නීල නයනී 18


නීල නයනී


18_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" ඔක්කොම කරලා දැන් ඉතින් මාව නොමග යවන්න කදුලු හ/ල/ප/න් ... "


" ත/මු/සේ/ට ඕන මාව පනපිටින් ම/රා ගන්නද ... "


කෙල්ල කදුලු පිරි නෙතින් ම කොල්ලා දිහා බැලුවේ ඔහුගේ හඩේ තියෙන බිය වැටහෙද්දී.


" අම් ... මා යමු කියද්දි මට මුකුත් කියන්න බැරි වුනා ... "


" කෝල් ගන්න බැරි වුනේ අම්මා ලග හිටිය නිසා ... "


" ඒත් මං මැසේජ් එකක් දැම්මා ... "


කෙල්ලගේ හුරතලේ ලග කොල්ලාගේ හිතේ තිබුණු නොසන්සුන්කම පරයා ඇය වෙනුවෙන් ආදරේ වැඩිවෙද්දි ඒ අතින් ඇද ඇයව තම තුරුලේ හිර කරගත්තේ කෙල්ලත් ඔහුට අවනතව ඒ පිරිමි සුවදට ඉව අල්ලමින් ලෝබ බදිද්දි.


" මේ අන්තිම පාර හරිද ... "


කෙල්ල ඒ පපුවේ සිට ම මුවින් කෙදිරිල්ලක් පිට කලා පමණි. 


" ඊලග පාර කිසිම සමාවක් නෑ කොලේ අත්සන් කලා ගෙදර අරන් ගියා ... "


" නැත්නම් මට වෙන්නේ ඉක්මණට ම ඇගේ ලේ වතුර කරගන්න තමයි ... "


" මහා හි/තු/ව/ක්/කාරයි ත/මු/සෙ/ත් ... "


කෙල්ල ඇස් තද කරගත්තේ කොල්ලාගේ ගෙරවිල්ලා ඉවසගන්න බැරිව.


" අපෝ ... මේ/කා රොමෑන්ටික් වෙනවාට වඩා මට බනින එකනේ කරන්නේ ... "


" අර ෆිල්ම් වල වගේ කා/ර් එක ඇතුලේ කරන ඒවා මෙයා දන්නේ නැද්ද මන්දා ... "


කෙල්ල එහෙම හිත හිත ඉද්දි තදින් ඇස් පියාගෙන ඉන්න කෙල්ල දිහා මොහොතක් බලන් හිටිය රකේල් ඇයගේ නලල මත සි/පු/මක් තියලා මුව ගෙන ගියේ ඒ සවන මතට.


" තව ඔහොම තු/රු/ල් වෙලා හිටියොත් තව තව දේවල් වෙයි ඈ ... "


ඒ වදන් ඇසුණු සැනින් කෙල්ල ඔහුගේ තු/රු/ලෙන් ඈත් වෙද්දී රකේල් මහා හයියෙන් හිනාවෙන්න ගත්තේ කෙල්ලවත් ලැජ්ජාවට රතු කරවලා. 


" අන ඇත්තට ත/මු/සෙ/ත් ... හොදට මගේ අස්සේ ඉදලා දැන් ලැජ්ජාවෙන් ඇඹරෙනවා ... "


" මේ ... ඕවට ද ඕ/යී හැටහතර මායම් කියන්නේ ... "


කටකොනකින් හිනාවෙන ගමන් කොල්ලා එහෙම කියද්දි කෙල්ල ඔහු දිහා බැලුවේ ඒ රත් පැහැති දෙතොලක් දසන් අතරට සිර කරගෙන. ඇයගේ බැල්ම සරාගී වෙද්දී රකේල් ඒ බැල්මෙන් ඔහුගේ ඇස් මුදවගත්තේ නොසන්සුන් වු හිතින්මයි. 


" එකපාරටම මේ ය/කා/ට මොකද වුනේ අප්ෆා ... "


" මං විහිලුවනේ දෙයියනේ ඔරවලා බැලුවේ ... "


" තරහා ගියාවත් ද ... "


ආරූ හිතන්නේ ඇය ඔහු දිහා ඔරවලා බැලුවේ කියලා. ඒත් ඇය දන්නේ නෑ ඒ ඉරියව් කොල්ලාව අපහසුතාවට පත් කරලා කියන එක. ඇය වෙනුවෙන් ආදරෙත් එක ඔහුට දැනෙන හැඟීම් බොහොමයි. ඒ හැම හැඟීමක් ම ඔහු ඉවසන්නේ ඇයව ඔහුගෙනුත් පරිස්සම් කරගන්න. 


