නීල නයනී 20
නීල නයනී
20_කොටස
( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
" ලොකු මහත්තයා එක්ක තියෙන ඔය අමනාපකම් අත ඇරලා දාලා මහත්තයාගේ පාඩුවේ ඉන්නේ නැත්තේ ඇයි ... "
" නීතියක් කියලා තියෙන්නේ ඒකට. එයා කරන වැරදි වලට දවසක දඩුවම් ලැබෙයි ... "
" අපිට තියෙන්නේ අපේ පරිස්සම ගැන හිතලා වැඩ කරන්න ... "
" මං ආයෙමත් කොහෙවත් යන්නෙත් නෑ මහත්තයා නැතුව ... "
රකේල් ඒ මොහොතෙ නම් තරහා ගත්තේ නෑ. ඔහුට ඕන වුනා ඇයටත් ඇහුම්කන් දෙන්න. තම මවත් පියාත් අතර සිදුනොවුනු එක දෙයක් එකිනෙකාට ඇහුම්කන් නොදීම. ඉතින් ඔහුට ඕන වුනේ නෑ තවත් රන්දුනු කෙනෙක් වෙන්න.
" මේ අහන්න සුදු නෝනා ... "
" ඔයා දන්නේ නැති දේවලුත් මේ කතාවේ ඇතුලේ තියෙනවා ... "
" ඔයා මේවා දැනගන්න ඕන නිසා මං කියන්නන් ... "
රකේල්ව අනුගමනය කරමින් ඔහු හිදගත් ලී බංකුවෙන් ම ඇයත් ඉදගත්තා.
" රන්දුනු කියන න/රු/ම/යා අහිංසක කෙල්ලන්ව පැහැරගෙන ගිහින් ග/ණි/කා ඌගේ ගණිකා මඩමට ගිහින් දානවා ... "
" එහෙම $#$@#ට පාඩුවේ ඉන්න දෙන්න කියලද ඔයා කියන්නේ ... "
" මගේ අම්මාගේ ජිවිතේ හොදම කාලේ වි/දෙ/ව්/වා ... "
" එතකොට අහිංසක කෙල්ලන්ගේ ජිවිත වි/නා/ශ කරන එක දිහා පාඩුවේ බලන් ඉන්නද කියන්නේ ... "
කෙල්ල නොදන්න පැත්තක් රන්දුනුගේ ඒ. ඇයට දැනුණේ හදවත වේගෙන් ගැහෙනවා. ඒ තරමට ඇය බය වුනා. තමන්ට එහෙම වුනා නම් කියලා ඇයට හිතුනේ. ඉබේ ම කොල්ලාගේ අතක් ඇය තදින්ම අල්ල ගත්තා. පියා ගැන පිලිකුලෙන් වගේම ආවේගයෙන් කතා කර කර හිටපු රකේල් ගැස්සිලා ගියේ කෙල්ලගේ අතින් ඒ විසල් අත තදවෙද්දි.
" මැණික ... මොකද මේ ... "
කෙල්ලට හුගාක් දහඩිය දාලා. ඇය ඉන්නේ බය වෙලා කියලා ඔහුට තේරුනා. ඉතින් ඇයගේ හිස පිරිමදිමින් ඇයව සංසුන් කිරීමට ඔහු උත්සාහ කලා.
" මට බයයි ... මාවත් අරන් යයිද ... "
කොල්ලා ඒ උරහිස වටා අත යවලා ඔහුගේ ගතට ඇයව වාරු කරගත්තේ කෙල්ලගේ හිතට දැඩි ආරක්ෂාවක් දැනෙද්දි.
" මේ තරම් මං පරිස්සම් කරන්නේ රන්දුනුකාරයට ඔයාව දෙන්න ද මැණික ... "
" මට ඕන අර අහිංසක ජිවිතත් බේරගන්න ... "
කෙල්ලගේ හිතටත් ඒ වදන් සැනසීමක් ගෙනවා. ඇයට තමන් ගැන වගේම ඔහු ගැනත් බය නොහිතුනාම නෙමේ. ඒත් ඇය හිත ටිකින් ටික සැහැල්ලු කරගත්තා අහිංසක තරුණියන්ගේ ජිවිත ආරක්ෂාවෙයිනේ කියලා හිතෙද්දි.
