නීල නයනී 19



නීල නයනී


19_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" අනේ ... මගේ චුටි බට්ටෝ ටික ... "


" මං දුකින් හිටියේ ... ඔයාලා මේ අක්කාව දාලා ගියා කියලා ... "


" ආදරෙයි ව/ස්/තු/ලා ... "


රකේල්ට නම් දැන් පිස්සු හැදෙන්න ලගයි. පහු ගිය ටිකේම මැංගුස් ගස් බ/දා/ගෙන මොන මොනවද කිය කිය ඉන්න කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ හිනාවේවී. ඔහු ඒ මොහොතේ ම හිතා ගත්තා ඇයව මේ වගේ පුදුම කරන්න ඕන කියලා. ඒත් ඔහු පුදුම වෙනවා වෙනුවට ඇයගේ මේ සි/ගි/ති වැඩ නිසා ඔලුව විකාර කරගෙන හිටියේ. 


" මේ මටවත් මේ/කී තවම ආදරේ කියලා නෑ ... "


" අර ගෙඩි ගොඩ බ/දා/ගෙන කියන ටික ඒවා දුන්න කෙනාට කිව්ව නම් නරකට හිටී ... "


" මදැයි මාත් ඉදලා ඉදලා පොඩි එකෙක්ට කරගැහුවා ... "


කොල්ලා හිටියේ ඔහුගේ කැබින් එකේ දොරත් බදාගෙන ඔහු ගැන ම දුකින්. කෙල්ලට රකේල් ව මතකත් නෑ. ඇය මැංගුස් ගෙඩි වලට හා/දු දිදී එක කෝලමක්. 


" ඔය ගෙඩි ටික අල්ලලා විසි කරන්න කලින් මෙතනින් ඇවිත් වාඩි වෙනවා ... "


" ඕවා දුන්නේ මම ... "


" ඔය කරන ආදරයක් මට කරනවකෝ ... "


කඩාගෙන බිඳගෙන කැබින් එක තුලට ආවා රකේල් මැංගුස් ටික බදන් ඉන්න කෙල්ල ලගට විත් තරහෙන් ම සද්දේට එහෙම කියද්දී කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ කොල්ලා දිහා. බදන් හිටිය මැංගුස් ගෙඩි එක දෙක බිමට වැටෙද්දියි ඇයට තේරුම් ගියේ තමන් මැංගුස් එක්ක ගියපු දුර. මුකුත් නොවිච්ච ගානට බිම වැටුණු ගෙඩි ටික හිමීහිට කෙල්ල අහුලන්න ගත්තා.


" මේ වේලාවට තමයි හිතෙන්නේ මැංගුස් ටික අර මනුස්සයාට විකුණන ගන්න දුන්නන් කියලා ... "


" ඇයි ය /කෝ ... මේ ගෙඩියකට තියෙන ආදරේ මටවත් නෑනේ ... "


" ආ/සා/ව/ට එක පාරක් ආදරෙයි කියලා තියෙනවා ද ... "


කෙල්ල හොරෙන් හොරෙන් බලන්නේ කැබින් එකේ එහේ මෙහේ යමින් තමන්ට බනින කොල්ලාට. ඇයට හිනා යන්න ආවත් ඉවසගෙන හිටියේ කොල්ලාගෙන් කනේ ප/හ/ර/ක්/ව/ත් කන්න වෙයි කියලා බයට.


" ඔව් ... කි/ය/ප/න් ... "


කොල්ලාගේ දුරකථනයට ඇමතුමක් ආවෙත් ඒ වේලාවේ. ආරූ හොදටම දැක්කා ඒ ඇමතුමත් එක්ක රකේල් හුගාක් නොසන්සුන් වෙනවා.


" එහෙනම් එයා වැඩ පටන් අරගෙන ... "


ස/ම/ච්/ච/ල/ය පිරුණු ඒ හඩට කෙල්ල සවන් යොමු කරගෙන හිටියේ කුතුහලයෙන්.


