නීල නයනී 2


 

නීල_නයනී


2_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

තවත් දවසක් උදා වුනේ කෙල්ලවත් දර්ශනීවත් කාර්යබහුල කරමින්. උදේ හතරට අවදි වුනු අම්මයි දුවයි කඩිසරව ඉදි ආප්ප තම්බා පොල් මැල්ලමක් සමග පොලොස් ඇඹුලක් හැදුවේ වලව්වටත් කඩවල් වලට දැමීමටයි. ලස්සනට පිරිසිදුවට පිලිවෙලට කෙල්ල ලැවරිය ටික හදද්දි දර්ශනී රත්තිගෙත් සුද්දිගෙත් කිරි ටික දොවා ගත්තේ පුරුදු විදියටමයි. උදේ හය වෙද්දි නිවසේ ඉතිරි වැඩ කටයුතුත් අවසන් කරපු කෙල්ල උදේම නාගෙන ඉවර වෙද්දි හය පසු වී අඩපැයක් ගෙවී තිබු නිසාම හනිකට හනිකට සුදානම් වී නිවසින් පිටවුයේ කකුල් වලටත් වැද වැදය. 

අද ඇයට දැනුණේ පුදුම තෙහෙට්ටුවකි. එක දිගටම වැඩ කලත් තේ වතුර උගුර පමණක් ඒ කුසට වැටුනා පමණි. මලු දෙකකුත් කිරි බෝතලුත් එල්ලාගෙන එන ඇයගේ අත් බරටම පහතට එල්ලා වැටී ඇත. දා බිදු මුවට උඩින් උනා ඇතත් ඇයට ඒ ගැන වගක් නෑ. ඇය හැමදාම හිතුවේ මවට ශක්තියක් වෙමින් ජිවිතේ අද හිටියට වඩා හෙට දියුණු වීමටයි.

ඉදි ආප්ප ටිකත් කිරි බෝතල් දෙකත් අරගෙන දර්ශනී වලව්වට යන්න හැදුවත් කෙල්ල කැමති වුනේ නෑ තමන්ගේ මවව රන්දුනු වගේ සල්ලාලයකු සිටින නිවසකට යවන්න. පෙරත් ඔහුගෙන් මවට ආ අයුතු යෝජනා ගැන දන්නා නිසාම තවමත් තරුණ පෙනුම වියකී නැති ඇයව ආරක්ෂා කරගැනීමයි කෙල්ල මේ කරන්නේ.

" අර ගස් ගෙවලයත් ඇති අද ... "

" කතා කරන්නේ දන්නේ නැති ඌරා ... "

අත් දෙකේ තියෙන බරත් අමතකයි කෙල්ලට කාට හරි බනින්න ඇත්නම්. තනියම කියව කියව යන කෙල්ල දැක්කේ නෑ රකේල් පුරුදු විදියටම උදේ අවදි වී විසල් මිදුලේ නිල් මානෙල් පිරුණු පොකුණ ලග ව්‍යායාම් කර කර ඉන්නවා.

" අර ගොලුච්චි නේද ... "

" නාල කොන්ඩෙවත් පිහ දාගෙන නෑ මේ ඊරී ... තවම වතුර බේරෙනවා ... "

" ඒකේ දිග ... ලස්සනයි ... "

ව්‍යායාම් පැත්තක කොල්ලා වශී වෙලා වගේ බලන් ඉන්නේ කෙල්ලගේ දණහිස් වලිනුත් පහලට දිග කොණ්ඩේ දිහා.

" හලෝ ... නංගියා ... "

" ඔයා මෙහේ ... "

" බරටම උස්සගෙන ... මොනවාද මේ ... "

ප්‍රමේෂුත් ව්‍යායාම් කරන්න අදින බොටම් එකත් අත් රහිත බැනියමත් ඇදගෙන වලව්වේ මිදුලට එද්දියි කෙල්ලව දකින්නේ.

කෙල්ල හිනා වුනා විතරයි. එදා ගොලුවෙක් වගේ රගපාපු නිසාම ඇය හිටියේ කතා කරන්න විදියක් නැතිව. ඇය දන්නවා කොයි වෙලේ හරි තමන්ගේ බොරුව දැන් තමා හා කතා කරන තරුණයට හසුවන බව.