" වැඩි දවසක් එයාට නටන්න වෙන්නේ නෑ සුදු නෝනා ... "
" මම දැල එලලා ඉවරයි ... "
රකේල්ගේ මුවේ ඇදුණේ මහා න/ස/රා/නි හිනාවක්. කෙල්ල නම් ඒ හිනාව දැක්කේ නෑ.
" සුදු හාමිනේ ... "
කෙල්ලත් කොල්ලත් ගැස්සිලා ගියේ දර්ශනීගේ හඩින්. ඔවුන් හිද සිටි බංකුවෙන් නැගිට්ටේ එකටම වගේ.
" දර්ශනී අම්මේ ... මෙන්න මෙයා බොරුවට බය වෙලා එන්න පරක්කු වුනා කියලා අම්මා බනී කියලා ... "
දර්ශනී කෙල්ල දිහා බැලුවේ විමසුම් බැල්මකින්. ආරූ තම මවගෙන් ඒ දෑස් සඟව ගෙන ගේ ඇතුලට යන්න හැදුවේ රකේල් ඒත් ඇයගේ ගමන අතින් ඇද වලක්වද්දි.
" අම්මේ ... ආරූට දොස් කියන්න එපා ... "
" මටයි ඕන වුනේ ආරූ එක්ක නිදහසේ ටිකක් කතා කරන්න ... "
" අනික මං දන්නවා අම්මේ ගෑණු කෙනෙක්ට ගරු කරන්න ඕන කියන එක ... "
" මගේ අම්මා ලග හිටියේ නෑ තමයි. ඒත් මං නොතේරුන කාලේ වුනත් ලබපු අත්දැකිම් එක්ක ගෑණුන්ට ගරු කරන්න ඕන කියන එක ඉගෙන ගත්තා ... "
දර්ශනීට කොල්ලා ගැන දැනුණේ දුකක්. ඇය තවත් නිහඩ නොවී කතා කලේ රකේල්ගේ හිතට ඇය ගැන පුංචි කාලේ වගේ තව තවත් ආදරේ වැඩි වෙද්දි.
" මං ඔයාලාට දොසක් කිව්වේ නෑනේ ... "
" හිතේ බයක් තියෙනවා නම් මං වැඩටවත් සුදු හාමිනේව එවන්නේ නෑනේ නේද ... "
" මට විශ්වාස නිසා තමයි මගේ ඇස් දෙක වගේ ඉන්න එකම දරුවා ව පුතාට බාර දුන්නේ ... "
ආරූට දැන් ඇඩෙන්නත් වගේ. දර්ශනී ඇයව හදාගත්තේ ඇස්දෙක වගේ තමා. කොයිතරම් අගහිගකම් තිබුණත් කෙල්ලගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය වෙනත් විවාහයක් ගැන හිතුවෙවත් නෑ. ඇයට විවාහ යෝජනා කොතරම් ආවත් ඇය ඒ හැම එකම ප්‍රතික්ශේප කලා.
" ඔයාලා ඕන තීරණේ කරන්න ජිවිතේ ඉදිරි අනාගතය දෙන්නම එක ගමනක් යනවා ද නැද්ද කියන එක ... "
රකේල් කෙල්ලගේ අතත් අල්ලගෙන දර්ශනී සමීපයට ම ආවා. කෙල්ලට නම් මව ඉදිරියට එහෙම යන්න ලැජ්ජත් හිතුනා. ඒ නිසාම ඇය ඒ අත ගලවගන්න කොයිතරම් උත්සාහ කලත් දරදඩු ඔහුගේ අතින් නම් ගැලවෙන්න ඇයට බැරි වුනා.
" මං එදත් කිව්වා අදත් කියනවා අම්මා ... මට මෙන්න මේ පිස්සිව ඕන ... "
" අම්මාගේ ඇස් දෙක මගේ දැන් හුස්ම ටික ... "
දර්ශනීගේ නෙතට කදුලක් ඉනුවේ කොල්ලාගේ ඇස් වල තම දියණියට තියෙන ආදරේ දැකලා. ඇයගේ හිතේ තිබුණු බරක් අද සම්පුර්ණයෙන් ම නැති වෙලා ගියා. තම දියණියත් ඔහුට කැමති කියන එක ආරූගේ ඇස් වලිනුත් කියන කතාවෙන් තේරුනා.