" ඌ අප්පච්චි වුනාට දන්නේ නෑ ප්රමේෂ් මං උ/ගේ පුතා කියලා ... "


" ඒ/කා අඩියක් තියද්දි මං අඩි සීයක් විතර තියලා කියලා ඌ තේරුම් ගනීවී ඉක්මණට ම ... "


කෙල්ල බය වුනේ කොල්ලා අප්පච්චි කිව්වමයි. රකේල්ටත් ඇය ඉන්න තැන කතා කරපු එක මෝ/ඩ/ක/ම/ක් කියලා තේරුනේ කෙල්ලේගේ ඇස් වලින්ව දැක්ක බිය නිසාමයි. ඔහු ඉක්මණින් ම කැබින් එකෙන් පිට වුනේ කෙල්ලට ඇස් වලින් මැංගුස් ටික පෙන්නමින් මයි.


" මට අමතක වුනා බ/න් ආරූ මගේ ලග කියලා ... "


" කෙල්ලත් බය වෙලා ... "


රකේල් සමග ඇමතුමේ රැදිලා හිටිය ප්රමේෂ්ගේ අත නලලට ගියේ රකේල්ගේ සුපුරුදු කේන්තිය ගැන දන්න නිසා. 


" ඔ/බ ඉතින් හත්පොලේ ගාගන්නවනේ ඔය කෙහෙල් මල් කේන්තිය නිසා ... 


" පාඩුවේ හිටිය කෙල්ලගේ ඔලුවට උ/බ ඕන නැති ?ක් දැම්මේ ... "


රකේල්ගේ මුවින් දිගු සුසුමක් පිටවෙද්දි ප්‍රමේෂ්ට තම මිතුරා ගැන දුකක් දැනුනේ.


" හරි ... හරි ... වෙච්ච දේ වෙලා ඉවරනේ බං ... "


" දැන් ගිහින් නංගිව ශේප් කරග/නි/න් ... "


කොල්ලාට හැමදාම තමන්ගේ ලගින් ඉදන් හිත හදන ප්‍රමේෂ් ගැන දැනුණේ ආදරයක්. ඔහු නොහිටින්න මේ ජිවිත කාලයේ හුගාක් ඔහු තනිවෙන්න ඉඩ තිබුණා.  තමන්ගේ සෙවනැල්ල වගේ රකේලගේ පිටුපසින් සිට තනි නොකරපු වැටුණු තැන දී ශක්තිය වුනු එකම කෙනා ප්‍රමේෂ්. දෙමාපියන්ට එකම සහෝදරයාට රකේල්ව මග ඇරෙන කොට කොල්ලාට මවත් පියාත් සොහොයුරාත් මිතුරාත් වුනේ ඔහුයි.


" අපි එනකන් ඉන්න එපා උ/බ කාපන් අම්මත් එක්ක ... "


" මං ආරූ එක්ක ඩිනර් එකත් අරගෙන එන්නේ ... "


ප්‍රමේෂ්ගේ හිතට බයකුත් දැනුණා රකේල් කෙල්ල එක්ක ඩිනර් ගන්න පිටතට යයි කියලා.


" පිස්සු ද #$#@$ ... "


" අර #$@$# කු/ල/ප්/පු වෙලා ඉද්දි එලියට යන්න ... "


කොල්ලාට හිනා ගියේ ප්‍රමේෂ්ගේ වාග් ප්‍රහාරයට.


 " මං ඕඩර් කරලා බං ගෙන්න ගන්නේ ... "


" මං කොහොමත් ඔෆිස් එකෙන් එලියට තනියම එන්නේ නෑ මගේ ලග වටින දෙයක් තියෙද්දි ... "


" අරුන්ට කි/ය/හ/න් මං එලියට එන්න කලින් කෝල් කරනවා කියලා ඇලර්ට් එකේ ඉන්න කියලා ... "


ප්‍රමේෂ් කිසිවක් පවසන්ටත් කලින් රකේල් ඇමතුම විසන්ධි කරලා ඔහුගේ කැබින් එක ඇතුලට ආවා. ආරූ හිටියේ මැංගුස් ගෙඩියකුත් අතේ තියාගෙන කල්පනා කර කර. කොල්ලා කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආවත් ඇයගේ සිත බොහෝ දුර ගිහින්. ඇය කල්පනා කලේ තමන් අහස උසට බලාපොරොත්තු පොදි බැන්දාට රන්දුනු වගේ මනුස්සයෙක් රකේල් එක්ක සතුටින් ඉන්න දෙයිද කියන එක.


