නීල නයනී 13

නීල නයනී

13_කොටස

( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" මිස්ටර් වේනූෂ්ගේ කවුරු හරි මෙතන ඉන්නවාද ... "

දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණ හෙදියක් එහෙම අහද්දි වේනූෂ්ගේ පියාත් රකේලුත් වාඩි වි සිටි තැනින් නැගිට්ටේ හිත ඇතුලෙන් පුංචි තිගැස්මකුත් ඇති වෙද්දි.

" මම වේනූෂ්ගේ අප්පච්චි රමේෂ් ... "

හෙදියගේ මුවේ ඇති වුනු පියකරු සිනහවෙන් ම තිගැස්සුනු හිතට යම් සුභවාදී යමක් අසන්නට ලැබෙයි කියන බලාපොරොත්තුවක් ඇති වුනා.

" ඔන්න මිස්ටර් වේනූෂ්ට සිහිය ආවා ... "

" දැන් බය වෙන්න දෙයක් නෑ ... "

වේනූෂ්ගේ පියා රමේෂ් රකේල් දිහා බලලා හිනාවෙලා සැනසුම් සුසුමක් හෙලුවේ වේනූෂ් නිසාම ගෙදර දුක් විදින තම බිරිද ගැනත් මතක් වෙද්දි. 

" අද තව පරික්ෂණ වගයක් කරනවා ... "

" ඒවායේ රිපෝට් ආවාට පස්සේ නෝමල් වුනොත් ගෙදර එක්ක යන්න පුලුවන් කියලා ඩොක්ටර් කිව්වා ... "

රමේෂ් ඇස් වලට ඉනුව සතුටු කදුලු පිහිද ගත්තේ රකේල් ඔහුගේ පිටට තට්ටු කර අස්වසද්දියි.

" මිස්ටර් වේනූෂ්ව තව ටිකකින් අපි රූම් එකකට දානවා ... "

" එතකොට මිස්ටර් රමේෂ්ට බලන්න පුලුවන් ... "

වේදනාවෙන් පිරිලා තිබුනු ඒ මුහුණු වලට සතුට දීලා හෙදිය එතනින් පිට වුනේ සුපුරුදු කාරුණික බැල්මත් අවට සිටි අයට හෙලමින්මයි.

" දැන් තමා පුතා ඇගට ලේ ටිකක් ඉනුවේ ... "

" අපිට ඉන්නේ ඔච්චරයිනේ දෙයියනේ ... "

" අම්මා කන්නෙවත් නෑ ... පේෂර් හොදටම වැඩි වෙලා ... "

" මං බයේ හිටියේ මගේ ඇස් දෙකම මට නැති වෙයි කියලා පුතා ... "

රකේල්ගේ දෑසුත් කදුලු වලින් බොද වෙන්න ගත්තේ පිය සෙනෙහස අහිමි ඔහු ගැනම අනුකම්පාවක් ඒ හිතට දැනෙද්දි. සතියක පමණ කාලයක් පුරා කොල්ලත් නිමන්තවත් වේනූෂ්වත් බලන්න රෝහලට ආවේ සුගතපාලත් එක්කමයි. මොහොතකට හෝ පියෙකු හා පුතු අතර තිබෙන බැදීම කොයි වගේ ද කියලා විදගන්න ලැබුණු අවස්ථාව මගහැර ගත්තේ නෑ.

" දැන් බය වෙන්න දෙයක් නෑනේ අන්කල් වේනූෂ් හොදින් කියන්නේ ආන්ටිත් හොදින් ඉදී ... "

රමේෂ් කොල්ලා එක්ක හුගාක් හිතවත් වෙලා හිටියේ මේ මොහොත වෙනකොටත්. 

