නීල නයනී 16


නීල නයනී


16_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" දගලන්නේ නැතුව ඉන්නවා ... "


" කිස් එකක් දුන්නේ නැතුව රේප් කලේ නෑ  ... "


ඇයට නොරිදෙන්න තුරුල් කරගෙන හිටිය කොල්ලා ඒ නලලත මෘදුව සිප ගත්තේ ඇය වෙනුවෙන් ඒ නපුරු හිතේ ඇති ආදරය තව තවත් වැඩි වෙද්දි. ඇයව අත හරින්න ලෝබකමක් හිතට දැනෙද්දි තව තවත් ඒ තුරුලේ ඇයව හිර කරගත්තේ කෙල්ලත් ඒ උණුසුමට නතුවෙද්දියි. ඒත් ඇය සිටින හැටි මතක් වුනු තත්පරයේ ඇය ඔහුගේ තුරුලෙන් ඉවත් වෙන්නට උත්සාහ කරත් කොල්ලාගෙන් ඉඩක් ලැබුණේ නෑ.


" අද විතරයි ඕ/යී ... "


" ආයෙමත් දවසක මෙහෙම ඉන්නේ ත/මු/සේ/ත් කැමති වුනු දවසට තමයි ... "


" මට ලාදුරු වගේනේ හරියට දඟලන්නේ ... "


" ඕවාට පොලිත් එක්ක දවසක ගන්නවා නංගි ඈ ... "


ඇයව තම තුරුලෙන් ඈත් කරන ගමන් ඔරවගෙන කොල්ලා එහෙම කියද්දි ලැජ්ජාවෙන්ම ආරූ ඒ ඇස් බිමට නැඹුරු කරගත්තා.


" යමු ... යමු ... නැත්නම් මේ ජම්බෝලේ අපිවත් නරක් කරනවා ... "


" වෙනදාට මාව උස්සලා පොලොවේ ගහන්න හදන කට අද කොහේ ගිහින්ද මන්දා ... "


කෙල්ල හිත ඇතුලෙන් ඔහුට දෙහි කපන ගමන් ආදරේ කරනවා.


" යකඩයා වගේ මාව ඇදලා අරගෙන හිර කරගත්තා මදිවට ඉ/බ/ලා අහිංසක මාව නොමගත් යවනවා ... "


" අම්මේ ලග තියෙන සුවද ගිලින්න හිතෙනවා අප්ෆා ... "


ඇස් එහාට මෙහාට කරකව කරකව කෙල්ල මොනව මොනවාදෝ හිතනවා කියලා කොල්ලාට තේරුනා. ඔහු හිනාවේවීම බලන් හිටියේ ඇයගේ බාලංශ වැඩ දිහා.


" තත්වෙට හොද මදි නිසානේ සත්තලනේ ඈත් වුනේ ... "


" මං කැමති නෑ වගේ පෙන්නුවට ඔයා සැලෙන්න එපා මැණික ... "


" තව ටිකක් හිර වෙන්න තු/රු/ල් කරගෙන උ/ම්/මා දෙන්නකෝ ... "


ඒ කට උල් කර කර එකම කෝලමක්. ඇය ලගදී ඒ දඩබ්බර හිත දැන් නිවෙනවා. නපුරුකම් කලත් ඔහුත් දැන් පෙම්වතෙක්. ඇයත් එක්ක ජිවිතේ ලස්සන කරගන්න ඔහු හැම මොහොතෙම දැන් හීන දකිනවා. ඒත් ඒ හිතේ බයකුත් තිබුනා රන්දුනුගෙන් ඇයට කරදරයක් වෙයි කියලා. ඒ නිසාම ඔහුගෙන් දැන් ඇයට ඉඩක් ලැබෙන එකක් නෑ ඒ ඇස් මායිමෙන් ඈතට යන්න.


" ඒයී ... ඔය මට බනිනවා ද ආ ... "


කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ කොල්ලා ටිකක් සද්දෙට එහෙම අහද්දි.