" ඒත් අම්මේ ... මෙන්න මේ යෝ/දී අද මැංගුස් ගොඩක් බදාගෙන ආදරෙයි කිය කිය ඉ/ම්/බා ... "
" මේ තරම් ලස්සනට ඉන්න කොල්ලාව නම් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නෑ ... "
ලග හිටිය කෙල්ලගේ හිසට ඇගිල්ලෙන් ඇනලා ඔරවගෙන කොල්ලා එහෙම කියද්දි දර්ශනීටත් කෙල්ලටත් හිනා ගියා.
" අම්මයි දුවයි හිනාවෙන්න ... මේ අසරණයාව ඉ/බි/න්/න අයත් නෑ ආදරේ කියන්න අයත් නෑ ... "
" මැංගුස් ගෙඩි ටික මට වඩා පිං කරලා තියෙනවා බලන් යද්දි ... "
දර්ශනී කොල්ලාගේ ඔලුවත් අත ගාලා ගේ ඇතුලට ගියේ ඔවුන් මිදුලේ තනි කරලා.
" මේ පව් නැද්ද ඕ/යී මං ... "
" අර ගෙඩි ටික වගේ බදාගෙන ආදරෙයි කියලා කි/ස් එකක් දෙනවාකෝ ... "
ආරූ ඇගිල්ලක් කටේ ගහ ගත්තේ රකේල් කිව්ව දේ කරනවා ද නැද්ද කියලා හිතමින්. ඇයගේ හිත දන්නවා කොල්ලාට ඇයත් හුගාක් ආදරෙයි කියලා. ඇයට ලැජ්ජයි ඒක ඔහුට කියන්න. ඒත් තවත් ඔහුව මෙහෙම ආදරේ ඉල්ල ඉල්ල බාල්දු කරන්න ඇය කැමතිත් නෑ. ඒ නිසාමයි ඇය ටිකක් ලැජ්ජාවටත් එක්ක කල්පනා කරනවා වගේ හිටියේ. ඔන්න ඒ ටිකිරි මොලේටත් හොද අදහසක් ආවා.
" මහත්තයා රහසක් කියන්න ටිකක් පාත්වෙන්නකෝ ... "
කොල්ලටත් හැබෑ ගියා ඇය සීරියස් මූඩ් එකකින් එහෙම කියද්දි.
" ආදරෙයි මගේ නපුරෝ මං ... "
රහසින් වගේ ඒ කනට කරලා එහෙම කියපු කෙල්ල ඔහුගේ කම්මුලකුත් සිපගෙන ගේ ඇතුලට දිව්වේ ඇය සිප ගත්ත කම්මුලකට අතත් තියාගෙන ඔහු කටත් ඇරගෙන පුදුමයෙන් ඇය ගිය දෙස බලාගෙන හිදිද්දි.
" පුතේ ... ඇතුලෙන් ඇවිත් වාඩි වුනානන් ... "
කොල්ලා පියවි සිහියට ආවේ දර්ශනීගේ හඩින්. ඒ කඩවසම් වතේ කටකොනක සිනහවක් මැවුනේ ඇය කරපු දේ ගැන හොද සිහියෙන් හිතෙද්දි. හදවත පිරිලා ගියේ වෙනදාටත් වඩා හැඟිම් ගොඩකින්. සතුට දරාගන්න බැරි තරම්. ඔහුගේ ඇස් සෙව්වේ ඔහුගේ පුංචි දගකාරිවයි.
" ආරූ කෝ අම්මේ ... "
තේ එකත් තනියම බොන්න හිත හදාගන්න බෑ වගේ කොල්ලාට. ඒ ඇස් හතර අතේ දුවද්දි දර්ශනීට හිත ඇතුලෙන් හිනා. ඇයට යමක් වැටහුනා. ඇය තේ එක රැගෙන ආලින්දයට එද්දි කෙල්ල ඇගේ හැපෙන්නේ නැතිව බේරුණේ අනු නවයෙන්.
" ලිඳ ලගට ගියා මං හිතන්නේ ... "
කොල්ලාගේ හැඟීම් වලින් පිරුණු ඇස් හේබාල ගියේ දර්ශනීටත් දුක හිතෙද්දි. ආදරේ කරද්දි ඔහොමයි. ඇයටත් ඒක අලුත් දෙයක් නෙමේ. බරැති සුසුමක් ඒ මුවින් පිට වෙන්නේ මිගාර සිහිවීමෙනුයි.
