නීල නයනී 11


නීල නයනී 


11_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" අම්මේ ... වෙනූෂ් අයියා කතා කලා ... "


ඒත් දර්ශනී කෙල්ලගේ වචන නොඇසුණු ගානට ඇයගේ වැඩ වලට නිරත වුනා. කෙල්ලගේ වත අදුරු වෙලා ගියා මවගේ නිහඩ පිලිවෙත නිසාම.


" සංගීත ටීචර් මාව එක්ක එන්න කිව්වලු අම්මේ ... "


" නොගිහින් ඉන්න එක හරි නෑ නේද ... "


දර්ශනී ආරූ දිහා බැලුවේ සරදමට වගේ හිනාවෙලා. ඇයගේ ඇස් බොද වෙන්නේ ඒ හොදටම ඇති. ඒ පිරුණු කොපුල් තල දිගේ කදුලු බිංදු පල්ලම් බහිද්දි දර්ශනී නොදැක්කා සේ වැලිතලප ටික තුනී කර කෑලී කපන්නට සැරසුනා. කෙල්ල හැදුවේ එතනින් පිට වෙලා හිතේ දුක තුනී වෙනකන් හොද හැටි අඩන්න.


" චුටි මහත්තයානේ භාරකාරයා එයාගෙන් අහලා කලාම හරි ... "


ඒ වදන් කෙල්ලගේ හිතට තදින්ම දැනුණා. ඇය නිහඩව මව දෙස කදුලු පිරුණු නෙතින් බලාගෙන හිටියා.


" අම්මේ ... මං වරදක් නම් කරන්නේ ඒ වරද මං නොකර ඉන්නම් ... "


" හෙට මං චුටි මහත්තයා ලගට වැඩට නොයා වෙනදා වගේ ගෙදර වැඩක් කරගන්නම් ... "


දර්ශනීට දැන් දුකයි. තමන් ජිවිතේ තරුණ අවදියේම විදි දුක් තම දියණියට හිමි වෙයි කියන බය නිසාමයි කලබල වුනේ කියන එක ඇය දන්නවා. ඒත් දියණියට කරුණු කාරණා පහදා දෙන විදිය වැරදි කියලා ඇයට හිතෙන්න ගත්තේ කෙල්ලගේ වේදනාව පිරුණු හඩ ඇහෙද්දීයි. 


" ඇදුම් ටික ගත්තේ මගේ ඇදුම් චුටි මහත්තයාගේ ඔෆිස් එකට මදි කියලා හිතලා ... "


" ඒකත් පඩියෙන් ටික ටික කපා ගන්න කියලා කියන්න මං හිටියේ ... "


" තව ෆෝන් එක ගත්තේ ඔෆිස් එකට ඕන වෙන දේවල් කතා කරන්න ඕන කියපු නිසා ... "


" මං අහස අල්ලන්න යන්නේ නෑ අම්මේ ... "


" මං පොළොවේ පය ගහලා පොළොව එක්ක හැප්පෙන කෙල්ලෙක් කියලා දන්නවා ... "


" ලොකු ලොකු අතු ඕන නෑ මට ... "


" ඔයා ජිවත් වෙනකන් ඔයාව බලා ගන්න තිබුණොත් ඇති මට ... "


දර්ශනීගේ ඇස් වලත් දැන් කදුලු. දියණිය කතා කරන්නේ කලකිරීමෙන් කියලා ඇයට තේරුනා.


" සමාවෙන්න ... ඔයා ආයී කැමති වුනත් මං කොහෙවත් ජොබ් එකකට යන්නේ නෑ ... "


" පුලුවන් නම් වේනූෂ් අයියාගේ නම්බර් එකට කෝල් කරලා මං අසනීපෙන් කියලා මාව එක්ක යන්න එන්න එපා කියන්න ... "


" තව මාව හොයාගෙන කවුරු ආවත් මං ගෙදර හිටියත් නෑ කියන්න ... "


හැමදාම ජිවිතය ඇයට සරදම් කරද්දි මව ඇයගේ හයියට හිටියා. ඒත් මවත් අද තමන්ට සරදමට වගේ හිනහෙද්දි වෙනදා ඇයට දැනෙන හයිය වෙනුවට ජිවිතේ ගැන කලකිරීමක් ඇති වුනා.