" මං ලේසීයෙන් අත අරින්නේ නෑ පුතා ... මගේ දරුවාගේ වාහනේ බේරේක් ඩවුන් කරපු එකාව ... "

" මගේ දරුවාට හතුරෝ හැදුණේ මේ ජොබ් එකෙන්. නැත්නම් කාටවත් කරදරයක් කරන්නේ නැති දරුවෙක් පුතා ... "

අනතුරින් බරපතල තුවාල ලැබ සිටි වේනූෂ්ව හා නිමන්තව රකේල්ගේ වාහනයට ගොඩ කර ගනිද්දි දැනුණු හැඟීමත් එක්ක රමේෂ්ට තරම් ම තරහක් ඔහුගේ හිතෙත් ඇති වෙලා තිබුණා. මරණයත් සමග සටන් කරමින් සිටි ඔවුන්ව ඡායාවක් වගේ ඒ හිතේ නිතර නිතර වද දෙද්දි ඔහුට රාත්‍රී නින්ද පවා නැති වුනා.

" මගේ යාලුවෙක්ට මං වැඩේ බාර දුන්නා අන්කල් ... "

" එයා සී අයි ඩී එකේ ... "

රමේෂ් අසිහියෙන් වේනූෂ් ගැන සිතමින් වේදනාවෙන් ඉද්දි රකේල් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඕන කරන පසුබිම සකස් කරලා තිබුණා.

" චුටි මහත්තයා ... "

සතියකට පසුව ඇයගේ හඩ ඇහෙද්දි ඔහුගේ හදවතට දැනුණේ කතරකට වැටුණු දිය පොදක් වගේ. නොඉවසිලිමත් ඇස් වලට සැනසීමක් දෙමින් ඔහු ඉක්මනින්ම හැරුණේ කෙල්ලගේ හඩ ඇහුණු දෙසට.

" ආරූ ... අසනීපත් තියාගෙන බස් වල ද ආවේ ආ ... "

ඇයගේ පැමිණීමට හිත ඇතුලෙන් පිනුම් ගහද්දී එය කෙල්ලට නොපෙන්වා ඉන්න ඔහු හුගාක් මහන්සි වුනා. පෙර දිනක තමන්ගේ පැමිණීම වදයක් සේ සැලකූ දර්ශනී අද නිහඩව පසු වීම කොල්ලාගේ හිතට ප්‍රහේලිකාවක් වුනා.

" නිමන්ත අයියාවයි වේනූෂ් අයියාවයි බලලා යන්න ආවේ චුටි මහත්තයා ... "

" ලොකු නෝනාලත් එක්ක අපි ආවෙත් ... "

කොල්ලා වටපිට බැලුවේ තම මවගේ ඡායාවක් ඒ ඇසට හසු කරගන්න.

" වේනූෂ්ට සිහිය ආවා ... "

කෙල්ලගේ ඇස් සතුටින් පිරිලා යන දිහා කොල්ලා බලන් හිටියේ පුංචි ඉරිසියාවකුත් ඒ හිතට එද්දි. 

" මේ දරුවා නේද ඒ දවස් වල අපේ ගෙදරට කිරි බෝතල් අරන් ආවේ ... "

කොල්ලාගේ සිතුවිලි වලට බාධා කරමින් රමේෂ් තම හඩ අවදි කලේ එහෙමයි.

" ඔව් ... මහත්තයා ... "

එතකොටයි කෙල්ල රමේෂ්ව දැක්කේ. දර්ශනීත් නිහඩව ඔවුන්ගේ සංවාදයන්ට ඇහුකන් දුන්නා.

" මේ මගේ අම්මා මහත්තයා ... "

රමේෂ් ඇස් හීනි කරගෙන දර්ශනී දිහා බැලුවේ දැකලා හුරුවක් ඒ ඇසට හසු වෙද්දි.

" දර්ශනී ... "

රමේෂ් පුදුමයෙන් එහෙම අහද්දි දර්ශනීත් උවමනාවෙන් බැලුවේ තමාව අදුරන මොහු කව්ද කියලා හිතමින්.

" මාව මතක නෑ නේද ... "

" මිගාරව මට එහෙදි නිතර ම මුණ ගැහුණා ... "

" පව් මිනිහා ලංකාවට එන්න ඉන්නේ ආසාවෙන් ... "

දර්ශනීත් කෙල්ලත් මුහුණට මුහුණ බලාගත්තේ මේ මනුස්සයා මේ මොනවා කියනවා ද කියලා හිතමින්.