" මමත් ඉදලා ඉදලා ආදරේ කලේ මටවත් තේරුම් ගන්න බැරි මනුස්සයෙක්ටනේ දෙයියනේ ... "


" දැන් ම කිව්වා ඔන්න දෙයියෝ ම බලා ගන්න ඕන මාව ඈ ... "


තවමත් කවුලුවෙන් පිටත බලාගෙන ඉන්න කොල්ලා දිහා බල බල එහෙම හිතුව කෙල්ල ගස්සලා වගේ ඇයත් කවුලුවෙන් පිටත බලා ගත්තා. ඔහොම ගෙවෙන්න ඇති විනාඩි කිහිපයක්. හිත සන්සුන් කරගෙන කොල්ලා බැලුවේ ඇය දිහා. කවුලුවෙන් පිටත බලා ගෙන ඉන්න ඇයගේ කෙහෙරැල්ලි කිහිපයකින් ඒ වත මුවා කරගෙන. ඔහුට දැනුණේ නොරිස්සුමක්. සීරුවට ඒ කෙහෙරැලි  එකින් එක ඇගේ කන පිටුපස රදවද්දි කෙල්ල පුදුමයෙන් බැලුවේ ඔහුගේ නෙත් දිහා. ඒ ඇස් දිලිසෙනවා තව ඇයට මොන මොනවාදෝ කියනවා. ඇය බෝනික්කියක් වගේ ඇස්පිල්ලම් ගසමින් ඔහුගේ ඇස් කියවන්න හදද්දි කොල්ලා උකුල මත තිබුණු ඇයගේ අතක් අරගෙන ඒ ඇස් දිහාම බලාගෙන සි/ප/ගනිද්දි ඉබේම ඇයගේ ඇස් පිය වුනා. අතින් ඇරඹුණු ඒ හිරිවැටීම ඇයගේ ගත පුරා යද්දී උකුල මත වු අත් බෑගය ඇය අතින් තද වෙලා ගියා.


" සුදු නෝනා ... ත/මු/සේ නම් මාව පිස්සු වට්ටනවා ... "


ඇයගේ අත අතහැරලා ඔහුගේ කොන්ඩය ඉහලට කරමින් කොන්ඩය අවුල් කරද්දි කෙල්ල පියවුනු දෑස් හැර කොන්ඩෙට වද දෙමින් ඉන්න කොල්ලා දිහා බැලුවේ පුදුමයෙන්. ඔහුගේ හැසිරීම ඇයට ගෙනවා කුතුහලයක්. ඒ වත තවත් කඩවසම් වෙලා කියලා ඇයට හිතුනා. අවුල් වුනු කොන්ඩෙන් ඔහුගෙන් දිස් වුනේ කෙලිලෝල් තරුණයෙක්ගේ පෙනුමක්. කෙල්ල පුදුමයත් පැත්තකට දාලා කොල්ලාගේ හිසේ සිට පාදාන්තය තෙක් ඒ දෑස් ගෙන ගියේ කොල්ලාව නැවතත් අපහසුතාවට පත් කරලා.


" මේ/කී යකෝ කන්න වගේ බලන කැත ... "


" මාව අවුස්සලා තව මාව ඇස් වලින් ගිලින්නත් හදනවා ... "


" ඉක්මණට මගේ ටාගට් එකට ගිහින් මෙන්න මේ/කී/ව බැදගන්න ඕන ... "


" නැත්නම් මං නවතින්නේ පිස්සන් කොටුවේ තමයි ... "


ඔහුගේ හිතටත් ඇය ගැන දැනෙන ආදරේ දරන්න බැරි තරම්. කෙල්ල හුගාක් දගයි ඒ වගේම අහිංසකයි කියලා කොල්ලා දන්නවා. ඔහු කැමති ම ඇයගේ ඒ දගවැඩ වලට. 


" ගානට වැඩී ඈ ... "


බොරුවට තරවටු කරන ස්වරූපයෙන් එහෙම කියපු කොල්ලා කාර් එක පාරට දැම්මේ කෙල්ල තුෂ්නිම්භුතව ඔහු දිහා බලන් ඉද්දි. කෙල්ල ඒ මොහොතේ පටන් කල්පනා කලේ රකේල් ඇයට එහෙම කිව්වේ ඇයි කියලමයි. ඒත් ඇයට හිතා ගන්න බැරි වුනා ඔහු හිතපු දේ.


