නීල නයනී 15


නීල නයනී



15_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" මිස්ටර් නිමන්තව හෙට ඩිස්චාජ් කරන්න පුලවන් වෙයි ... "


" හැබැයි ගෙදර ගියා වගේ නෙමේ පරිස්සම් වෙන්න ඕන තේරුනා ද ... "


වෛද්‍යවරියගේ උපදෙස් නිමන්ත පිලිගත්තත් ඊලගට ඇය කියපු දේ නිසා ඔහුගේ මුව ඇද වෙලා ගියා.


" තව දෙයක් අපි දෙන දිනේට ක්ලිනික් වලට අනිවාර්යෙන් එන්නත් ඕන ... "


" මොකද අපිට එක්සර්සයිස් කරන්න වෙයි පී ඕ පී එක කැපුවාටත් පස්සේ ... "


වෛද්‍යවරියටත් හෙදියටත් හිනා ඔහුගේ මුව ඇද වුනු විදියට.


" මට පේන්නේ අපිට මෙයාව දිගට ම තියාගන්න වෙයි වගේ නේද නර්ස් ... "


නිමන්ත ඇස් විසල් කරගෙන බැලුවේ ඒ හරුපේ මොකක්ද කියලා හිතන ගමන්.


" මං එහෙම කිව්වේ ක්ලිනික් වලට එන්න අදිමදි කරපු නිසා ... "


" ඔච්චර අකැමැති නම්  ඇවිත් ඉන්න එදාට මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ ... "


" මං ඉක්මණට ම ක්ලිනික් එක ඇතුලට අරන් යවන්නන්කෝ ... "


නිමන්තට ඇල්ලුවේ නෑ ඇයගේ මේ වැඩි වැඩ. ඔහු ඇය දිහා බැලුවේ වපර ඇහින්. ඇයට ඔහුගේ ඒ බැල්මෙන් කියවන දේ තේරුම් ගන්න පුලුවන් වුනා. ඒ නිසාමයි ඇය හිනාවකින් ඔහුට සංග්‍රහ කරලා එතනින් යන්න ගියේ.


" ඒ මොකක් ද යකෝ ඒ/කී/ට වුනේ ... "


" ලෙඩ්ඩු හොද කරනවා ද නැත්නම් ලෙඩ වැඩි කරනවා ද ... "


ඔහු ඒ ගැන ම හිත හිත ඉද්දි නොදැනීම ඔහුට නින්ද ගිහින් තිබුනා.


" ඩොක්ටර් ... කවදාවත් මේ වගේ වැඩ වලට කැමති නෑනේ ... "


" ඇයි එහෙම දෙයක් කලේ ... "


වෛද්‍යවරියගේ මුව සුන්දර සිනහවකින් හැඩ වුනා. ඒ හැඩය අමුතු කතාවක් ගොතලා. ඒ ඇස් වල කතාව තේරුම් ගන්න අද කාටවත් බැරි වුනේ ඒ ඇයගේ විදිය නෙමේ නිසා. අද ඇය පාසල් වියේ සිටි කෙලිලොල් යුවතියම වෙලා. අධ්‍යාපනයට ම මුල් තැන දුන් පොත් ගුල්ලි අද අමුතු කතාවක් ලියන්න පටන් අරන්.


" මං කරන්නේ මගේ හදවතට දැනුණු දේට ඉඩ දෙන එක කෙල්ලේ ... "


" එදා ඇක්සිඩන්ට් වෙලා නිමන්ත ගේන කොට මම හිටියේ එයාව බාරගන්න ... "


" මගේ හදවත නැවතුනා වගේ එයාව දකිද්දි ... "


" මගේ ම කෙනෙක්ව ඇක්සිඩන්ට් වුනු තරමට මට වේදනාවක් දැනුණේ ... "


ඇයට හිමිව තිබු කැබින් එක තුල පුටුවෙහි වාඩි වුනු වර්ශා පෙන් හොල්ඩර් එක තමන් අත තිබු පෑන දාලා බැලුවේ බය වෙලා වගේ තමන් දිහා බලන් ඉන්න තම මිතුරියක් වගේ ඉන්න හෂිනි දිහා.