" අනේ ...හ් ... නෑ ... නෑ ... චුටි මහත්තයා ... "


" මං සිංදුවක් කිව්වේ ... ඔව් ... "


කිසිම ගැලපීමක් නෑ කෙල්ලගේ කතාවේ සිංදුවක් කියද්දි මුහුණක ඇති වෙන වෙනස කොල්ලා හොදට අදුනනවා. ඔහු දන්නවා කෙල්ල ඔහුවත් ඈද ගෙන මොනවා හරි හිතුවා කියලා.


" හරි ... එහෙනම් කියනවා බලන්න දැන් කිව්වයි කියන සිංදුව ... "


කෙල්ලට ඒ සී එකෙත් දහඩිය දාන්න පටන් අරන්. ඇය වටපිට බැලුවේ මෙතනින් පැනලා යන්න විදියක් හිතමින්මයි.


" මේ ... මේ ... චුටි මහත්තයා ... මට .. වොශ් රූම් යන්න ඕන ... "


හිත ඇතුලෙන් ඇති වුනු න/ස/රා/නී හිනාවත් සගවගෙන කෙල්ල ලැජ්ජාවෙන් වගේ එහෙම කියද්දී කොල්ලා නෝන්ඩියට වගේ හිනා වුනේ ඕවාට මං අහුවෙයි කියන්න වගේ. 


" හරි ... හෙට ඔෆිස් එකට ආහම කියනවාකෝ බලන්න ඔය මහ ලොකු සිංදුව ... "


ඉබේ ම කෙල්ලගේ අත ඇවිත් නතර වුනේ නලලේ. ඒත් කලබලයෙන් ඇය අත පහලට දාලා අහිංසක මුහුණක් මවා ගත්තේ කොල්ලාගෙන් බේරෙන්න වගේ.


" කියපු බොරුවේ රගේ ඇවිත් නතර වුණේ නලලේ නේද මැණික ... "


කෙල්ලට කාර් එකෙන් එලියට පැනලා දුවන්න හිතිලා තියෙන්නේ. ඒත් කොල්ලාගෙන් බේරුමක් නෑ කියලා දන්න නිසාම ඒ අදහස අත ඇරගත්තා.


" ෂ් ... ෂ් ... චුටි මහත්තයා කියනවද බො/ල අනාගත හබීයාට ... "


" ඔෆිස් එකේදි කියලා නෑ මට ඕක නම් කියාගෙන එන්න එපා ... "


" දෙනවා දත් සෙට් එක බිමට වැටෙන්න ... "


කෙල්ලගේ ඇසුත් ලොකු වෙලා. කොල්ලා ආයාසයෙන් හිනාව තද කරගෙන ඇය දිහා බලන් හිටියේ.


" හරි දැන් කියනවාකෝ බලන්න මට මොකක් කියලාද කතා කරන්නේ ... "


කෙල්ල ඇසුත් හීනී කරගෙන කල්පනා කලේ මොකක්ද දැන් කියන්නේ කියලා හිතාගන්න බැරිව.


" ගස් ගෙ/ව/ල/යා කියන එක ද හොද නැත්නම් හිවල් ත/ඩි/යා කියන එක ද ... "


කෙල්ල දහය විස්ස තිහ ගණන් කලේ අතේ ඇගිලි නව නව. රකේල් පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ කෙල්ලගේ ඇගිලි දිහාත් ඒ තොල් මතුරන කට දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.


" මොකක්ද අයි/සේ ඔය කරන්නේ ... "


ඉවසලා ඉවසලා බැරිම තැන කොල්ලා එහෙම කිව්වේ.


" ගස් ගෙ/ව/ල/යා ... "


ඉබේ ම ඇයට එහෙම කිය වෙද්දි රකේල් රවාගෙන හිටිය කෙල්ල ඒක කිව්වේ තමන්ට කියලා තේරෙද්දි.


" මට ද ගස් ගෙ/ව/ල/යා කිව්වේ ආ ... 

"


කට නිසා මාලුව නහිනවා වගේ කෙල්ල කාර් එකේ දොර මුල්ලට ම ගියේ කොල්ලා ඒකට නම් ගහයි කියලා හිතෙද්දි.