" මහත්තයා ... අප්පච්චි බෙහෙත් කරන්නේ ඇයි ... "

දර්ශනීගේ හිතට ආව පැනයම කෙල්ලගේ මුවින් එහෙම පිට වුනා.

" ඇයි දරුවෝ ... අප්පච්චි කිව්වේ නැද්ද වකුගඩු දෙකම නරක් වෙලා වකුගඩුවක් බද්ධ කරන්න රට යන්න වෙනවා කියලා ... "

දැන් නම් රකේල්ටත් මේක පැටලුනු නූල් බෝලයක් වගේ දැනෙන්නේ. ඒ නිසාම කොල්ලා තම හඩ අවදි කලා.

" එතකොට අන්කල් කියන්නේ මිගාර අප්පච්චි රට ගියේ ගෑණු කෙනෙක් එක්ක නෙමේ කියල ද ... "

රමේෂ්ගේ මුවට හිනාවක් ආවේ මිගාර මොවුන්ගෙන් ඔහුගේ රෝගය ගැන සගවා රටින් පිට වී ඇති බව තේරෙද්දි.

" එයා රට ගිහින් තිබුනේ අම්මයි අක්කායි එක්ක ... "

" මිගාර යමක් කමක් තිබුණු මිනිස්සු නිසා රට ගිහින් ටීරීට්මන්ට් කරන එක අරුමයක් නෙමේනේ ... "

" ජිවිතේ ගැන බලාපොරොත්තුවක් තිබුණේ ම නෑ කියලා තමයි මිගාර මට කිව්වේ ... "

" මට තියෙන ප්රශ්නේ ඇයි ඔයාලාට හැංගුවේ කියලා මේ ගැන ... "

දර්ශනීගේ වගේම කෙල්ලගේ ඇස් වලත් කදුලු. රකේල්ට කෙල්ලව දකිද්දි හිතුනේම තුරුලට අරන් ඇයව සනසන්නමයි.

" හැබැයි මිනිහා මං ලංකාවට යනවා කිව්වාම හිටියේ නම් හුගාක් දුකින් ... "

දර්ශනීගේ මුවින් ඉකියක් පිටවෙද්දි කෙල්ල අම්මාව වැලදගෙන ඇයව අස්වසන්න වගේ. 

" මං හිමීට මිගාරට කෝල් කරලා විස්තර අහගන්නන් ... "

" ඔපරේෂන් එකත් සක්සස් නිසා දැන් හුගාක් හොදයි මිගාරටත් ... "

තමන් නිසා ඔවුන්ගේ හිත් රිදුනු එක ගැන රමේෂ්ට පසුතැවීමක් දැනෙද්දි ඔහු පරක්කු වැඩියි. ඔහු ඒ මොහොතේම තීරණය කරගත්තා මිගාර එක්ක කතා කරලා මේ අහිංසක පවුල එකතු කරනවා කියලා.

" දුව ඔයාව හම්බ වෙන්නමයි මං හිටියේ ... "

" අපි හිමීට කතා කරමු මේ කරදර අඩු වුනාම ... "

" මගේ නෝනාව බේරගත්තේ දුව කියලා මං දන්නේ ගෙදර ආවාම ... "

" ඔයාට හුගාක් පිං පුතේ මගේ නෝනාව බේරගත්තාට ... "

කතාව වෙනතකට හරවමින් රමේෂ් අත් එකතු කරලා පිංදෙමින් එහෙම කියද්දි කෙල්ලගේ හිත කලබල වුනා. ඒ නිසාම ඇය ඔලුව වනමින් එය නොකරන ලෙස ඉල්ලා සිටියා.

" අන්කල් ... වේනූෂ් ව රූම් එකට අරන් යනවා ද කොහෙද ... "

රමේෂ් කලබලයෙන් එදෙසට ගියේ රකේලුත් දර්ශනිත් කෙල්ලත් එතන තනි වෙද්දි.