" සුදු හාමිනේ ... පුතේ ... "


ඇය කුස්සි කෑල්ලෙන් පිටතට ගියේ නැවතත් කවුරු නිසාවත් හැරිලා නොබලන්න හිතාගෙන. තමන්ට හැකි පමණින් මව වෙනුවෙන් වෙහෙසෙන්න ඇය හිතා ගත්තා.

දර්ශනීගේ ඇමතුමෙන් එදා වේනූෂ් නොපැමිණියත්. පසුදා කෙල්ලව රැගෙන යන්න හිතාගෙන ප්‍රමේෂ් එක්ක රකේල් ආවේ හිත ඇතුලෙන් ඇයට දොස් නගමින්මයි. පෙරදා ඇයට දුන් දුරකථනයට කොයිතරම් ඇමතුම් ගත්තත් එය ක්‍රියා විරහිත කර තැබීම ම ඔහුගේ කේන්තියට හේතු වෙලා තිබුණා.


" දර්ශනී අම්මේ ... ඔයාලා කොහෙද අනේ ... "


නිවසේ ප්‍රධාන දොර වහලා තිබුණු නිසාම කොල්ලා දෙගෙඩියාවෙන් ඉද්දි ප්‍රමේෂ් මහා හඩින් දර්ශනී අමතන්නට වුනා. මොහොතකින් නිවසේ ප්‍රධාන දොර ඇරී දර්ශනී එයින් පිටතට ආවා.


" අම්මා ... කෝ අරුණලී ... "


රකේල්ගේ හිතට සැනසීමක් දැනුණේ නිවසේ දොර ඇරුණු පසුවයි.


" දුව ... අසනීපෙන් චුටි මහත්තයෝ ... "


කොල්ලා කලබල වෙද්දි දර්ශනීගේ තියුණු බැල්මට ඒ හැසිරීම් හසුවෙද්දි ඇයගේ සැකය තවත් තහවුරු වුනා.


" ඇයි ... ඇයි ... අම්මා ආරූට මොකද ... "


කොල්ලා අඩියට දෙකට ප්‍රධාන දොර ලගටම විත් නිවස තුලට දෑස් යවමින් දර්ශනීගෙන් එසේ විමසද්දි ප්‍රමේෂ් ඔලුවේ අත ගහගත්තේ දර්ශනීගේ බැල්ම ඒ තරම් ගුණ නෑ කියලා ඒ ඇස් වලට පෙනෙද්දියි. 


" උණ හැදිලා චුටි මහත්තයෝ ... "


" නිමන්ත පුතාට කතා කරලා එයා එක්ක බෙහෙත් ටිකක් ගේන්න යැව්වා මං ... "


ඇත්තටම අඩලා අඩලා හෙම්බත් වෙලා කලකිරීමෙන් හිටිය කෙල්ලට පාන්දර වෙද්දී හොදටම උණ හැදිලා හිටියේ. ඇය බෙහෙත් රැගෙන ඒම ප්‍රතික්ශේප කරද්දි දර්ශනී ඇයට හොරෙන් නිමන්තට ඇමතුමක් දී ගෙන්වා ගෙන ඇයව බෙහෙත් රැගෙන ඒමට පිටත් වුනා.


" ඇයි ... ඇයි ... මට කිව්වේ නැත්තේ ... "


" ආරූ ලග මගේ ෆෝන් එක තිබුණනේ ... "


රකේල්ට හැමදේම අමතකයි ඇය ලෙඩ වෙලා කියද්දි. ඔහුගේ හිතට නොරිස්සුමක් ඇති වුනේ නිමන්ත සමග ඇයව පිටත් කල එකට.


" අනේ චුටි මහත්තයෝ ... ඉස්සර ඉදලා ම අපේ දුකට සැපට හිටියේ ඒ දරුවා නොවැ ... "


" ඉතින් කෙල්ල බේත් ගන්න හොර වුනාම නිමන්ත පුතා ම තමයි බලෙන් බෙහෙත් ගන්න එක්ක යන්නේ ... "


රකේල්ගේ අතමිට මෙලවෙන දිහා දර්ශනී බියෙන් බලන් හිටියේ හිතට මහා විපතක පෙර නිමිති පෙනෙද්දියි.