" ආ ... මට අමතක වුනානේ නංගිට කතා කරගන්න බෑ කියලා. ඇහෙන්නෙත් නෑනේ ... "

හිත යටින් හිනාවේවීම ප්‍රමේෂ් උදෑසන පිපුණු පිච්ච මලක් වගේ ඉන්න කෙල්ල දිහා බලන් හිටියේ ආසාවෙන්. පිට රටක හැදුණු ඔහුට මේ වගේ අත්දැකීම් ඇත්තේම නෑ. ඉතින් ඔහු හිටියෙත් ඇයට වශී වෙලා වගේ. දුර තියා මේ දිහා බලන් රකේල් නම් හිටියේ කෙල්ල ගැන තරහෙන්. ඔහු හිතන්නේ කෙල්ල ඕන කොල්ලෙක් ලග හුරතල් වෙන බඩුවක් කියලා. ඔහුගේ හිතට ඇය ගැන දැනුණේ අප්‍රසාදයක්. 

" ආ ... මේ සුදු හාමිනේ ඇවිත් ඉන්නේ ... "

" මං ඒත් බැලුවා තව මොකද පරක්කු කියලා ... "

කෙල්ල හොරෙක් වගේ ප්‍රමේෂ් දිහා බලලා ආයෙමත් ප්‍රියංකා දිහා බැලුවේ බයාදු බැල්මකින්. ඇය හිතුවේම ලොකු මැණිකේ ඇය කරපු බොරුව ගැන දැනගෙන දොස් කියයි කියලා.

" සුභ දවසක් ලොකු මැණිකේ ... "

" මං මේ ටික කමලා නැන්දාට දීලා එන්නන් ... "

කෙල්ල ඇයගේ හඩ අවදි කරද්දි ප්‍රමේෂ්ට නම් පුදුම හිතුනා. ඒ තරමට ම ඇයගේ හඩ ලස්සනයි. ඇයට නම් කිසිම අඩුවක් නැතුව දෙවියෝ හැමදේම දීලා තියෙනවා කියලා ඔහුට හිතුනා.

" යමින් ගමන මගේ කාමරේට ඇවිත් යන්න දරුවෝ ... "

එහෙම කියලා ප්‍රියංකා කෙල්ල හිස පමණක් හොලවලා පිලිතුරු දෙද්දි කෙල්ල එක්ක හිනාවෙලාම එතනින් වලව්ව තුලට ගියා. ප්‍රමේෂ්වත් මග ඇරලා කෙල්ල එතනින් යන්න හැදුවත් ඇයට කලින් ඉස්සර වුනු ප්‍රමේෂ් අත දික් කරලා ඇයගේ මග හරස් කලා.

" කොහොද යන්නේ හීමිජ්ජි වගේ ආ ... "

" යස අගේට ඔය කතා කලේ ... "

" අල්ල ගන්නම් මං ... "

කෙල්ල මෝඩ පහේ හිනාවක් දාගෙන ප්‍රමේෂ් දිහා බැලුවේ සමාව අයදින බැල්මකින්.

" මං පොඩි විහිලුවක් චුටි මහත්තයා කලේ ... "

" සමාවෙන්න මට ... "

" පරක්කු වුනා මං යන්න ද ... "

 ප්‍රමේෂ්ට දුක හිතුනා ඇයත් තවම පුංචි දගකාරියක් කියලා පේන නිසා. තම නැගණියත් ඇයගේ වයසටම ඇති කියලා ඔහුට හිතුනා. ඔහු ඇයගේ හිස පිරිමැදලා කතා කලේ ඒ හිතේ ඇති වුනු බය නැති කරන්නත් හිතාගෙන.

" හරි ... හරි ... බබෝ ... "

" මං නපුරු අයියෙක් නෙමේ අනේ ... "

" මටත් ඉන්නවා ඔයා වගේම නංගියෙක් ... "

" ඔයා වගේම පිස්සු කෝලමක් ... "

" පස්සේ හම්බ වෙමුකෝ හොදේ ... "

" දැන් යන්න  පරක්කු වුනා කිව්වනේ ... "

කෙල්ලගේ හිතට සතුටක් දැනුණේ ඔහුත් නිමන්ත මෙන් කරුණාවන්තයි කියලා හිතෙද්දි.