" දර්ශනී අම්මේ ... ඔයා බය වෙන්න එපා. ඔයාගේ අකැමැත්තෙන් මං ඔයාගේ දුවව අරන් යන්නේ නෑ ... "

" ඒ නිසා බය නැතිව මං ලගට වැඩට එවන්න ... "

දර්ශනී කදුලු අතරින් අසරණව බැලුවේ රකේල් දිහා. ඇය එදා ගත් තීරණය වැරදි ද කියලත් අද මිගාර ගැන දැනගත් තොරතුරු ඔස්සේ හිතුනා. ඒ වගේම මේ මොහොතේ ඒ ගැන හිතන්න තරම් ඇයගේ හිතට සැනසීමක් තිබුණෙත් නෑ. 

" මට විශ්වාසවන්ත කෙනෙක් ඕන මගේ ප්‍රයිවට් සෙකර්ට්රි පෝස්ට් එකට ... "

" මං දන්න කෙනෙක්ව ගත්තාම මගේ හිත නිදහස් ... "

" තව ටිකක් හිතලා බලලා උත්තරයක් දෙන්න මට ... "

කෙල්ල බිම බලා ගෙන ඔහු කියන දේවල් අහන් හිටියේ තම හිත තුල වු වේදනාව ඔවුන්ගෙන් සගව ගනිමින්මයි.

" අනික මගෙන්ම වුනත් මං ආදරේ කරන කෙල්ලව පරිස්සම් කරන්න මං දන්නවා අම්මා ... "

දර්ශනී කෙල්ල දිහාත් කොල්ලා දිහාත් බලලා නිහඩ වුනේ ඇය විදින වේදනාවත් එක්ක උත්තරයක් දෙන්න තරම් හිත නිරවුල් නැති නිසා.

" නිමන්තවත් බලලා වේනූෂ්ව බලන්න යමු එන්න ... "

තවත් ඔවුන්ව අපහසුතාවට පත් කරන්න ඕන නෑ කියලා කොල්ලාට හිතුනේ කෙල්ලත් දර්ශනීත් බිමට මුහුණ නැඹුරු කරගෙන ඉන්න විලාසය නිසාමයි. ඔහු ඉදිරියෙන් ගමන් කරද්දි කෙල්ලත් දර්ශනීත් ඔහුව අනුගමනය කලා.

" පුතේ ... "

එක අතකුත් කකුල් දෙකත් බිදිලා තිබුණු නිසාම කොල්ලා හිටියේ හුගාක් අපහසුවෙන්. හිස්වැසුමට පිං සිද්ධ වෙන්න හිසට තද බල අනතුරක් වෙලා තිබුණේ නෑ. කෙල්ලවත් දර්ශනීවත් දකිද්දී අපහසුවෙන් වුනත් නිමන්ත ඔවුන් සමග හිනාවෙන්න උත්සාහ කලා.

නිමන්තගේ හිස අත ගාමින් දර්ශනී කදුලු සලද්දී කෙල්ලත් කදුලු පුරවගෙන ඔහුගේ ඇද අද්දර ම කුඩයත් තදින් අල්ලගෙන හිටගෙන හිටියා.

" මට ඒ හැටි අමාරුවක් නෑ නැන්දා ... "

" හෙට ඩිස්චාජ් කරනවා කිව්වත් එක්ක ... "

ඔවුන් අඩනවාට කවදාත් අකමැති නිමන්ත එහෙම කියද්දි කෙල්ල ඔරවලා බැලුවේ ඔහු දිහා. නිමන්තට ඇයගේ කෝලම් වැඩ වලට හිනා. 

" හරි ... හරි ... ලොකු අම්මේ ඔරවන්න ඕන නෑ ... "

" වැඩට යන්න පරක්කු වුනු නිසයි ටිකක් වේගයෙන් ගියේ ... "

" තමු /සේ ඔහොම ඔරවද්දී මගේ කකුලයි අතයි රිදෙනවා ඕ/යී ... "

කෙල්ලගේ මුවට වගේම දර්ශනීගේ මුවට හිනාවක් ගේන්න ඔහුගේ වචන වලට පුලුවන් වුනා.