" නිමන්තගේ නම්බර් එක මට දෙන්න ... "


නිමන්තට ඇමතුමක් ගැනීමට දුරකථනයේ ඇස් තියන් හිටපු කොල්ලාගෙත් ඇස් මිදුලට ආවා මෝටර් සයිකලය දෙසට හැරවුනා. 

මලානික වාරු නැති ගතින් අපහසුවෙන් මෝටර් සයිකලයෙන් බසින කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ වේදනාවෙන්. හිතේ තිබුණු අමනාපකම් කොහේ ගියා ද නෑ. ඔහු අඩියට දෙකට ඇයට ලං වුනේ නිමන්ත ඇයව වාරු කරගන්නට සැරසෙද්දියි.


" නැන්දේ ... මේ බෙහෙත් ටික නංගිට මේ ආප්ප ටික කන්න දීලා දෙන්න ... "

කා ගැනවත් වගක් නැතිව කෙල්ලව නිවස තුලට රැගෙන ගිය ඔහු නැවතුනේ ඇයගේ කාමරයේ ඇද මත ඇයට හාන්සි වෙන්නට උදව් කරමින්මයි.


" කාල බෙහෙත් බීලා ඉමු ... "


" ඔහොම ඉන්නවා මං ඉක්මණට ම එන්නම් ... "

කෙල්ලගේ කාමරයට එමින් ඉදපු දර්ශනීට දොර රෙද්ද අතරින් පෙනුණේ තම දියණියගේ හිස පිරිමදිමින් එහෙම කියන රකේල්වයි. ඇයගේ හිතට මහා බරක් දැනුණේ. රකේල් වැනි සල්ලි උඩ පිහිනිය හැකි මහත්වරුන් ලග කිසිවක් නොමැති තම දියණියගේ ජිවිතය විනාශ වෙයි ද කියන බය ඇයගේ හිතේ හැම මොහොතෙම හොල්මන් කලා.


" දර්ශනී අම්මේ ... මං ආරූට කන්න පුලුවන් දෙයක් අරන් එන්නම් ... "

එහෙම කියන ගමන් රකේල් හැදුවේ එතනින් ඉක්මණින් පිට වෙන්නයි.


" නිමන්ත පුතා ආප්ප ගෙනත් චුටි මහත්තයෝ ... "


" ඒක කවලා බෙහෙත් ටික දෙන්න හැදුවේ ... "

මොහොතක් දර්ශනී දෙස බලාගෙන හිටපු රකේල් නැවතත් ඔහුගේ හඩ අවදි කලේ හුගාක් ලෙන්ගතුව.


" ආරූට අම්මා කවන්නකෝ ... "


" මං එයාට තව කන්න පුලුවන් දේවල් ටිකක් අරගෙන එන්නන් ... "


දර්ශනීට මොනවත් කියා ගන්න වේලාවක් ඉතිරි නොකරම ඔහු නිවසින් පිට වෙලා ගියේ එලියේ හිටපු නිමන්තත් ප්රමේෂුත් ලගට.


" බොහෝම ස්තුතියි නිමන්ත ආරූව සහෝදරයෙක් වගේ බලා ගන්නවාට ... "

නිමන්තගේ උරහිසට අතක් තියලා එහෙම කියද්දි ප්රමේෂ්ට වුනත් පුදුමයි කොල්ලාගේ වෙනස් වීම දැකලා.


" දර්ශනී අම්මා මට කැමති නෑ කියලා මං දන්නවා ... ඒත් මට ආරූව අත අරින්න බෑ බං ... "


" ඉස්සර මං හුගාක් නපුරුයි. ඒකටත් හේතු තිබුනා මගේ ජිවිතේ ... "


" ආරූ නිසා මගේ ජිවිතේ හැමදේම දැන් වෙනස් වෙනවා මචං ... "


" කොටින්ම දැන් මට ජිවත් වෙන්න ආස හිතෙනවා ... "


" ඒ ගමන සතුටින් යන්න මට ආරූ ඕන මචං ... "


ඒ ඇස් වල තියෙන සතුට බලාපොරොත්තු කන්දක් ප්‍රමේෂ් වගේම නිමන්තටත් පෙනුනා. ප්‍රමේෂ් රකේල්ගේ පිටට තට්ටු දමමින් කොල්ලාගේ ඇස් වලට එබුනේ රකේල්ටත් ලැජ්ජාවක් හිතට දැනෙද්දි.