" අහස පොලොව ගැටලන්න බැරියැ පස්සේ එනවා අපි ඔෆිස් එකට ආවා ... "


ආරූට තවත් ප්රශ්නයක් ඇයි අදත් ඔෆිස් එකට ආවේ කියන එක. 


" ත/මු/සෙ/ත් එක්ක පිට තැනකට ගිහින් ඉන්න එක අවධානම් ... "


" සුදු නෝනා දන්නවානේ රන්දුනු කියන මි/නි/හා එදා කියපු දේවල් ... "


" ඉතින් එලියට ගිහින් ත/මු/සේ ගැන බයෙන් ඉන්නවාට වඩා මගේ තැනකට එක්ක එන එක මගේ හිතට නිදහස් ... "


කෙල්ලට කොල්ලා ගැන දුක හිතුනා. ඔහු මේ හැමදේම කරන්නේ ඇය නිසා කියලා ආරූට දැන් තේරෙනවා. ඉතින් ඇය ආදරෙන් බැලුවේ තම අතක් මැදි කරගෙන ඉන්න ඒ කඩවසම් රූපේ දිහා. ඔහු දැන් තමාගේම නේද කියලා හිතෙද්දි ඇයට හිතට දැනුණේ ආඩම්බරයක්.


" බයේ නෙමේ ... මං කැමති නෑ මගේ මැණිකේව ඒ ජා/රා සත්තුන්ගේ ඇස්වලින් ඉදුල් වෙනවටවත් ... "


" ඉක්මණටම මං ඔය රන්දුනුගේ කතාව ඉ/ව/ර/ය/ක් කරලා දානවා ... "


" ඊට පස්සේ පුලුවන් මගේ සුදු නෝනාට ඕන තැනක නිදහසේ යන්න හොදද ... "


බය වෙලා වගේ තමාගේ කතාව අහගෙන ඉන්න කෙල්ලගේ කොපුලක් නොරිදෙන්න පොඩි කරමින් කොල්ලා එහෙම කියමින් කෙල්ල ආසම විදියට හිනා වුනා.


" ගානට වැඩි අහිංසක මම ද නැත්නම් මෙන්න මේ හි/ක/න/ලා ද ... "

 

" බුදු අම්මෝ ... මං  මේ/කා/ට  පි/ස්/සු වැටුනා අම්මේ ... "


ඇයට හිතෙන දේවල් ඒ තරම් හොද නෑ කියලයි ඇයට හිතුනේ. 


" චී ... චී ... ආරූ ... මොනව ද ඔය හිතන්නේ ... "


" ඔය කොල්ලාව ඇස් වලින් නොකා අහක බලා ගන්නවකෝ ... "


රකේලුත් ඇයගේ ඇස් වලට එබිලා හිටියේ ඇය ඉන්නේ දුර ගිය කල්පනාවක කියලා හිතුන නිසාමයි.


" හිතන දෙයක් ඔෆිස් එකට ගිහින් හිතමු මැණික ... "


රහසින්ම එහෙම කියපු කොල්ලා පලමුවෙන් ම කාර් එකෙන් බැහැලා කම්පනි එකේ ඉන්න ආරක්ෂකයෙක් ඇවිත් ඔෆිස් එකේ දොරවල් අරිද්දි ඇයගේ පැත්තේ දොරත් ඇරලා ඇය පිටතට එනකන් බලන්න හිටියා. 


" අනේ මන්දා ත/මු/සේ නම් පිස්සු කෝලමක් සුදු නෝනා ... "


කෙල්ලගේ මුවේ ඇදුණේ මහා න/ස/රා/නී හිනාවක්. ආරූ වට පිට බැලුවේ ලගපාතක ආරක්ෂක නිලධාරියා ඉන්නවා ද කියලා. ඒ වෙනකොටත් ඔහු තම ආයතනයේ ප්‍රධානියාට දොරවල් විවෘත කර දී එතනින් පිට වෙලා තිබුනා.