" අම්මේ ... අර රන්දුනුකාරයාගේ ප්‍රශ්නේ විසදුණු ගමන් ආරූව මං මැරි කරනවා ... "
" එක දෙයයි අම්මේ මං ඉල්ලන්නේ ... "
දර්ශනි ඉදගෙන හිටිය පුටුවෙම අසුන් ගත්ත කොල්ලා ඒ අතක් අත්දෙකට මැදි කරගත්තේ දර්ශනීට ඔහුගේ පුංචි කාලය සිහිවෙද්දි. ඇයව දකින සෑම තැනකම ඒ අතේ එල්ලෙන එකමයි කුඩා කල රකේල්ගේ වැඩේ.
" කවදාවත් ආරූව නම් මගෙන් ඈත් කරන්න එපා මාව ජා/ත/ක කරපු අර රන්දුනුකාරයා නිසා ... "
" මං දෙමාපියෝ ලග නැතිව වුනත් ජිවත් වෙන්න ඕන කොහොමද කියන එක ඉගෙන ගත්තා මගේ පවුලේ වෙච්ච හැල හැප්පීම් දැකලා ... "
" ඉතින් තවත් රන්දුනු කෙනෙක් වෙන්න මට ඕන නෑ ... "
" ඒ ජිවිතේ මං හුගාක් විදෙව්වා ... "
" මගේ දරුවන්ට, මගේ නෝනාට ඒ දුක විදින්න මං ජිවත් වෙලා ඉන්නකන් ඉඩ තියන්නේ නෑ අම්මා ... "
දර්ශනී නිහඩව අහන් හිටියේ ඒ ඇස් වලටත් රකේල්ගේ ඇස් වල ඇති තෙතමනය දකිද්දි කදුලු පිරුණු. ඇය නිදහස් අතින් ඒ හිස ආදරයෙන් පිරිමැද්දා. කෙල්ලත් ඉක්මණින් ම ගත දෝවාගෙන නිවසට ආවේ හොදටම හවස් වෙලා තිබුණු නිසා අම්මාගෙන් පරක්කු වුනාට දොස් අහන්න බැරි නිසා.
" මට ඒ ගැන විශ්වාසයි පුතා ... "
" සුදු හාමිනේ මං වගේ පව් කරලා නෑ කියලා මං දන්නවා ... "
කෙල්ල ආලින්දයේ සිදු වුනු ඔවුන්ගේ කතා බහ අහන් හිටිය අමුතු හැඟීමකින්. ඇයට දැනුණේ ගැහැනුන් දෙදෙනෙකු සිටි නිවසේ අද ඔහු ඉද්දි පිරිලා වගේ. ඔහු තමන්ගේ නේද කියලා හිතෙන කොට කෙල්ලගේ කම්මුල් රතු පාට වුනේ ඒ යොවුන් සිත කෝල වෙද්දි.
" අම්මේ ලිපේ මොනවාද තිබ්බේ ... "
දර්ශනීගෙත් කොල්ලාගෙත් කතාවට බාධා කරමින් කෙල්ල සද්දේට දර්ශනීගෙන් අහද්දි කොල්ලා ඉක්මණට බැලුවේ කෙල්ලගේ හඩ ආවා පැත්ත. රතුපාට පුංචි මල් වැටුණු චීත්ත ගවුමට කෙල්ලගේ සුන්දරත්වය තවත් වැඩි කරලා තිබුණා. රකේල් ඇස් හීනි කරගෙන ආරූ දිහා බලන් හිටියේ දර්ශනී එතනින් පිට වෙනකන්.
•
•
•
වේනූෂ්ගේ ඇස් ගැස්සිලා ගියා මලිතිගේ ඇස් වල කදුලු දකිද්දී. ඔහුගේ හදක තවත් නොසන්සුන් වුනා කදුලු පිරුණු ඒ අහිංසක ඇස් දෙක දකිද්දි.
" මලිති ... මොකද මේ ... "
" අඩන්න තරම් දෙයක් මං කිව්වේ නෑ ... "
" මං කිව්වේ ඇත්ත ... "
" කෝ මාව ඇතුලට අරන් යනවා ඉතින් ... "
මලිතිට තවත් කොල්ලා එක්ක කතා කරන්න තරම් හිත හදාගන්න බැරි වුනා. ඇය හිතුවේ තමන්ගේ අතින් ලොකු අතපසුවීමක් වුනේ කියලා. ඇය ඒ වරද හිතේ තියාගෙනම කොල්ලා ලගට ඇවිත් රෝද පුටුවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ආවා.