ආහ් ... නෑ ... නෑ ... මහත්තයෝ ... "

 

" මං ඒක කිව්වේ චුට්ටේ මල්ලිව මතක් වෙලා ... "


" මේ ... මේ ... එයා ඊයේ මං කකා හිටිය මුරුක්කු ටිකත් අරගෙන දිව්වානේ ... "


කොල්ලා ඔලුවේ අත ගහ ගත්තේ තමන් ආදරය කරන්නේ නර්සරි බබෙක්ට ද  කියලා හිතමින්.


" මට දෙයියන්ගේම පිහිටයි ... "


" මදැයි ඉදලා ඉදලා කෙල්ලෙක්ව තෝර ගත්තා ... ":


"අංගොඩ නොගිහින් බේරුනොත් ඇති ... "

ආරූ අතින් කට වහගෙන කවුලුවෙන් පිටත බලා ගත්තේ තමන් කියපු බොරුව කොල්ලා පිලිගත්තා කියලා හිත යටින් හිනා වෙමින්.


" කියන බොරු වලට මං දෙන්නන් වේලාවක කන පැලෙන්න ... "


ඒ ඇස් වල ඇති ආදරණීය තරවටුව දකිද්දී කෙල්ල තම අත දිහා බලා ගත්තේ ඔහුගේ ඇස් වල බැල්මෙන් මිදෙන්නත් එක්ක. 


" දැන් ගෙදර ගිහින් නාන්නේ නැතුව වොශ් දාගෙන ටිකක් රෙස්ට් කරන්න ඕන හරිද ... "


" නැත්නම් ආයෙමත් ලෙඩ වෙයි ... "


කෙල්ල හිස පමණක් සොලවමින් පිලිතුරු දෙද්දි කොල්ලා ආදරයෙන් කෙල්ලගේ හිසත් පිරිමැදලා කෙල්ලත් එක්ක ගෙදරට ආවා. ඇය සිටි අසුන හිස් වෙද්දි කොල්ලාගේ මුවින් පිට වුනේ බරැති සුසුමක්. නිවසට එන තෙක් ඔහු කාර් එක පදවගෙන ආවේ ඇයගේ දග වැඩ ගැන සිතමින්මයි. ඒ නපුරු වතේ අද සිනහාවකින් හැඩවෙලා. 


" උ/බ මාව වෙනස් කරනවා මැණික ... "


" මට දැන් උ/බ නැතුව හුස්ම ගන්නත් බැරි තරම් ... "


" ඒත් මට කරන්න වැඩ ටිකක් තියෙනවානේ ... "


" ඒ ටික ඉවර කරගත්ත දවසට උ/බ/ව ලස්සන මනමාලියක් කරලා මං අරන් යනවා ... "


කොල්ලා වලව්වට යනකන්ම ඇය එක්ක ගෙවන ජිවිතය ගැන හීන දැක්කා.





කෙල්ල කලින් ම රෑට කෑමත් කාලා බෙහෙත් ටිකත් බීලා කාමරයට ගියේ හෙට දින කොල්ලාගේ ඔෆිස් එකට ඇදගෙන යන්න ඇදුමක් ලෑස්ති කර තබන්න හිතාගෙන. ඒත් ඇයගේ හිතට හරි නෑ. දර්ශනී වගේම කෙල්ලත් හිටියේ හරිම දුකින්. ඒ මිගාර ගැන රමේෂ්ගෙන් දැනගත්ත කරුණු නිසා. ඇයට අද මවගේ වෙනස් වීම තදින් ම දැනුණා. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටින නිසාම රාත්‍රී ආහාරයෙන් පසු ඇය නිදා ගන්නකන් ඉදලා තම කෙල්ල කාමරයට ආවේ.  