" මං යන්නම් චුටි මහත්තයා ... "

ප්‍රමේෂ් නැවත කතා කරන්න හදද්දිත් කෙල්ල කුස්සිය පැත්තට ඉගිල්ලිලත් ඉවරයි.

" පිස්සු කෙල්ල ... "

රකේල් හිටියේ කෙල්ල එක්ක පුදුම කේන්තියකින්. ඒ ඇයි කියලවත් ඔහු දන්නේ නෑ. එක එක විකාර සිතුවිලි වලින් ඒ හිත පිරිලා. ඔහු හිතාගත්තා කෙල්ලට නම් කරපු බොරු වලට හොද පාඩමක් උගන්නන්න ඕන කියලා. ඒ තරහින්ම කොල්ලා ව්‍යායාම් කරන එකත් පැත්තක දාලා ගියේ ප්‍රියංකාව හම්බ වෙන්න.

" සුදු මහත්තයෝ ... "

ප්‍රියංකා ආදරෙන් ඇය ඉදගෙන හිටිය ඇදෙන් නැගිටලා ඇවිත් ඔහුගේ හිස අතගෑවා.

" තේ බිව්වෙත් නෑ නේද ඉන්න මං තේ එක අරන් එන්නම් ... "

ඇය හිතුවේ ව්‍යායාම් කරලා ඉවර වෙලා කොල්ලා තේ එකක් ඉල්ලන්න තමන් ලගට ආවා කියලා.

" දැන්ම එපා අම්මා ... මං වොශ් දාගන්න ඕන ... "

" උදේම පෑණි රස කන්න හිතුනද අම්මා ... "

කොල්ලා හිනාවේවීම ප්‍රියංකාගේ උරහිස වටා අත දාලා ඇද පුරා අතුරලා තියන ටොෆි චොක්ලට් බිස්කට් ටින් බබල්ගම් වගේ තව රස කෑම පිරුණු උර දිහා බලලා එහෙම ඇහුවා.

" මට නෙමේ පුතා සුදු හාමිනේට ... "

" පව් ඒ කෙල්ලට කොහෙන්ද අපිට වගේ එක එක ඒවා කන්න සල්ලි ... "

" මං එයාගේ පංගුව මේ වෙන් කරන්නේ ... "

කොල්ලා දන්න සුදු හාමිනේ කෙනෙක් නැති නිසාම ඔහු ප්‍රියංකාගේ උරහිසින් අත අරගෙන කුතුහලය පිරුණු ඇස් වලින් ඇහුවේ ඒ කව්ද කියලා අහන්න වගේ.

" ආ ... පුතා දන්නේ නෑනේ එයාව ... "

" ඔය දැන් ආවේ ගෑණු දරුවාට තමයි මං සුදු හාමිනේ කිව්වේ ... "

කොල්ලා ඒ ටික ඇහෙද්දි නම් උවමනාවෙන්ම අම්මාගේ කතාවට ඇහුකම් දීගෙන හිටියා.

" මිගාර අන්කල්ව ඔයාට මතක නැතුව ඇති. එයාගේ දුව ඒ. පව් ඒ මනුස්සයා අර ලස්සනට හිටිය ගෑණීවයී අර අහිංසක දරුවවයි දාලා වෙන ගෑණීයෙක් එක්ක ගියා. දැන් ඔය කෙල්ලයි අම්මයි ජිවත් වෙන්නේ කඩයප්පමක් හදලා කිරි බෝතල් ටිකක් විකුණලා ගොවිතැනින් හම්බ වෙන සල්ලි වලින් ... "

" අනේ හොදට ඉගෙන ගන්න පුලුවන් දරුවා. කැම්පස් යන්නත් ආවා. කෙල්ල ගියේ නෑ අම්මා තනියෙන් දාලා යන්න බෑ කියලා ... "

කොල්ලාට කෙල්ල ගැන දැනෙන අනුකම්පාව පරයා දැනුණේ මොහොතකට කලින් ප්‍රමේෂ් එක්ක කතා කර කර හිටිය දසුන. ඉතින් ඒ නොරිස්සුමත් එක්ක ඔහුගේ කටින් පිටවුනේ ඇය ගැන හොද දේවල් නෙමේ.