" රකේල් මහත්තයා ... මෙන්න මේ/කීව ඔයා ලගට වැඩට ගන්න ... "

" අර අව්වේ නැහිලා නැහීලා නැත්නම් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ ... "

" පස්සේ අපිට තමයි කැත කෙල්ලන්ට කොල්ලෝ හොය හොය දුක් විදින්න වෙන්නේ ... "

කෙල්ල නිමන්තටත් රවලා ගස්සලා වගේ අහක බලා ගත්තේ රකේලුත් අතින් කට වහගෙන හිනාවෙද්දි. ඔහුට මතක් වුනේ ඇක්සිඩන්ට් එක වෙලා දවස් දෙකකට පස්සේ තමන් ඇය ගැන අහන්න කෙල්ලගේ ගෙදර ගිය හැටි. ප්‍රමේෂ් කොල්ලාව බය කලා ඔහුට කලින් කවුරු හරි කෙල්ලගෙන් කැමැත්ත අරගෙන ඔහුට පසුවට වෙයි කියලා. ඉතින් ඒ බය නිසාම ඔහු ඉඩක් ලැබුණු සැනින් ආවේ කෙල්ලගේ ගෙදර.

එදා කෙල්ල හිටියේ ලෙඩ වෙලා හිටපු නිසා සැප නින්දක. 

" දර්ශනී අම්මා ... "

කොල්ලා තරමක් හඩින් කතා කරමින් නිවසේ ප්‍රධාන දොරට තට්ටු කලේ හිත ඇතුලෙන් නොසන්සුන් හැඟීම් සඟව ගන්න උත්සාහ කරමින්මයි.

" චුටි මහත්තයා ... උදේම ... කෝ ලොකු නෝනාත් ආවද ... "

දොර ඇරගෙන මිදුලට බහිමින් ම දර්ශනී එලෙස අසමින් විපරම් කරද්දි රකේල් ගොලුවෙක් වගේ හිටියේ කොහෙන් පටන් ගන්න ද කියලා හිතාගන්න බැරිව.

" අම්මා ආවේ නෑ ... මට දර්ශනී අම්මා එකක කතා කරන්න ඕන නිසා තනියම ආවේ ... "

දර්ශනීගේ හිතට බියක් කාන්දු වෙලාම ඉවරයි කොල්ලාගේ හැසිරීම් එක්ක.

" එන්නකෝ චුටි මහත්තයෝ ... අපි ඉදගෙනම කතා කරමු ... "

නිවස තුලට යන්නට හදපු දර්ශනීව කොල්ලා කලබලයෙන් නවත්ත ගත්තේ නිවස තුලට වඩා තමන්ගේ හැඟීම් සගව ගන්න වටපිටාව ඔහුට උදව් වෙයි කියලා හිතුනු නිසා.

" දර්ශනී අම්මේ ... මං තනියම ඇවිත් මෙහෙම කතා කරන එක හරි නෑ තමයි ඒත් මට බයයි මං පරක්කු වැඩි වුනොත් ආරූ මට නැති වෙයි කියලා ... "

" ඒ නිසාමයි ආරූව ඉල්ල ගන්න මං මෙහෙම ආවේ ... "

දර්ශනීගේ ඇස් ගැස්සුනේ කොල්ලාගේ ආදරයෙන් පිරුණු නිවුනු ඒ බැල්මට. ඇය වෙනතක් බලා ගත්තේ ඒ ඇස් වල වන ආයාචනය මග හරින්න වගේ.