" මේ ... ඕ/යී ... මං කියලා ගියේ මැංගුස් දිහා බලාගෙන භාවනා කරන්න නෙමේ කන්න කියලා ... "


රකේල්ගේ හඩින් ගැස්සුණු ආරූ ඇසුත් ලොකු කරගෙන බලන් හිටියේ කොල්ලා දිහා.


" හා ... හා ... ඔය ඇස් දෙක එලියට පනී ... වහගන්නවා ... "


ඇයගේ ඒ ඉරියව් හරිම හුරුබුහුටියි. කොල්ලාට හිතුනේම ඇයව රතු වෙනකන් සි/ප ගන්න. ඒත් ඔහු හුගාක් පරිස්සම් වෙනවා ඇයගේ ආදරය ඒ මුවින් පිටවෙන තුරු. ඇයව තම සිරුරට තු/රු/ලු කරගෙන ඇයගේ කැමැත්තෙන් ම ඒ හැඟීම් විඳගන්න දවස ගැන ඔහු හීන දකිනවා.  


" රන්දුනුගේ ප්‍රශ්නේ ගැනනන් හිතන්නේ. ඒක ගැන බය වෙන්න දෙයක් නෑ. මං ඒවා ගානට විසඳගෙන යනවා. තමු/සේට තියෙන්නේ මං ගැන බලා ගන්න විතරයි හරිද ... "


පලමුව ටිකක් තදින් කියලා දෙවනුව ඒ මුව හැඩ වුනේ මහා මනමාල හිනාවකින් හා බැල්මකින්. කෙල්ල ඔහුගෙන් ඇස් ඉවතට ගත්තේ කෝල බවක් ඒ හිතට දැනෙද්දි. 


" කෝ ... ගන්නවාකෝ මැංගුස් ගෙඩියක් ... "


කෙල්ලගේ මුව ඇද වෙලා ගියේ කොල්ලත් මැංගුස් ගෙඩියක් ඉල්ලද්දි. 


" ආ ... සුදු නෝනා හැදුවේ තනියම ගෙඩි ටික භුක්ති විදින්න ද ... "


" ඒවා කොහෙද මාත් එක්ක ... "


ආරූ ඔරවලා බැලුවේ කොල්ලා දිහා. මේ තමයි ඇයගේ පුරුද්ද. ඇඹුල් පේර වලට ඇය බොහෝම කැමතියි වගේම තමා කාත් එක්කවත් බෙදාගෙන කන්න ඇය කැමති නෑ. මැංගුස් වලටත් ඒ සෙතේම තමයි. ඇයගේ පුරුදු දගකාරකම් එලියට එන්නේ ඇයටත් නොදැනීමයි.


" එරෙව්වට නම් වැඩක් නෑ සුදු නෝනා ... "


කොල්ලාට හිත යටින් හිනා ඇය පොඩි එකෙක් වගේ තමන්ට ඔරවන ගමනුත් මැංගුස් ගොඩ දිහා ලෝබකමින් බලන හැටි දැක්කාම.


" ඔන්න අපේ දරුවෙක් ලැබෙන්න ඉද්දි දොලදුක හැදුණු කාලේ වගේ නම් සලකලා බලන්න තිබුණා ... "


" ඒත් ඉතින් අතක්වත් නොතියා එහෙම වෙන්න විදියක් නෑනේ නේද ... "


ආරූගේ වත රතු වෙලා ගියේ රකේල්ගේ හැඟීම් වලින් පිරුණු ඒ බැල්ම දැක ලැජ්ජාවටයි.


එදා දවසම ඔවුන් ආදරණීයව ගත කලේ ආරූගේ හිතේ රකේල් නමට ආදරේ තව තවත් වැඩි වෙද්දි. 


" හෙට වැඩට එන්න ඕන නෑ මැණික ... "


" මං යන්නෙත් නෑ ... "


" උදේට මට පිට්ටු හදලා ඕන ... "


කොල්ලාගේ ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව  මැද රකේල් ආරූගේ නිවසට ඇයව රැගෙන ආවා. දර්ශනීත් නිවස පිටුපස වැඩක නිරතවෙලා හිටිය නිසා ඔවුන් පැමිණි ලග දැනගෙන හිටියේ නෑ.