" අපේ කොල්ලාටත් මල්සරා විද්දා එහෙනම් ... "


" අපි වගේ අහිංසක කොල්ලෝ තමයි ඔය සරාට පේන්නේ නැත්තේ නැද්ද නිමන්ත ... "


කොල්ලාගේ මුවේ ලස්සන හිනාවක් ඇදිලා ගියේ මනමාල බැල්මකුත් ඒ ඇස් වලට එබෙද්දි.


" උබලා ... ගිය ආත්මේ කෙල්ලන්ට බූට් තියපු උන් ... ඒකයි මල්සරා අහක බලන් යන්නේ ... "

කොල්ලා එහෙම කියමින් සරදම් කරද්දී ප්රමේෂ්ගේ වගේම නිමන්තගෙත් කට ඇද වෙලා ගියා.


" අපි කිව්වායි කියලා හිතා ගනින් හොදේ ... "

රකේල් කලබලයෙන් කාර් එක පැත්තට ගියේ ප්‍රමේෂ් ඔහුට කතා කරද්දියි.


" කොහෙද උබ ගාල කඩා ගත්ත හරකා වගේ යන්නේ මාවත් දාලා ... "


නිමන්තත් ඔහු දිහා බලන් හිටියේ කුතුහලයෙන්.


" මං ආරූට කන්න පුලුවන් දේවල් ටිකක් අරන් එන්නම් මචං ... "


" නැත්නම් කට තිත්තයි ගගා බඩගින්නේ ඉදී ... "


නිමන්තට සතුටුයි ඇයට රකේල් හුගාක් ආදරෙයි කියලා දැනෙද්දි.


" නිමන්ත උබ වැඩට යන්න ඕන කිව්වනේ ... "


" මාත් මූ එක්ක ගිහින් එන්නම් හොදේ ... "


" පස්සේ හම්බ වෙමු ඈ ... "


නිමන්තට සමු දීලා රකේල්ගේ මෝටර් රථය ඈතට යද්දී නිමන්ත කෙල්ලගේ නිවස තුලට ගියේ දර්ශනී එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන.

සංගීතාටත් වෛද්‍යවරුන්ගේ උපදෙස් පිට රෝහලින් නිවසට එන්න හැකි වුනා. සංගීතාගේ කැමැත්ත මත මලිතිටත් වේනූෂ්ගේ නිවසට එන්න පුලුවන් වුනා.


" පුතා ... අර දරුවාටත් නිලානිගේ කාමරෙන් ඇදක් දාලා දෙන්න ... "


" දෙන්නත් එක්ක වැඩක් පලක් කරගෙන ඉන්නේ නැතැ ... "


" අර දරුවා පව් ... මාව එයාගේම කෙනෙක්ට වගේ බලාගත්තේ ... "


" අපි ඒ දරුවා ගැන බලන්න ඕන පුතේ ... "


වේනූෂ්ගේ හිතෙත් මලිති ගැන පැහැදීමක් තිබුණේ. තම මවට සලකපු හැටි ඔහුත් හොදින්ම දැක්කා. ඒ නිසාම මවගේ අදහස අනුමත කරන්න වගේ ඔහුත් ඔලුව හෙලෙව්වා.


" බලමුකෝ අම්මා ... "


" අප්පච්චිත් එනවා කිව්වා හෙට ... "


" මං අම්මා ගැන කිව්වේ නෑ ... "


" මට ගෙදර ආවාම හොදට අහගන්න පුලුවන් ඈ ... "


සංගීතාට හිනා ගියේ කොල්ලාගේ ඇද වෙලා ගිය මුව දකිද්දියි.