" ප්‍රශ්න මදිවට ප්රශ්න එන්නේ ඇයි දෙයියනේ ... "


" අම්මා දැන් අප්පච්චි කියන මනුස්සයා ගැන හිතලාම ලෙඩ වෙයි කියලා බයයි මට ... "


කෙල්ල පොත් මේසය මත හිස ගසා ගත්තේ මව ගැන බියක් ඒ හිතට දැනෙද්දි. ඒ මොහොතෙම කෙල්ලට මතක් වුනේ රකේල්ව. ඒ හිතට සැනසීමක් ඔහු මතක් වෙද්දිත්. මහා ආරක්ෂාවක් දැනෙන්නේ ඔහුගෙන්. ඇයගේ කල්පනාවට තිත තබමින් රකේල් ඇයට දුන්නු දුරකථනය නද දෙන්න ගත්තා.


" හෙලෝ ... "


රකේල් කියලා දුරකථනයේ තිරය මත වැටෙද්දී හිතට දැනුණු කෝල කමින්  කෙල්ල ඇමතුමට සම්බන්ධ වුනා.


" මොකද කරන්නේ මගේ සුදු නෝනා ... "


කෙල්ලගේ මුව ගොලු වුනේ ඔහුගෙන් ලැබුණු ඒ ආදරණීය ආමන්ත්‍රණයට. 


" කෝ ... මගේ බොරුකාරී ... "


කෙල්ලගේ මුවේ ඇදුණේ දඟකාර මදහසක්.


" කතා නොකලොත් කොල්ලා ගෙදර ඉදී ඈ ... "


කෙල්ල කලබල වුනේ ඔහු කිව්වා වගේ ම කරන බව දන්න නිසයි.


" මං නිදා ගන්න හැදුවේ මහත්තයා ... "


රකේල්ට ඇයගේ කට හඩේ වෙනසක් දැනුණා. 


" ත/මු/සේ ඇඩුව ද ... "


කොල්ලා සැරෙන් වගේ අහද්දී කෙල්ල බයට ම නිරුත්තර වුනා. 


" මගේ තරහා නම් අවුස්සන්න එපා ආරූ ... "


තවත් ඔහුව තරහා ගස්සන්නේ නැතුව කෙල්ල කතා කලා.


" මට අප්පච්චිව මතක් වුනා ... "


කොල්ලාට දුකයි ඇය ගැනත් දර්ශනී ගැනත්. ඔහු හිතා ගත්තා කෙල්ලගේ නිවසේ හැමදේම හොයලා බලලා කරලා දෙන්න ඕන කියලා.


" මේ අහන්නකෝ ... මටත් අප්පච්චි කෙනෙක් ඉන්නවා තමයි ඒත් නමට ... "


" ඒ අපේ ලැබීම මැණික ... "


" මේ තරම් කල් ඔයාටවත් මටවත් ඔය කියන මනුස්සයා හිටියේ නෑ නේද ... "


කෙල්ල එහා පස සිට හූල්ලන එක කොල්ලාටත් දුකක්.


" ඉතින් ඇයි අපිට ආදරේ නැති අපි ගැන හිතන්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන් දුක් වෙන්නේ ... "


" ඔයා ඕන මැණික අම්මාටත් හයියක් වෙලා එයාව සතුටින් තියන්න ... "


" කවුරු නැතත් මං ඉන්නවානේ ... "


කෙල්ලගේ හිතට හයියක් මවත් තමාත් දැන් තනි වෙලා නෑ නේද කියලා හිතුනා.


" මහත්තයා කෑවා ද ... "


කොල්ලාගේ හිත පිරෙන්න ඒ වචන ටිකම ඇති. මවටත් ප්රමේෂ්ටත් පස්සේ ඔහු කෑවාද කියලා ඇහුවේ ඇය විතරයි. ඉතින් තමන් ආදරේ කරන කෙල්ල ම එහෙම අහද්දි කොල්ලාට හුගාක් වටිනවා.


" ඔව් ... මගේ මැණික කෑවා ද ... "


කෙල්ලට ඔහුගේ වචන තවම නුහුරුයි ඇයගේ හිතම හිරිවට්ටනවා.