" මට මෙහෙම හැඟීමක් දැනුණු පලවෙනි පිරිමියා තමයි එයා ... "


" ගෙදරින් ගෙනවා යෝජනාවට අකැමැති වෙන්න බැරිව මං ප්‍රදීප්ට කැමති වෙලා හිටියට එතන ආදරයක්වත් හැඟීමක්වත් තිබුණේ නෑ හෂිනි ... "


" එදා නිමන්තව දැක්ක දවසේ ඉදලා මං වද වුනා එයා ගැන ... "


" එයා මට නොලැබුණත් මං එයාට ආදරෙයි කෙල්ලේ ... "


හෂිනි සතුටින් බලන් හිටියේ සුන්දරව හිනහෙන ඒ පින්බර වත දිහා. වර්ශා කියන්නේ පවුලේ එකම දරුවා වෙද්දි ඇය ගෙව්වේ හුගාක් සුඛෝපභෝගී දිවියක්. දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දෙමින් විවාහ යෝජනාව ස්ථිර වී තිබියදිත් ප්‍රදීප් නම් විවාහ යෝජිත සහකරුගේ අනියම් සම්බන්ධතා හෙලි වීමත් සමග ඒ යෝජනාවත් වර්ශාගේ නිවසින් ප්‍රතික්ශේප කලා. 


" ඒත් ඩොක්ටර් ... අපි පේෂන්ගේ පෞද්ගලික තොරතුරු කිසිම දෙයක් දන්නේ නෑනේ ... "


වර්ශා මදහසකින් ම බැලුවේ හෂිනි දිහා.


" මං අපිට දීලා තියෙන ඇඩ්රස් එකෙන් එයා ගැන විස්තර හොයලා බැලුවා ළමයෝ ... "


" එයා සල්ලිකාරයෙක් නම් නෙමේ තමයි ... "


" ඒත් එයා උගත් බැංකුවක වැඩ කරන ගොවියෙක්ගේ පුතෙක් ... "


" බොහෝම අහිංසක පවුලක් ... "


" මං අම්මාටයි තාත්තාටයි එයා ගැන කියලත් ඉවරයි ... "


" එයාලාගෙත් අකැමැත්තක් නෑ ... "


හෂිනිගේ හිතේ තිබුනේ වෙන ප්‍රශ්නයක්. ඇය එය කියන්න අදිමදි කරද්දි ඒකටත් වර්ශාගෙන් ම පිලිතුරු ලැබුනා.


" ඔය කල්පනා කරන්නේ එයාට ගර්ල් ෆෙරෙන්ඩ් කෙනෙක් හිටියොත් කියන එකනේ නේද ... "


හෂිනි හිස පමණක් වැනුවේ පුදුමයෙන්. ඇය හිතපු දේ හරියට ම වර්ශා කිව්වට.


" හොයලා බලපු කෙනා තමා කිව්වේ තවම කවුරුවත් නෑ කියලා ...  ඒත් මං ඕන දේකට මූණ දෙන්න හිතාගෙන තමයි එයා ගැන හිතුවේ හෂී ... "


" මං කැමති වුනාට එයා මට අකැමැති වෙන්නත් පුලුවන්නේ ... "


" ඉතින් මං එන දේකට මූණ දෙනවා ... "


ලස්සනට හිනාවෙලා එහෙම කිව්ව වර්ශා වෙද නලාවත් කරේ දාගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ තවත් රෝගී බැලීමට යාමටයි. ඇය පසු පසින් ම ඇදුණු හෂිනි ප්‍රර්ථනා කලේ එක දෙයයි. වෛද්‍යවරියක් වුනත් නිරහංකාර ඉන්න ඇය වගේ කෙල්ලෙක්ට හරියන්න ඕන කියලමයි.   





" කොහොමද වේනූෂ් පුතා දැන් ... "


මේ කිසිත් නොදන්න ප්‍රියංකා වේනූෂ්ගේ අතක් පිරිමදිමින් එහෙම අහද්දි තවත් ඔහු කලබලයෙන් ඔවුන් සියලු දෙනා දිහාම බලාගෙන ගියා. ඒත් ඔහුගේ ඇස් එක ඇස් දෙකක් ලග ගැස්සුනා. 


" මෙයා කව්ද ... "


හුරු පුරුදු ඒ රුව ලග ඔහුගේ හිත ගැස්සුනු නිසාමයි ඔහු එහෙම ඇහුවේ.


" මේ ඉන්නේ මගේ ගර්ල් ෆෙරෙන්ඩ් අරුණලී ... "


" ඔයත් මෙයාව දන්නවා ... "


කෙල්ල තූශ්නිම්භූත වෙලා වගේ රකේල් දෙසත් වේනූෂ් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා.