" කදුලු පෙරන්න ලෑස්ති නොවී මට රෑට කන්න කට්ට සම්බෝල එක්ක පොල් රොටී හදලා දෙනවා ... "
" ආ ... තව ඉගුරු ප්ලේන්ටිත් ඕන ... "
හිස වනමින් පිලිතුරු දුන් ඇය එතනින් පිටවෙන්නයි හැදුවේ. ඒත් වේනූෂ්ගේ හිතට හරි නෑ ඇය කතා නොකරම යන්න හදද්දී.
" කටට ඉබ්බෙක් දැම්මා ද ඒ ටිකට ... "
" කටින් උත්තර දෙනවාකෝ ... "
ඔහු බොරු තරහක් ආරූඪ කරගත්තා මලිතිගේ වහන් හිටපු කට ඇරෙන්න.
" සමාවෙන්න මහත්තයා ... මං මහත්තයාගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි පුංචි ළමයෙක් වගේ කිව්වේ ... "
" මහත්තයාගේ මුරණ්ඩු වැඩ නිසයි එහෙම කිව්වේ ... "
වේනූෂ්ගේ මුවින් තරමක් හඩින් හිනාවක් පැන්නේ මලිතිගේ කදුලු වලට හේතුව වැටහෙද්දි. ඔහු කල්පනා කලේ ඇය කොයිතරම් නම් සංවේදී ඇද්ද කියලා.
" අනේ මැටි ගහ ... "
" මං කිව්වේ ඇත්තට ම දැන් මට වේලා තියෙන දේ ... "
" නැතුව තමුන් කිව්ව දේවල් වලට දුකින්වත් අමනාපෙන්වත් නෙමේ ... "
" හැම එකටම මිනිස්සු ඉස්සරහා කදුලු හලන්න එපා හලෝ ... "
" ඕන ඒකකට ඕට්ටු වෙන්න ඉගෙන ගන්නවා ... "
" නැත්නම් දවසක ත/මු/සේ/ට ඇත්ත නැත්ත තේරෙන එකක් නෑ වචන වලට හිත රිද්දගන්න ගිහින් ... "
තම රෝද පුටුවත් තල්ලු කරගෙන හැඟීම් විරහිතව ඇය දිහා මොහොතක් බලන් හිටපු කොල්ලා එතනින් යන්න හැරුණේ තම මවගෙත් පියාගෙත් කාමරය දෙසට. මලිතිට හිතන්න යමක් ඉතිරි කරලයි ඔහු එතනින් ගියේ. මලිතිත් ඔහු යන මග දෙස මොහොතක් බලන් ඉදලා යන්න හැරුණේ ඇයගේ දිනපොතේ යමක් සටහන් කරගන්න හිතාගෙන.
" 2021. 12. 13 - ඔබ දන්නවා නම් මේ හදවත රිදවපු සනසපු එකම පිරිමි රුව ඔබම පමණක් ම බව. නෑ තවත් ඔබ නමින් පෙරුම් පුරන මේ හිත රිද්දන්නේ. දවසක් ආවොත් ඔබට මා වැටහෙනංසාරේ මම හුගාක් පිං කරලා ඇති සංසාරේ ... වේනූ ~ ... "
ඇයගේ මුවින් පිටවුනු උණුසුම් සුසුම් වල බර ඇයගේ හිත තුල ඔහු නමින් උහුලන දුක කියයි. අහසයි පොලොවයි යා කරන්න බෑ කියලා ඇය හැම මොහොතකම ඒ හිතට දැන්නුවත් ඔහු දකිද්දී ඔහුගේ හුස්ම වැටෙන මායිමේ ඉද්දි වැටකඩුලු කඩාගෙන ඔහු නමින් ඒ අහිංසක හිතේ ඇති ආදරය ඉස්සර වෙනවා.