" අම්මා දන්න තරම තමයි කෙල්ලෝ ගැන. ඔය අම්මණ්ඩිත් හොද හොද නැටුම් නටනවා ඇති ඔයා දන්නේ නැති වුනාට ... "

" ඔයා මේ වලව්වෙන් පිට මොනාද අනේ දන්නේ ... "

" අහිංසක උන් තමා විශ්වාස කරන්නම හොද නැත්තේ. උන්ගේ හිත ඇතුලේ තියන දේවල් දැන ගන්න සක්කරයාටවත් බෑ ... "

" අනික මං ඕවා ගේනවේ ඔයාට මිසක් එක එක තෙව්ඩිච්චියන්ට කවන්න නෙමේ ... "

ප්‍රියංකාට හිතුනේ නෑ ඒ වේලාවේ ඔහුට හරි වැරැද්ද පහදලා දෙන්න. රකේල්ට ඕන එකක් කියන්න ඇරලා ඇය කරබාගෙන හිටියේ ඒකයි. ඒත් ඇයවත් දන්නේ නෑ ප්‍රියංකාගේ කාමරයට එන්න ආවා කෙල්ල මේ හැමදේම අහන් හිටියා කියලා. කෙල්ලට දුක හිතුනා දුප්පත්කම නිසානේ මේ හැම කතාවක්ම සල්ලි තියෙන මහත්තුරුන්ගෙන් අහන්නේ නේද කියලා. ඇස්වලට උණපු කදුලු ඔහේ ගලාගෙන යද්දි ඇය හැදුවේ එතනින් පිට වෙන්න.

" මං වොශ් දාන් එන්නම් අම්මා කෑම රෙඩි කරන්න හොදේ ... "

එහෙම කියලා කොල්ලා කාමරයෙන් එලියට එද්දි කෙල්ල කදුලුත් පිහ පිහ කාමරය ලගින් යන්නයි හැදුවේ. ඇයව දකිද්දී නම් නපුරු කොල්ලාව ෂෝක් වුනා වගේ. ඔහු දැක්කා ඒ ඇස් වල කදුලු වගේම අසරණකම. ඒත් ඔහු ලෑස්ති නෑ කෙල්ල ලග ඒ හිත උණු වෙනවා දකින්න.

" මේ ඕයී ... "

කෙල්ල ගැස්සිලා වගේ යන ගමනත් නවත්තලා බැලුවේ ඒ ගැඹුරු හඩ ඇහුණු පැත්ත. ඇයගේ හදවත මොහොතකට නතර වුනා වගේ දැනුණේ. 

" හැන්ඩ්සම් වුනාට වැඩක් නෑ කට නගර සභාවේ කුණු ලොරිය වගේ ... "

ඇයට හිතුනේ එහෙම. ඒ කඩවසම් සුදු මුහුණට ගානට කපා මුහුණ පුරා පැතිරුනු රැවුලත් ගණ ඇහි බැම සෘජු නහයත් රෝස පැහැති සිහින් දෙතොලත් ගෙනාවේ පුදුම ලස්සනක්. එක කනකට දමා තිබුණු කරාබුවත් ගෙල මත පෙනෙන්නට තිබෙන ටැටුවත් ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කරලා තිබුණා. ඇය කට ඇද කරගෙන රකේල්ගේ දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ.

ඒත් කොල්ලත් මොහොතකට ඇයගේ නිල් ඇස් අස්සේ අතරමං වුනේ ඒ නපුරු හදවතත් නොසන්සුන් කරලා. කෙල්ල ඇසුත් පුංචි කරගෙන ඔහු දිහා බැලුවේ ඒ නිහඩ කමට හේතුව හොයන්න වගේ. නැවතත් ඔහුට පියවි සිහියට ආවේ කෙල්ල ඒ ඇස් බැල්ම දරා ගන්න බැරිව වට පිට බලද්දියි. තවත් එතන රැදි ඉන්නට තරම් වේලාවක් ඇයට නොවෙද්දි ඇය ආපසු හැරුණේ ඔහු වගේ මිනිස්සුන්ගේ දුප්පත්කමට ගරහන අයත් එක්ක කතා කරන්නට තරම් දෙයක් ඇයට නැති නිසාමයි.

