා.


" ඉක්මණට වරෙල්ලා ... මේ මිනිස්සුන්ව බේර ගන්න පුලුවන් ද බලන්න ... "


කඩේ මුදලාලි මුලින් ම මහා හඩින් ගෝරනාඩු කරද්දී කම්පනයෙන් සිටි පිරිසත් ලහි ලහියේ අනතුර සිදුවු තැන් දෙකට කට්ටි බෙදෙමින් දුවන්නට වුනා.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 16

නීල නයනී 10