" මහත්තයෝ ... මේ ... මේ ... අර පැත්තේ මැංගුස් ගහේ ගෙඩි පිරිලා තිබුනා ... "


" අපරාදේ නේද ඉදිලා වැටිලා ගියොත් එහෙම ... "


රකේල් ඇයට නොපෙනෙන්න හිනාවුනේ ඇයගේ ක/ප/ටි/ක/ම ගැන හිතමින්.


" මං කිව්වා ඒ ටික අපේ සිකියුරිටි එකේ පියල්ට කඩා ගෙන ඕන නම් විකුණ ගන්න කියලා ... "


" ගස් හයක් ද කොහෙද තිබුනානේ ... "


ආරූගේ කට තැලිච්ච කජු ලෙල්ලක් වගේ ඇද වෙලා ගියා.


 " අපෝ ... මං කියපු දේ ගැන වගක් නෑ ... "


" ඔක්කොම අර පියලාට කඩා ගන්න කියලා ... "


" මදැයි දත කට මැද ගෙන හිටියා ඇති වෙනකන් මැංගුස් කන්න ... "


කොල්ලාවත් ගණන් නොගෙන ආරූ ඔෆිස් එක ඇතුලට ගියේ මැංගුස් නැති තරහාත් දුකත් එක්කමයි. ඒත් ඇයගේ ඇස් ඉබේ ම ලොකු වුනේ රකේල්ගේ කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ගියාහමයි.





රන්දුනුගේ ගෝලයෙක් කලබලයෙන් එතනට ආවේ ඔහුගෙන් අවසර නොගෙනමයි.


" මොකද බො/ල ගාල කාඩගත්ත හ/ර/කා වගේ ඇතුලට ආවේ ... "


රන්දුනු හිටියේ ඔහුගේ අලුත් පෙම්වතියව සි/ප/ගනිමිනුයි. ඔහුගේ ඔත්තු කරුවෙකු වු ඩගීගේ පැමිණීම ගැන නොරිස්සුමක් දැනුණත් නමුත් ඒ පැමිණීම වැදගත් එකක් කියන එක ඩගීගේ කලබලයෙන්ම රන්දුනු දැනගත්තා.


" සොරි වෙන්ඩ ඕන බොස් ... "


" මට බොස් එක්ක තනියම කතා කරන්න ඕන ... "


රන්දුනු ලගට ගන්න කිසිම පෙම්වතියක් ඔහුගේ යටි අරමුණු දැනගෙන හිටියේ නෑ. ඔවුන් දැනගෙන හිටියේ ඔහු සල්ලි උඩ පීනන මනුස්සයෙක් කියලා විතරයි. තව ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔහු භුක්ති විදින හැම සතයකම අයිතිකාරයා ඔහුගෙන් කඩවසම් දෙවෙනි පුතු කියලා.


" හරි දැන් කියනවා ඩගී ... "


ඔහුගේ අලුත් පෙම්වතිය රීටාව ඔහුගේ කාමරයෙන් පිටත් කරලා තමයි රන්දුනු ඔහුගේ හඩ අවදි කලේ.


" මේකයි බොස් පොඩි මහත්තයා අද අර පොලිසියේ ඒ/කා/ගේ ගෙදර ඉදලා කෙල්ලව ගෙන්න ගෙන හුගාක් වෙලා කාර් එක ඇතුලට වෙලා හිටියා ... "


" කලු වීදුරු නිසා මුකුත් ම දැක්කේ නෑ අපි ... "


" අපි දිගට ම ටච් එකේ හිටියා ... "


රන්දුනු සාවධානව අහගෙන හිටියා මිසක් කිසිම දෙයක් අහලා ඩගීට බාධා කලේ නෑ.


" ඊට විනාඩි හතලිස් පහකට පස්සෙයි ඒ කෙල්ලවත් දාගෙන ම චුටි මහත්තයාගේ ඔෆිස් එකට ගියා ... "


" හොයා ගත්ත තොරතුරු වලට අනූව නම් බොස් අද වැඩ නෑ නිවාඩු දවසක් ... "


රන්දුනු මුවේ ඇදුණේ මහා වි/ය/රු හිනාවක්.


" බ/ල/ප/න් ඩගී ... අප්පච්චි නරක මි/නි/හා ගෑණූ එක්ක හිටියොත් ... "


" ඒත් පුතා දියණු වෙලා තියෙන හැටි බලනවාකෝ ... "


" කාර් එකේ පැයයි ඔෆිස් එකේ පැයයි ... "


මහා හඩින් හිනාවෙමින් එහෙම කිව්වේ ඩගීත් එය අනුමත කරමින් සිනාසෙද්දි.


" ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවානේ බොස් ... "


රන්දුනු පියෙකු විදියට සතුටු වුනේ රකේලුත් ඔහු වැනි සල්ලාලයකු වී ඇතැයි කියා හිතමින්මයි.


" නරකට හිටි වටේ ම අ/න්/ත/පු/ර/ය/ක් තියා ගෙන ඉද්දි ... "


" අනාගතයේදී බැරියැ පුතන්ඩියටයි මටයි හුවමාරු කරගෙන ම සතුටු වෙන්න ... "


ඒත් රන්දුනුට වැරදුනු තැනත් එතනයි. ඔහු හිතුවේ නෑ තමන්ගේ ජාන වලින් හැදුණු පුතාටත් තමන්ට හිමි බුද්ධිය ඒ විදියට පිහිටලා ඇති කියලා.


" බොස් ... අපේ එ/කෙ/ක් මං එතන තියලා ආවේ ... "


" දැන් මොනවාද වෙන්න ඕන කියලා බොස් ම කියන්න ... "


" අපි බලන් හිටියේ මෙහෙම දවසක් එනකන් නේද ... "


රන්දුනු පුරුදු වියරු හිනාවෙන් ම ඩගී දිහා බැලුවේ අද තමයි රකේල්ට තමන්ගේ බලය ගැන දන්වන්න ඕන කියලා හිතමින්මයි.


" ඩගී ... ඌ/ට උගන්නන්න ඕන පලවෙනි පාඩම තමයි මං අප්පච්චි ඌ පුතා කියන එක ... "


" දෙවෙනි එක ... මගේ වචනෙකට පිටින් ගිහින් හුගාක් විදවන්න වෙයි කියන එක ... "


" තුන ... පුතාගේ කියලා නෑ මට ර/ස බලන්න හිතුනොත් ලේලීවත් ඇ/ද/ට ගන්නවා කියන එක ... "


ආරූගේ පි/රි/පු/න් වත ගැන තෘෂ්ණාවෙන් ම සිහි කරමින්මයි රන්දුනු එහෙම කිව්වේ. ඩගීත් තො/ල/ක/ට ලෙ/ව කෑවේ රකේල්ගේ කාර් එකට ගොඩ වුනු ආරූගේ හැඩහුරුව මතක් කරමින්.


" අමුතුවෙන් මොනවා ද වෙන්න ඕන කියලා උ/බ/ට කියා දෙන්න ඕන නෑනේ ... "


" එලියට ගිය ඒ/කී/ව එවපන් එතකන් මට වැඩක්වත් කරගන්න ... "


ඩගීට අමුතු දෙයක් නෙමේ රන්දුනුගේ ඒ සල්ලාල වැඩ. ඉතින් රන්දුනුගෙන් සමුගෙන ඩගී කාමරයෙන් එපිටට ආවේ රීටා ට රන්දුනුගේ කාමරයට එවන්න හිතාගෙන. 


" රීටා මිස් ... බොස් ගැන විතරක් නෙමේ අපි ගැනත් සලකලා බලන්න හොදේ ... "


" අන්න ගි/නි කිරිල්ලි නැතුව බොස් වේ/ලේ/න/වා ... "


ඩගී රීටාගේ ප/සු/ප/ස/ට පහරක් දෙමින් මහා ව/ල් බැල්මකින් ඉගි කරද්දි රීටා ඉ/ග/සො/ග සොලවමින් ඇස් නටවමින් ඩගීගේ අදහසට කැමති බව ඉගි කලා. අකමැත්තෙන් වුනත් රීටා ට ඇහකුත් ගසමින් ඩගී එතනින් ඔහුට පැවරූ රාජකාරීයට යද්දි රීටාගේ මුවේ ඇදුණේ මහා කුරිරු හිනාවක්.


" බලන් ඉ/ද/හ/ල්/ල/කෝ ... උ/බ/ලා ඔක්කොට ම ඉක්මණට ම මං මහා උලු ගෙදර දොර ඇරලා දෙන හැටි ... "

 

රන්දුනුගේ කාමරයට යන්න හැරුණු රිටාට උඩු මහලේ විසිත්ත කාමරයේ තිබුණු රන්දුනුගේ ඡායාරූපය දකිද්දීත් පෙර කුරිරු හිනාවම ඒ මුවට ආවා.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10