" මහත්තයා තරහා ගන්නේ නැත්නම් මං දෙයක් කියන්න ද ... "


කොල්ලා ඇස් පුංචි කරලා බැලුවේ කෙල්ල හොරගල් අහුලන එක හිතට ඇල්ලුවේ නැති නිසයි. ඇය අර අදින්නේ ලොකු කතාවකට කියලා ඔහුට තේරුනා.





නිමන්ත හිටියේ පුදුමයෙනුත් නොසන්සුන්කමෙනුත් වර්ශා ඔහුට ආදරය කරන්න පටන් ගත්ත තැන ඉදලා කියනවගෙන යද්දි.


" මම ඔයාලාට කරදර කරන්න හිතුවේ නෑ නිමන්ත ... "


" මට බැරි වුනා ඔයාව තවත් මගේ එක පේෂන් කෙනෙක් වගේ බලාගන්න ... "


" දැන් මගේ හිතට නිදහසක් දැනෙනවා ... "


" ඔයා මට කැමති වුනත් නැතත් මං ඔයාට ආදරෙයි නිමන්ත ... "


වර්ශාගේ හිතට දැනුණු පුදුම සැනසීමක්. ඇය දුකින් වගේ බැලුවේ ඇය දෙසම පුදුමයෙන් බලන් ඉන්න නිමන්ත දිහා. ඇය දන්නවා කෙනෙක්ට ඒ වගේ දෙයක් නොහිතන වේලාවක ඇහෙද්දි කොයි වගේ ද කියලා. ඉතින් ඇය තවත් ඔහුගේ හිතට බරක් එකතු කරන්න කැමති වුනේ නෑ. ඇය හැරුණේ ඔහුට හිතන්නට ඉඩ හැරලා ඔහුගේ නිවසින් පිට වෙන්න.


" වර්ශා ... ඔයාගේ ගෙදර අයත් මේ ගැන දන්නවා ද ... "


නිමන්තගේ හිතට ආවා පලවෙනි ප්රශ්නේ ඒක. ඔහුට හිතුනු එකම දේ තමයි ඇය මේ වගේ තීරණයක් ගත්තේ ඇයගේ හිතුමනාපෙට විතරක් ද කියන එක.මොකද නිමන්ත දන්නවා ගොවිතැන් කරමින් ජිවිතේ ගැටගහගත්ත තමන් පසු කාලයකදී බැංකුවට රැකියාවකට ගියාට ඔවුන් තවම මධ්‍යම පාන්තික මිනිස්සු කියන එක. වෛද්‍යවරියක් ලෙස උසස් රැකියාවක නියතවෙලා ඉන්න ඇයට තමන් වගේ කෙනෙක් සමග සම්බන්ධ වුනොත් ලැජ්ජාවක් වෙයි කියලා.


" ඔව් ... මට ඔයාව දැනුණු තැන ඉදලා හැමදේම එයාලා දන්නවා ... "


" ගෙදරින් මගේ සතුටට ඉඩ දීලා තියෙන්නේ ... "


" ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්න නිමන්ත ... "


" ඒකට උත්තරේ මට කැමති නෑ කියන එක කිව්වත් මං ඔයා එක්ක තරහා නෑ ... "


" බලෙන් බැඳීම් ඇති කරගෙන වැඩක් නෑ නිමන්ත ... "


නිමන්ත හැම තත්පරයකම ඇයව නිරික්ෂණය කලා. ඔහු දැක්කා ඇයගේ වචන වල තියෙන සෘජු බව. නිිමන්තට ඒ මොහොතෙත් මතක් වුනේ අරුණලීව. වර්ශා වගේ තමන්ටත් කෙලින් කතා කරන්න ශක්තියක් තිබුණන් අද ආරූ ඔහුගේ විතරක් වෙන්න තිබුණා කියන එක. ඔහුටත් නොදැනීම ඒ මුවින් බරැති සුසුමක් පිට වුනා.


" මට මේ ගැන හිතන්න ඕන වර්ශා ... "


" හෙට එන්න අපේ ගෙදර නිවාඩුවක් ගන්න පුලුවන් නම් ... "


" අපි කතා කරමු ... "


" මට එතකොට ලේසී වෙයි ඉක්මණට ම උත්තරයක් දෙන්න ඔයාට ... "


වර්ශාට ඒ වචන ටිකත් ඇති. ඇය සුන්දර සිනහවකින් ඒ මුව හැඩ කරගෙන හිද සිටි පුටුවෙන් නැගිට්ටේ රෝහලට පිටත් වෙන්න ඕන වේලාව ලග නිසා.