" ඔයා මට හුගාක් දුරයි මහත්තයෝ ... "
" ඒත් ඒ හීනෙන් ඇහැරෙන්න බයයි ඔයා මට නැතිවෙයි කියලා ... "
" මට පව් පිරෙනවත් ඇති අනුන්ගේ හිතකට ආදරේ කරන එකට ... "
"ඒත් ඒ පවට මං බය නෑ මහත්තයෝ ... "
" ඔයා ඉන්න දුන්නොත් දාසියක් වගේ හරි මගේ හුස්ම වැටෙනකන් මෙහේ ඉන්නවා ... "
" මට හුඟාක් අඩන්න වෙයි ඔයා වෙන කෙනෙක්ගේ ලග නවතිද්දි ... "
" ඒත් මං මගේ හිත රවට්ට ගන්නවා ඔයා ඉන්නේ මග ලඟම කියලා ... "
දිනපොත වසා දැම්ම ඇය ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ කදුලු පිරුණු ඒ අහිංසක ඇස් දෙකත් උරහිසින් පිස දමමින්.
" මලිති ... ළමයෝ ... "
නීලාම්මාගේ හඩින් කලබල වුනු ඇය කාමරයෙන් පිටතට ආවේ වෙනදා වගේ ඇයගේ කාමරයේ අගුලු දාන්නෙත් නැතිවයි.
•
•
•
වර්ශා වෙනදාටත් වඩා කලින් ම අවදි වුනේ පෙර දින නිමන්තට එහි පැමිණෙන බවට දුන් පොරොන්දුව නිසයි. තවම උදෑසන හතර පසුවුනා පමණි. ලහි ලහියේ නානා කාමරය තුලට ගිය වත තෙමා ගෙන සැහැල්ලු ඇදුමකට මාරු වී සෙරක මෙන් පහත මාලයේ තිබුණු මුලුතැන් ගෙයට පැමිණියා. ඇයගේ හිතේ ආසාවක් තිබුණා. ඒ ඇගේ සුරතින් ම සැකසූ උදෑසන ආහාර වේලක් නිමන්තට සකස් කරගෙන යන්න. මවට කියුවා නම් ඇයත් උදෑසන අවදි වෙන නිසාම ඇය මේ බව මවට වසන් කෙරුවා.
" ඔන්න ටුඩේ ස්පේෂල් මිස් වර්ශාගෙන් හොදේ ... "
ඇය රගපාමින් හිටියේ උදෑසන ආහාරය ඔහුට දෙන විදිය. කොහොමෙන් කොහොම හරි ඇය උදෑසන පහ පසු වී විනාඩි පහලොවක් යද්දි සුදු බතට පරිප්පු මිරිසට සාදා යහමින් කූනිස්සෝ දැමූ සම්බෝලයකුත් බෝංචි ව්යාංජනයකුත් ඇය පෙරදින සෑදූ මාලු ඇඹුල් තියලත් තවා ගත් කෙහෙල් කොලයක් මතට ලස්සනට බෙදා ගත්තා. මදක් නිවෙන්නට කූඩයකින් වසා නිවසේ සියල්ලට ම ඇය තේ හදන්න ඕන අඩුම කුඩුම ටික සුදානම් කරගත්තා.
" බබී ... මොකද මේ උදෙන් ම නැගිටලා ... "
ඇයගේ මව වන දිපිකාගේ හඩින් තිගැස්සණු ඇය අත තිබු තේ හැන්දත් තරමක් හඩින් බිමට වැටුණා.
" අයියෝ ... අම්මා ... මට හාර්ට් ඇටෑක් එකක් හදලා මරන්න ද හදන්නේ ... "
" මේ බලන්නකෝ පපුව ගැලවිලා බිමට වැටෙන සයිස් එකෙන් සද්දේ ඇහෙන්නේ ... "
තම පපුවට අතකුත් තියාගෙන සංසුන් වෙන්නට උත්සාහ කරමිනුයි ඇය එහෙම කිව්වේ.
" සොරී ... බබී ... "
" ගුඩ් මොර්නින් ඉතින් ... "
දිපිකා හරිම විනෝදකාමී චරිතයක්. නමුත් වර්ශාගේ පියාට ඇය සුවච කීකරු බිරිඳක්. දියණිය ලග ඇයට යෙහෙලියක් මෙන් හැසිරෙන ඇය. සැමියා ඉදිරියේ ඇල් වතුරත් නිවලා බොන ගානටයි ඇය හැසිරෙන්නේ.