" ඔහොම ඉන්නවා ... " 

කේන්තිය මුසු රලු හඩට ඇය තිගැස්සුනත් ඔහු නොතකාම ඇය ඉදිරියටම පියවර තිබ්බේ නැවතත් කෙදිනකවත් බණ්ඩාර වලව්වට පා තබන්න නොලැබේවායි ප්‍රර්ථනා කරමින්.

" #$@&#$ ... එච්චර හයියක් ඒකීට කොහෙන්ද ... "

" හිඟන #@$# ... උබගේ ඔය ගෑස් ටික බැස්සුවේ නැත්නම් මං රකේල් දුල්නෙත් බණ්ඩාරනායක නෙමේ ... "

දත්මිටි කමින් බිත්තියට පහරක් ගසමින් මුලු මුහුණ ම කෝපයෙන් රතු කරගෙන සාලය පුරා එහේ මෙහේ ගියේ කවරදාටත් වඩා අද ඇගේ නොසලකා හැරීම ලග ඔහුටම කෝපය පාලනය කරගන්න බැරි වෙද්දියි.

" මගේ ලග උබව මං බොහෝම ඉක්මණින් දණ ගස්සවනවාමයි ... "

" එදාට බලමු උබ අඩ අඩ මගෙන් සමාව ගන්න හැටි ... "

වියරු සිනහාවක් ඒ මුව මත සැරසිලා. ඔහු හිතුවා වගේම කරලාම පෙන්නන චරිතයක්. ඉතින් දගකාර ආරූට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

කෙල්ල කඩයප්පම් මල්ලත් කඩවල් වලට දාගෙන කිරි බෝතල් දෙකත් අරගෙන ආවේ සංගීත මැඩම්ගේ ගෙදරට.

" මැඩම් කිරි ගෙනාවා ... "

ගේට්ටුවේ විදුලි සීනූව කිහිප විටක් නාද කරමින් කෙල්ල බලන් හිටියේ වෙනදා වගේ ගේට්ටුව ලගට එන එම නිවසේ වැඩ කරන නිලානි නැන්දා එනකන්. ඒත් කවදාවත් නැතිව එතනට ආවේ නම් හැඩිදැඩි මරුමුස් පෙනුමක් තියෙන පුද්ගලයෙක්. ඇයගේ හිතට ආවේ කුතුහලයක්. ඇය දොර දෙස බලමින් මොහොතක් විපරම් කලේ සංගීත මැඩම්ට කරදරයක්වත්ද කියලා හිතමින්.

" මොකටද තමුසේ ආවේ ... "

ඔහුගේ මුහුණ වගේම ඒ හඬත් මහා ගොරහැඩියි කියලයි කෙල්ලට හිතුනේ. ඇය මුකුත් නොදන්න ගානට ඒ පුද්ගලයා එක්ක හිනා වුනේ ඇතුලේ සිදු වෙන දේවල් ගැන පොඩිම හරි විස්තරයක් දැනගන්නයි කෙල්ලට ඕන.

ඇයගේ සැකය සනාථ කරමින් නිවස තුලින් ඇහුණේ කවුරු හරි කෑ ගහන හඩක්. කෙල්ල ඇස් ලොකු කරගෙන බැලුවේ ගේට්ටුව ඇතුලට වෙලා තමන් දිහා රෞද්‍ර පෙනුමෙන් බලන් ඉන්න පුද්ගලයා දිහා. ගේට්ටුව අරින්න වගේ අත තියද්දීම කෙල්ල කිරි බෝතල් දෙකත් අරගෙන කකුල් දෙකට පිං දී දී දුවන්න ගත්තේ අර පුද්ගලයත් කෙල්ලගේ පස්සේ පන්නද්දි.