" මට මෙයාව දැකලා පුරුදුයි වගේ ... "


වේනූෂ් එහෙම කියද්දි ගැස්සුනේ රකේල්ගේ පපුව. කොල්ලා බැලුවේ තවමත් පුදුමයෙන් ඉන්න තම මවත් කෙල්ලත් දිහා.


" උ/බ/ට ඉක්මණට ම මතක් වෙයි මචං අපි කව්ද කියලා ... "


" එතකන් අපිව අදුනගෙන තියාගනින්කෝ ... "


එහෙම කියපු රකේල් ඔවුන්ව පැහැදිලිව ඔහුට අදුන්නලා දුන්නා.


" මගේ අම්මාව එක්කන් ආවේ නැද්ද රකේල් ... "


වටපිට බලමින් වේනූෂ් එහෙම අහද්දි රමේෂ් වෛද්‍යවරයෙක් හා හෙදියක් සමග රෝහල් කාමරය තුලට ආවා.


" කොහොමද මිස්ටර් වේනූෂ් ... "


සුහදව හිනාවෙලා තරුණ වෛද්‍යවරයා එහෙම අහද්දි වේනූෂ් කලේ නිහඩව හිටපු එක. ඔහු තරමක චකිතයකින් මේ හැමදේ ගැන ම හිතන්නේ දකින්නේ.


" ඩොක්ටර් වේනූෂ්ට අපිව මතක නෑ ... "


" අම්මවයි තාත්තාවයි නම් මතකයි ... "


වේනූෂ් අසරණව තම පියා දෙස බැලුවේ වේදනාවෙන් ඒ ඇස් වල කදුලු උණන හැටි දකිද්දි.


" අප්පච්චි ... මට ඔයාලාව මතකයිනේ ... ඉතින් ඇයි දුක් වෙන්නේ ... "


" ඉක්මණට ම ... මට අනිත් ටිකත් ... මතක් වෙයි ... නේද ඩොක්ටර් ... "


තම පියාගේ හිත රිද්දන්න අකැමැති නිසාම වේනූෂ් ඔහුට මතක ටික ගැන සෑහීමකට පත් වෙමින් අපහසුවෙන් වුනත් එහෙම කියලා දැම්මා. 


කෙල්ලට නම් දුකයි ඇයවත් ඔහුට මතක නැති එකට. ඒත් පුංචි සතුටකුත් තිබුනා ඇයව හුරුයි කිව්ව නිසා. වේනූෂ්ගේ ඇස් නිතර ම කෙල්ලගේ පස්සේ ම වැටෙද්දි නම් රකේල්ට තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා.


" අම්මා ... අපි ගිහින් එමු නේද ... "


" ඩොක්ටර්ට නිදහසේ වේනූෂ්ව බලන්න දීලා ... "


හැමෝම ඔවුන්ට සමු දිලා රෝහල් පිටවෙද්දි කෙල්ල ලගින් ම කාර් පාර්ක් එකට යමින් සිටි රකේල් කෙල්ලගේ අතින් ඇදලා තමන් ලගට ගත්තේ කෙල්ල බය වෙද්දි.


" හෙට ඉදලා වැඩට එනවා හරි ද ... "


" එහෙන් මෙහෙන් පේන්න නම් ඇදගෙන එන්න එපා ... "


කෙල්ල ඇසුත් ලොකු කරන් බලන් ඉන්නේ වෙනදාට තියෙන නපුරුකම නැතුව හුගාක් ආදරණීයව හැසිරෙන රකේල්ගේ දඟකාර හැසිරීම් දිහා. ඇයට දැන් ලෝබයි ඔහුගේ කඩවසම් මුහුණේ කලාතුරකින් දකින ඒ හිනාවට. 


" එනකොට මටත් එක්ක දවල්ට කෑම ගේනවා ... "


" උදේට මං අරන් එන්නන් ... "


කෙල්ලව නම් කරකවලා අත ඇරලා වගේ. ඔහු ලග ඇසිපිය ගහන්නත් කෙල්ලට දැන් අමතක වෙනවා. 