" ෂුවර් ... මං හෙට උදේම නිවාඩුවක් දාලා එන්නම් ... "


" පරිස්සමට ඉන්න ... බුදුසරණයි ... "


නිමන්ත මුවට වචන ආවේ නෑ. ඔහු කල්පනා කලේ මේක හීනයක් ද කියලා. ඇය ගිය දොර දිහා බලාගෙන ඔහු තවමත් ඇයගේ සිහියෙන්.


" ආව් ... ආව් ....අපේ අයියාටත් මල්සරා විද්ද එහෙනන් ... "


නිමන්ත ගැස්සිලා ගියේ නිමංකගේ සරදම් වදන් වලට. ඔහු පියවි සිහියට ආවා පලමු තත්පරේ කලේ තමන්ගේ සහෝදරයාට රවලා අහක බලා ගත්ත එක.


" මං අහන් හිටියේ නෑ ඕයී ... "


" කාමරය ලගින් යද්දි ඇහුනා විතරයි ... "


නිමන්ත හිටියේ තවමත් වර්ශාගේ කතාව නිසා දෙගෙඩියාවකින්. ඔහුට හිතාගන්න බෑ ඔහුට ඇහුණ දේ ඇත්තක් ද කියලත්. මොකද ඔහුගේ හිතේ එහෙම අදහසක් තිබුණේ නැති නිසා.


" #@$#@ නොකිය ... මට වොශ් එකක් දාගන්න උදව් ක/ර/ප/න් ... "


ඔහු හිතට එන හැම සිතුවිල්ලකට ම තිත තියමින් ඒ ගැන පසුවට හිතන්න කල් දැම්මා. නිමංක කටකොනකින් නෝන්ඩියට වගේ හිනාවෙලා තම සහෝදරයාට ගත දොවාගන්න  යන්න උදව් කරන්න ලෑස්ති වුනා. ඔහු වුනත් කැමති වුනේ නෑ තවත් නිමන්තව ඒ කතාව ඔස්සේ වෙහෙසන්න.





අරුණලී රකේල් සමග පිටවුනු මොහොතේ සිට බලන් හිටියේ නැවත ඇයගේ පැමිණීම අපේක්ෂාවෙන්. දර්ශනී තම නිවසින් පිටවෙනතුරුත් ඇය නොපැමිණීම ඔහුගේ හිත හුගාක් නොසන්සුන් කරලා තිබුණා. නිවසේ උද්‍යානයට වෙලා අදුරු වෙන වටපිටාව දිහා ඔහු බලන් හිටියේ හිස් බැල්මෙන්. වේනූෂ්ට හිතුනේ දැන් තමන්ගේ ජිවිතේ  මේ වගේ අදුරුයි නේද කියලා.


" මහත්තයා ... මේ බෙහෙත් ටික දෙන්න කියලා ලොකු නෝනා කිව්වා ... "


මලිති බයෙන් වුනත් ආවේ ඔහු සමීපයේ මොහොතක් හෝ රැදෙන්න හිත ආස කරන නිසා. 


" මලිති මොකද බයෙන් වගේ කතා කරන්නේ ... "


" මං යකෙක් වගේ පේනවා ද ... "


වේනූෂ්ට දුක හිතුනා මලිතිගේ ඇස් වල පේන බය දකිද්දි. තමන් නිසා නිවසේ ඉන්න හැමෝම දුකින් නේද කියලා ඔහුට හිතුනා. 


" අනේ ... නෑ මහත්තයා ... "


" මගෙන් උදව්වක් ගන්නවත් මහත්තයා අකැමැති වෙච්ච නිසා මං බෙහෙත් ටික අරන් ආවා එකට තරහා යයි කියලා හිතුනා ... "


වේනූෂ් බලන් හිටියේ ඒ අහිංසක වත දිහා.