"අප්පච්චි නිසා මං ගෑණු එපා වෙලා හිටියේ. ඒ නිසයි මං හුගාක් නරක විදියට ගෑණු ජාතියම පිලිකුල් කලේ. මගේ අම්මාට ඇරෙන්න මං හැම ගෑණු කෙනෙක්ව ම දැක්කේ මගේ අප්පච්චිත් එක්ක නටන නැට්ටිච්යෝ වගේ. සල්ලි වලට පෙරේතකමට ලස්සනට තියෙන පවුල් විනාශ කරන උන් විදියට ... "

" අම්මා දන්නවා ද මාව වෙනස් කලෙත් කෙල්ලෙක් ... "

ඒ දඩබ්බරයාගේ ඇස් පවා ආදරෙන් පිරිලා. ඒ මුව මත ලස්සන හිනාවකින් හැඩ වෙලා. දර්ශනී බයෙන් බලන් හිටියේ තමා ඉදිරියේ එදා දැකපු කොල්ලාම ද මේ ඉන්නේ කියලා.

" මාවවත් මගේ සල්ලිවත් මායිම් නොකර ඒ හිතුවක්කාරි, මගේ පිස්සි මගේ නපුරුකම් ටිකෙන් ටික නැති කලා ... "

" මාලිගා වල නැති සැනසීමක් සතුටක් මං මේ ගෙදරින් ඉගෙන ගත්තා අම්මා ... "

" අම්මා හැරුණු කොට මගේ යාලුවාට විතරයි මගේ ජිවිතය ඇතුලේ ඉඩ තිබුණේ ... "

" ඒත් දැන් මට මාවත් නැති වෙලා අම්මා ... "

" අම්මාගේ පුංචි කෙල්ල මගේ ඇස් පාදලා දුන්නා අම්මා ... " 

රන්දුනු වගේ පියෙකු සිටින ඔහුට ජිවිතයේ ප්‍රශ්න නැති වෙයි කියලා හිතන්න දර්ශනී මැල වුනා. දරුවන්ට ආදරයක් සෙනෙහසක් නැති ඔහු වගේ සල්ලාලයකු රකේල්ගේ බිරිදට වුවද නරක අදහසින් ලං වෙන්න උත්සාහ කරනවා කියලා දර්ශනී දන්නවා. ඉතින් දැන දැන තම ඇස් දෙක වගේ ඉන්න දියණියට නරකක් නපුරක් වෙයි කියලා හිතෙන තැනක තියන්න ඇය කොහෙත්ම කැමති වුනේ නෑ.

" පොරොන්දු වෙනවා පරණ රකේල් වෙලා අම්මාගේ දුවට මං දුකක් දෙන්නේ නෑ කියලා ... "

" හිතන්න කල් ඕන නම් මට බලන් ඉන්නත් පුලුවන් ... "

" මට ආරූව දෙනවා ද අම්මේ ... "

නපුරු රකේල් තුල සිටි අහිංසක කොල්ලා හුගාක් සංවේදී වෙලා. ඔහු දර්ශනී ලග බැගෑපත් වෙන්න තමන්ගේ ආදරය මවගේ ආශිර්වාදයත් එක්ක ලබා ගන්න. ඒත් දර්ශනීගේ හිත එදා මිගාරගේ හැසිරීම් එක්ක රකේල්වත් සංසන්දනය කරමින් හිටියා. ඇය තවත් රන්දුනු කෙනෙක් රකේල්ගේ වේශයෙන් මවා ගත්තා. දර්ශනීගේ මුවින් පිටවුනු වදන් එක්ක රකේල් අසල තිබුණු බංකුව මතින් සීරුවට ඉද ගත්තා. ඇයගේ වදන් හීසරයක් මෙන් පපුව පසාරු කරගෙන යද්දී ඒ පිරිමි හිතත් වේදනාවෙන් පිරිලා ගියා. කොල්ලාට එදා ජිවිතය ගැන නැවතත් කලකිරීමක් දැනුණා. කදුලු එක දෙක ඒ පිරිමි ඇස් වලින් පල්ලම් බහිද්දි නැවතත් දර්ශනීගේ ඇස් වගේම හිතත් ගැස්සුනා.

" අම්මා ... "

නිදිගැට කඩමින් එන කෙල්ලව දකිද්දී දර්ශනී කලබල වුනත් රකේල් නම් ආදරයෙන් ඒ හුරතලය දිහා බලාගෙන සුසුම්ලමින් හිටියා.

නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10