" ඔව් ... මහත්තයා ... "


මොහොතක් ගෙවුනේ නිහඩව. කොල්ලා හිටියේ දුරකථනයේ තිබුණු ඇයගේ ඡායාරූපයක් දිහා බලා ගෙන. බැල්කනි එකෙන් හමන සුළග ඒ පිරිමි හිත ආදරණීය හැඟීම් වලින් අවුස්සනවා. ඇයගේ ඡායාරූපය සිප ගෙන දුරකථනය හරහා ඇහෙන ඇයගේ සුසුම් වල හඩට ඔහු කන්දුන්නා. අමුතු හැඟීමක්. තමන්ගේ ශරීරයේ අනිත් කොටස වගේ කියලා දැනෙන්නේ. මහා ලෝබකමක් එක්ක දැනෙන ඒ සිතුවිලි රකේල්ව තවත් ආදරණීය කරනවා.


" මං වීඩීයෝ කෝල් එකක් ගන්නවා ආන්සර් කරනවා ... "


ඔහුත් සමග නොපෙනී ඇමතුමට සම්බන්ධ වී කතා කලත් ලැජ්ජාවෙන් ඇඹරෙන කෙල්ල ඔහුගේ දිහා බලාගෙන කතා කරන්නේ කොහොමද. ඒත් ඔහුගෙන් දොස් අහන්න බැරි නිසාම ඔහු ගත් ඇමතුමට ඇය සම්බන්ධ වුනා. රකේල්ගේ ඇස් ඒ හුරුබුහුටි සුන්දර උවන පුරා කලබලයෙන් යද්දි ආරූගේ හද ගැස්මත් වැඩිවුනා. 


" මගේ රෝස මල ... "


කොල්ලාගේ මුවින් ඉබේ ම එහෙම පිටවෙද්දි කෙල්ලව තව තවත් ලැජ්ජාවෙන් ම රතු වුනා.


" ත/මු/සේ ඔහොම ඇදගෙන නම් යාලුවෙක්ටවත් කෝල් ගන්න එපා හරිද ... "


කොල්ලා කැමති නෑ ඇයව වෙන කවුරුවත් මේ ඇදුමකින් දකිනවට. බොරු තරහක් මවාගෙන ඇයට සැර කලේ ඒකමයි. ඒත් ඇය කලබල වෙන හැටි දකිද්දි කොල්ලාට දුක හිතුනා. ඒ නිසාම සැර අඩු කරලා ඇයට කතා කලා


අසනීපෙන් සිටි නිසාම පිජාම කිට් එක නැතුව සැහැල්ලු රාත්‍රී නිදන ගවුමක් ඇදගෙන තමයි කෙල්ලත් හිටියේ. 


" දැන් ... එබී ... එබී පේන ඒවා බල බල රතු වෙන්නේ නැතුව දගලන්නේ නැතුව ඔහොම ඉන්නවා ... "


කෙල්ල හිටියේ හුගාක් අපහසුවෙන්. කොල්ලා ඉතින් පුරුදු විදියට ම අහක බලාගෙන හිනාවෙනවා. ඒක දැක්ක කෙල්ලට ඔරවගෙන වගේ රකෙල්ට නොපෙනෙන්න මූණ හංග ගත්තා.


" මගේ සුදු නෝනා ඔරවගෙන ඉද්දිත් මාර ලස්සනයි අප්ෆා ... "


" දෙන්න ද උ/ම්/මා එකක් ... "


කෙල්ලත් කොල්ලාට ගස්ස ගෙනම ඉවත බලා ගත්තා.


" හෙට එන්නකෝ නෝනා ඔෆිස් එකට ... "


" බොරු කියපුවගෙයි ගස්සපුවගෙයි රිටර්න් එක දෙන්නන් ... "


ආරූත් කපටි නෑ අහිංසක බැල්මක් ආරූඪ කරගෙන ම කොල්ලා දිහා ඇස් උස්සලා බැලුවා. ඇයගෙත් ඔහුගෙත් ආදරයේ ඇරඹුම එහෙම පටන් ගද්දි තව පිරිසක් ජිවිතේ විදවමින් වගේම ඔවුන්ට උගුල් අටවමින් ම හිටියා.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 10