" අපි හැමෝම ලෙඩ වෙනවා මහත්තයෝ ... "


" අද මහත්තයාට හෙට මට වෙන්නත් පුලුවන් ... "


" ඒදාට මටත් කාගෙන් හරි උදව් ගන්න වෙනවා ... "


" ඒක මදිපුංචිකමක් නෙමේ ... "


වේනූෂ් තරහා ගත්තේ නෑ. ඇය කියන දේ ඇත්ත කියලා ඔහුටත් හිතුනා. තමන්ගේ හිතේ තියෙන ආඩම්බරකම නිසාම ඔවුන්ගෙන් උදව් ගන්න මැලිවුනා කියන එක ඔහුට දැන් තේරෙනවා. ඉතින් ඔහු හිතාගත්තා ආයෙමත් ඔවුන්ව තමන්ගෙන් ඈත් නොකරන්න.


" හරි ... හරි ... පණ්ඩිත ආච්චියේ ... "


" මං ආයෙමත් එහෙම නොකර ඉන්නන්කෝ ... "


" අද මට රෑට කන්න රොටී ඕන කියලා නීලාම්මට කියනවා ... "


මලිතිගේ හුරුබුහුටි වුවන හිනාවකින් හැඩවුනේ වේනූෂ්ගේ හිතටත් සැහැල්ලුවක් දැනෙද්දි.


" එලියේ ඉන්න එපා මහත්තයා පින්න වැටෙනවානේ ... "


" අපි ඇතුලට යමුද ... "


තවමත් හිතේ පුංචි බයක් ඉතිරි වෙලා තිබුණත් හිසට වුනු අනතුර නිසාම ඔහුව හුගාක් පරිස්සම් කරගන්න ඕන කියලා වෛද්‍යවරු කියලා තිබුනා කියලා රමේෂ් සංගීතාට කියනවා ඇයට ඇහුනා. ඉතින් බැනුම් අහගන්න වුනත් සුදානම්ව තමයි ඇය ඔහුට එහෙම යෝජනාවක් කලේ.


" මං එලියට එන්නේ නෑ කියලා කට්ටිය බැන බැන ම එලියට ආවාම ගේ ඇතුලට එලවනවා ... "


" මේවා ... කාගේ ආ/ණ්/ඩු/ද බං ... "


මලිති අතින් කටවහගෙන හිනාවුනේ  වේනූෂ්ගේ මුව ඇදවෙලා තියෙන හැටි දකිද්දියි. වේනූෂ්ටත් ඇයගේ හුරතල් හැසිරීම් නිසාම පීඩනයෙන් තිබුණු හිත සැහැල්ලු වෙනවා දැනුණා. 


" මහත්තයා හරියට පොඩි ලමයෙක් වගේනේ ... "


" ඩොක්ටර් කිව්වලුනේ මහත්තයාව පරිස්සමට බලාගන්න කියලා ... "


වේනූෂ් ඔරවගෙන හිටියේ කෙල්ල තමන්ව පොඩි එකෙක්ට සම කල එකට. කෙල්ලටත් පස්සෙයි තේරුම් ගියේ තමන් ඔහුට කියපු වචන ටික. ඇය අතකින් කටවහගෙන බිම බලාගත්තේ කොල්ලාගෙන් බැනුම් අහන්න හිතාගෙන.


" ඇවිදින්න බැරි මම පොඩි එකෙක් වගේ තමා මලිති ... "


" ත/මු/සේ/ලාගෙන් වුනත් උදව් ගන්න හිතෙන්නේ නැත්තේ මට මං ගැනම අනුකම්පාවක් දැනෙන නිසා තමයි ... "


" මෙන්න මේ අසරණයාව දැන් ගේ ඇතුලට එක්ක යනවා/කෝ ... "


මලිතිට තමන් ගැනම තරහක් දැනුණේ. තමන්ගේ නුසුදුසු වචන නිසාම වේනූෂ්ගේම හිත රිදුනා කියන එක ඇයගේ හිතට මහා බරක්. ඒ ඇස්වල කදුලු පිරෙන්න ගත වුනේ තත්පරයයි. වේනූෂ් නිවසට රැගෙන යන්න කිව්වත් ඇය හිටියේ ඒ ඇස් බිමට නැඹුරු කරගෙන. ඇයගේ නිශ්ශබ්දතාව නිසාම වේනූෂ් නැවතත් ඇයට කතා කලා.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10