" මං කියලා තියෙනවා මැණිකේ ඔහොම නම් මං දිහා බලන්න එපා කියලා ... "


" අපිත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු හොදේ ... "


" ඊට පස්සේ ඉතින් මම නරකයෙක් කියාගෙන නම් එන්න එපා ... "


කෙල්ලට සුලු මොහොතක් ගියා ඔහු කියන දේවල් තේරෙන්න. ඇය ජම්බු ගෙඩියක් වගේ රතු වුනේ කොල්ලා ආසාවෙන් බලාගෙන ඉද්දී.


" පුතා ... යන්නේ නැද්ද ... "


" දෙන්නාට පස්සේ ඇති වෙනකන් කතා කරන්න බැරියැ ... නේද දර්ශී ... "


දර්ශනීත් එය අනුමත කරද්දී කෙල්ලගේ හිතට දැනුණේ කෝල බවක්. ඇයට තවමත් ආදරය ආගන්තුකයි. කොල්ලා දිහා නොබලාම කෙල්ල දර්ශනී ලගට යද්දි කොල්ලත් හිතට දැනුණු ලැජ්ජාව සගවගෙන ම ඔවුන් අසලට ආවා.


" දර්ශනී අම්මේ ... හෙට ඉදලා ආරූව වැඩට එවන්න හොදේ ... "


දර්ශනී හිනාවකින් ම කෙල්ල දිහා බැලුවේ ඇයගේ කැමැත්ත අහන්න වගේ. කෙල්ල මුකුත් නොකියා බිම බලා ගත්තේ එදා මව නොසෑහෙන්න බැනපු එකේ තරහටත් එක්ක. දර්ශනීට ආරූගේ හැටි දන්න නිසාම නිශ්ශබ්දව නොයිද ඇයගේ අදහස කිව්වේ.


" මගේ නම් අකැමැත්තක් නෑ චුටි මහත්තයෝ ... "


" ඒත් සුදු හාමිනේ අසනීප වෙලා හිටිය නිසා තව දවසක් දෙකක් ගෙදර ඉදලාම ගියා නම් හොදයි නේද ... "


කොල්ලා හිත නොසන්සුන්. ඇය නැතුව දවස් දෙකක් කාර්යාලය තුල ඉන්න ඔහුගේ කැමැත්තක් නෑ. රකේල්ගේ නොසන්සුන් වු හිත වගේ ම ඇසුත් නැවතුනේ කෙල්ල ලග. ඇය තවමත් බිම බලාගත්ත ගමන්. 


" ප්‍රමේෂ්ටත් වැඩ වැඩි වුනෙත් මට සෙකර්ට්රි කෙනෙක් නැති නිසා ... "


" මෙයා ආවොත් මට බය නැතුව මෙයාව ඔෆිස් එකේ තියලා අනිත් දේවලුත් බලන්න යන්න පුලුවන් ... "


" අනික මමයි ප්‍රමේෂුයි දෙන්නාම ඉන්නේ මෙයාව බලා ගන්න ... "


දර්ශනීටත් වගේම ප්‍රියංකාටත් හිත යටින් හිනා කොල්ලාගේ උත්සාහය දැකලා. ඇයට ඕන ඇයව ලග තියාගන්න මිසක් කෙල්ලගෙන් වැඩ ගන්න නෙමේ කියලා නොතේරෙන්න තරම් ඔවුන් ලද බොලද නෑ. ආදරේ වෙනුවෙන් ඔය වගේ පුංචි පුංචි මුසාවාද කියන එක දර්ශනීටත් ප්රියංකාටත් නුපුරුදු දේවල් නෙමේ. 


" සුදු හාමිනේ ... මොකද කියන්නේ ... "


කෙල්ලගේ හිස පිරිමදිමින් ප්‍රියංකා එහෙම අහද්දි නම් ආරූට තවත් නිහඩ වෙලා ඉන්න බැරි වුනා.


" මගේ අකැමැත්තක් නෑ ලොකු නෝනා ... "


ප්‍රියංකාගේ මුව ඇද වෙලා ගියේ කෙල්ල තවමත් ලොකු නෝනා කියද්දියි.


" සුදු පුතා ... ඔයාට වෙන හොද කෙල්ලෙක් මං හොයලා දෙන්නන් ... "


කෙල්ල වගේම කොල්ලාත් බය වෙලා වගේ බැලුවේ එහෙම කිව්වේ ඇයි කියලා හිතාගන්න බැරිව. දර්ශනීටත් පුදුමයි ප්‍රියංකා ඒ වගේ කතාවක් කිව්ව එකට. ඒත් කොල්ලාට ප්රියංකා ඊලගට කිව්ව කතාවත් එක්ක තේරුනා ඇය එහෙම කිව්වේ ඇයි කියන එක. ඉතින් ඔහුගේ මුවේ ලස්සන හිනාවක් ඇදුනේ මවගේ බොරු කේන්තිය දැකලයි.