" දෙයියනේ ... ඒ අතේ තියෙන්නේ ගන් එකක් නේද ... "

" අනේ මගේ අම්මට ඉන්නේ මං විතරයි ... "

" දෙවියනේ ... මාව බේරගන්න ... "

" මං කූරා කුහුඹුවෙකුටවත් වරදක් කරලා නෑ ... "

" නොදැන පාත්ති හදනකොට පණුවෙක් දෙන්නෙක් තුන්දෙනෙක් උදැල්ලට කැපුනා විතරයි ... "

" ඒත් හිතලා එහෙම කලේ නෑ. සත්තයි ... "

ඒ අස්සෙත් ඇයට හිතෙන දේවල්. දැන් කෙල්ලටත් මහන්සියි. තවත් දුවා ගන්න බැරි තරම්. ඇය පසු පස හැරිලා බලද්දි දැක්කේ ඇය පසු පස පන්නමින් ආ පුද්ගලයා හති අරිමින් ඇමතුමක සිටින හැටියි. කෙල්ල අහස දිහා බලලා දෙවියන්ට ස්තුති කරලා නැවතත් දුවන්න ගත්තේ පොලිසිය පැත්තට.

" මං මේ ගැන නොකියා හිටියොත් අර අහිංසක සංගීත මැඩම්ව අර මිනිස්සු මරලා දායි ද දන්නේ නෑ. ඕන දෙයක් වෙන්න කියලා මං ගිහින් පොලිසියට කියනවා. වැරද්දක් වෙන බව දැක දැක දෙයක් වුනාම දුක් වෙනවාට වඩා පුලුවන් දෙයක් කරලා හිත හදාගන්න එක හොදයි ... "

කෙල්ල එහෙම හිතමින් හිතට දැනෙන බය අමතක කරලා ගොඩ වුනේ පොලිසිය තුලටයි. වට පිට බලමින් ඇය හෙව්වේ කොතනට ද යන්න ඕන කියන එක ගැන හිතමින්.

" ඔය දරුවා ආවේ ඇයි ... "

සුගතපාල වගේ බොහෝම කරුණාවෙන් ඇයට කතා කල පුද්ගලයා සමග බයාදු සිනාහවක් පාද්දි ඇය සමග කතා කල කොස්තාපල් චන්දනට ඇය ගැන දුකත් හිතුනා. ඔහුට අත්දැකීමෙන් කියන්න පුලුවන් ඇය මේ පොලිසියට ආව පලවෙනි වතාව කියන එක.

" ඔය දරුවා බය නොවී ආපු කාරණාව කියමු බලන්න ... "

චන්දනට කියන්න ලැබුනේ එපමණයි. කෙල්ලට ඇහුණේ තම පිටුපසින් බොහෝම ගාම්භිරව ඇවිදගෙන එන පුද්ගලයෙකුගේ සපත්තු වල හඩයි. සියල්ලෝ ම වැඩ කරන එක පසෙක දමා හිද වුන් අසුන් වලින් නැගිට ආචාර කරද්දි ඇය ඒ දිහා බලන් හිටියේ පුදුමයෙන්.

" චන්දන ... මොකටද මෙයා ඇවිත් තියෙන්නේ ... "

ඇයවත් පසු කරගෙන ඉදිරියට පියවර කිහිපයක් තබමින් පොලිස් නිල ඇදුමෙන් සැරසුණු ඒ දේහදාරී තරුණ පොලිස් නිලධාරියා මදක් නැවතී සෘජු බැල්මක් ඇය වෙත හෙලමින් තම නිලධාරියාගෙන් එහෙම අහද්දි කෙල්ල නම් ඒ බැල්මට බය වෙලා කෙල පිඩකුත් ගිල්ලා. ඇයගේ තොලකට පවා වේලිලා ගිහින්. 

" සර් තවම මුකුත් කිව්වේ නෑ ... "

" දැන් ආවේ මේ දරුවා ... "

ඇය දෙසම බලාගෙන මොහොතක් කල්පනා කරපු ඔහු ඉඟියකින් කොස්තාපල් චන්දනට මොනවාද කියලා පැමිණි ගාම්භීරකමින්ම කැබින් එකක් ඇතුලට ගියා.

                     ¤ ¤ ¤ ¤ ¤ ¤ ¤  

නැවත හමුවෙමු  ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10