" ගුඩ් මොර්නින් අම්මා ... "
" මං අම්මාට කිව්වේ අද මං නිමන්තගේ ගෙදර යනවා කියලා ... "
" ඉතින් මං එයාට ගෙනියන්න මගේ අතින් ම බත් එකක් හැදුවා ... "
දිපිකා තම දියණියගේ හිස පිරිමදිමින් කතා කලේ කොතරම් සැප සම්පත් මැද ඇති දැඩි වුවත් ඇය ජිවත් වුනේ බොහෝම සරලව කියලා මතක් වෙද්දි. ඇය කුඩා කල සිට කිසිම කෙනෙකුගේ හිත රිදවන්න කැමති නෑ. ඉතින් ජිවිත වලට ආදරේ කරන ඇය වෛද්‍යවරියක් වෙන තැනට වෙනකන් බොහෝම දක්ෂ ව ඉදිරියට ආවා.
" ඔයාට වරදින් නෑ බබී ... ඒ තරම් ඔයාගේ හිත හොදයි ... "
" නිමන්ත පුතාත් ඔයාට හුගාක් ආදරේ කරන දවසක් ලගදීම එයි ... "
" එතකන් දුක් නොවී සතුටින් ඉන්න ... "
" අපි කැමති ඔයා සතුටින් ඉන්නවා ට බබී ... "
තේ හදන එක පසෙකට කල ඇය තම මව වැලද ගත්තේ ඒ ආශිර්වාදය අද වගේ සුභ දවසකට පෙර නිමිති කියන්න වගේ කියලා ඒ හිතට දැනුණා. ඇය සැනසීමෙන් මොහොතක් මවගේ උණුසුමේ හිද මවට තේ පිලියෙල කරන්නට බාර කර නිමන්ත බැලීමට යෑමට සුදානම් වෙන්න තම කාමරයට ගියා.
" අයියේ ... මොකද මේ අද උදෙන් ම කුකුලත් අතට අරගෙන අවදි වෙලා කරන්නේ ... "
නිමංක උදේම අවදි වුනේ මේ දින වල පරිගණක පාඨමාලාවේ විභාග පැවැත්වෙන නිසාම සටහන් පොත් ටිකක් බලා ගන්න හිතාගෙන. පුරුද්දක් විදියට ඔහු නිමන්තගේ කාමරයටත් එබිලා බැලුවා. ඔහු හිතට දැනුණු පුදුමයත් එක්ක නිමන්තගේ කාමරය තුලට කඩා ගෙන වැදුනා.
" පොඩ්ඩෝ ... මම වර්ශාට අද එන්න කිව්වනේ ... "
" මං තීරණයක් ගත්තා එයා එක්ක කතා කරලා එයාගේ යෝජනාවට උත්තරයක් දෙන්න ... "
" මොනවා වුනත් වර්ශා නරක කෙල්ලෙක් නෙමේ කියලා මට දැනෙනවා බං ... "
" අපි බලමු ටික දවසක් ඒක එහෙම්ම ද කියලත් ... "
නිමංකට සතුටුයි ආරූට ආදරේ කරලා පිස්සු වැටිලා හිටිය තම සහෝදරයා අලුතින් ආදරය ගැන හිතන්න පටන් ගද්දී.
" අපි එයා ගැන හොයලා බලමු ලොකූ ... "
" මට විශ්වාසයි වර්ශා අක්කා තමයි ඔයාට ගැලපෙනම කෙනා වෙන්නේ කියලා ... "
" යමු ... අපි වොශ් එකක් දාගෙන තේ එකකුත් බීලා වැඩ පටන් ගමු ... "
නිමන්තට හිනා ගියේ නිමංකගේ පැහිච්ච කතා වලට. ඔහු දන්නවා නිමංක ලේසීයෙන් කෙල්ලෙක්ට චරිත සහතික දෙන්නේ නෑ කියලා. ඔහුගේ උදව්වෙන් ගත දෝවා ගෙන ආවා නිමන්ත තේ එකක් තොල ගාමින් ඉද්දී තමයි නිවසේ විදුලි සීනූව නාද වුනේ. ඔහුට හිතාගන්න පුලුවන් වුනා මේ තරම් උදෑසන පැමිණෙන්න ඇත්තේ කව්ද කියලා.
නැවත හමුවෙමු ...
Comments
Post a Comment