" රකේල්ගේ අම්මා මංනේ ... " 


" මට අම්මා කියන්න බැරි නම් මං මොකටද මගේ පුතාව සුදු හාමිනේට දෙන්නේ ... "


කෙල්ල අසරණ වෙලා වගේ බැලුවේ දර්ශනී දිහා. ඇය ලගත් ඒකට නම් පිලිතුරක් නෑ. මොකද තවමත් කෙල්ලත් කොල්ලත් අතර ආදරයක් පටන් අරගෙනවත් නෑ. 


" අම්මා ... ආරූට තව ටික දවසක් දෙන්න ... "


" එකපාර අමාරුයිනේ පුරුද්දක් අත අරින්න ... "


ප්‍රියංකා කොල්ලා දිහා බලලා ඔරවලා කෙල්ලගේ පැත්ත බැලුවේ අමනාපයෙන් වගේ.


" එයා පුරුදු වෙද්දි බැරියැ ... "


" ඔන්න දැන් ම කිව්වා ... අද ඉදලා ලොකු නෝනාලා නෑ ... ඉන්නේ අම්මා කෙනෙකුයි දර්ශනී එක්ක හිටිය යාලුවයි විතරයි ... "


දර්ශනීට නම් හිනා ගියේ ප්‍රියංකාගේ පාසල් වියේ තිබුණු ඒ කටකාරකම් මතක් වෙද්දි.


" අම්මෝ ... දැන් ඇති සුදූ ... "


" ඔයා  ... මගේ කෙල්ලව බය කරනවානේ ... "


" පව් මගේ කෙල්ල අඩන්න ඔන්න මෙන්න ඉන්නේ ... "


ප්‍රියංකාගේ කනට ලං වෙලා රකේල් රහසින් ම එහෙම කියද්දි ප්‍රියංකා සිනා පිරි මුවින් ම බැලුවේ කෙල්ල දිහා. 


" අදට සමාව දෙනවා සුදු හාමිනේ ... "


" ඔන්න ඊලග පාර මම ලොකු මැණිකේ නෙමේ හරි ද ... "


කෙල්ලගේ හිතට සැනසීමක් දැනුණේ දැන්. ඇත්තට ම ඇය බය වුනා රකේල්ව ඇයට නැති වෙයි කියලා.


" හෙට උදේ 7 වෙද්දි රෙඩි වෙලා ඉන්න ... "


" මතකනේ කියපුවා ... "


කොල්ලාගේ කාර් එකේ ඔහුට එහා පසින් වාඩි වෙලා හිටිය කෙල්ල දිහා බලලයි එහෙම කිව්වේ. ප්‍රියංකාගේ තීරණය වුනේ කෙල්ලව රකේල්ගේ කාර් එකේ යවන එක. දර්ශනී වුනත් ඒකට අකැමැති නොවුනේ ඔවුන්ට තනියම ජිවිතේ තීරණ ගන්න දැන් නිදහස දීලා තියෙන නිසා. 


ආරූ කලේ පුරුදු විදියට ම ඔලුව හොලවපු එකම තමයි.


" ඔහොම බෙල්ල හොලව හොලවම හි/ට/පි/ය/කෝ ... "


" දවසක මට වෙන්නේ ඕකට පත්තු හොය හොය බදින්න තමයි ... "


කෙල්ලගේ හිසට නොරිදෙන්න ටොක්කක් ඇනපු කොල්ලා ඇයගේ නිවස අද්දර නවත්තලා තියෙන තම මවගේ කාර් එක දිහා බැලුවා. කෙල්ල හැදුවේ නිවස පේන දුරින් නවත්තලා තියෙන කාර් එකෙන් බහින්න. ඒත් ඇය දොර අරින්න හදන කොට ම කොල්ලා ඇයව වලක්වන්න හිතාගෙන අතින් ඇදලා ගනිද්දී පුලුන් රොදක් වගේ ඇදිලා ගිහින් නැවතුනේ කොල්ලාගේ පපුවේ. ඇය ඇස් තදින්ම වහගද්දි කොල්ලාගේ මුවේ ඇදුනේ දඟකාර හිනාවක්.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10