" මේ පාර තමයි අප්පච්චියි පුතායි මගෙන් මට්ටු වෙන්නේ ... "


" දෙන්නාම එකයි ... මාව දාලා රාජකාරී ... රාජකාරී ඉවරයක් නෑ ... "


වේනූෂ් හොර පූසා වගේ හොරගල් අහුලන්නේ මවගේ ඊලග වචනය තමන්ගේ විවාහය ගැන කියලා දන්න නිසයි.


" මතක තියාගන්න ඔයා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මැරි කරන්න ඕන කියන එක ... "


" මට නිදහසට කරුණු කියා ගෙන එන්න එපා පුතා ... "


" මාත් කැමතියි මැරෙන්න කලින් ඔයාගේ දරුවෙක් දකින්න ... "


වේනූෂ් මව ව තුරුල් කරගත්තේ ඇය වේදනාවෙන් කියවන හැටි තවත් බලන් ඉන්න බැරි නිසා. ඒ වගේම ඔහු හිතා ගත්තා මවගේ සතුට වෙනුවෙන් විවාහ වෙන්න ඕන කියලා.


" නෝනා ... උණු වතුර ලෑස්ති කලා අපි ඇගපත ටිකක් සෝදගෙන එමු නේද ... "


මෙහාකාරියකටත් වඩා නිවසේ කෙනෙක් වගේ ඔවුන් සමග ජිවත් වුනු නිලානි සංගීතාගේ කාමරයට ආවේ එහෙම කියමින්මයි.


" අම්මේ ... ඒක නම් ලොකු දෙයක් නිලෝ ... "


" හොස්පිට්ල් එකේ ඉදලා මට ඇති වෙලා හිටියේ ... "


" ගෙදර තරම් වතුර ටිකේ සනීපෙවත් මට දැනුණේ නෑ අනේ ... "


සංගීතාව දෝතට ගෙන නාන කාමරය දෙසට යන වේනූෂ්ට හිනා මවගේ අඩපාලී අහගෙන ඉද්දි.


" අපිට තමා අම්මා බණ කියන්නේ ලෙඩ වුනාම බේත් ගන්න තමයි හොස්පිට්ල් තියෙන්නේ කිය කිය ... "


" දැන් ඒ වචනත් වෙනස් වෙලා වගේ නැද්ද නීලාම්මේ ... "


නිලානි අතින් කට වහගෙන හිනාවෙද්දි වේනූෂ් සංගීතාව පරිස්සමින් බාත් ඩබ් එකෙන් තියලා මුව බෙරි කරගෙන තමන් දිහාත් නිලාම්මා දිහාත් බලන මව දැක්කාම තරමක් හඩින් හිනා ගිගියා


" මලිති දුවේ ... ඔයා එන්න අනේ මේ දෙන්නාව යවලා ... "


" ලෙඩ වෙලා ඉන්න මට හිනාවෙනවා මෙයාලා ... "


නිලානිත් වේනූෂුත් මුණට මුණ බලා ගත්තේ අපිට වෙච්ච දෙයක් කියලා හිතමින්.


" අපිට දැන් අඩු සැලකිලි නේද පුතා ... "


" වයසක අපි මොකටද කෙල්ලෙක් ඉන්නවානේ දැන් අම්මාට නේද ... "


මුව මත ඇදෙන්න වෙර දරන හිනාව සගවගෙන මලිති සංගීතාගේ නාන කාමරයට ඇතුල් වුනේ වේනූෂ් කටත් ඇද කරලා සංගීතාට ඔච්චම් කරද්දි.


" නීලාටත් මට වඩා හැමදාම ලොකු ඔය පුතන්ඩියානේ ... "


" ඉතින් මං වෙනුවෙන් මේ මලිති දරුවා හරි තියාගන්න එපැයි ... "


කොල්ලාගේ වචන ගිය දුර. කොල්ලා හිනාවේවීම බලන් හිටියේ මව ව පරිස්සමට සෝදන මලිති දිහා. ඇය හිනාව සගවගෙන සිටින හැටි ඔහු දැක්කා. ඔහුට ඕන වුනේ මව ව තව ටිකක් අවුස්සන. ඒ නිසාමයි මලිතිගේ මුවින් හිනාව විසිරෙන විදියේ සරදමක් කෙරුවේ.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10