නීල නයනී 21


නීල නයනී


21_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" කොහේද දුවන්න හදන්නේ ... "


දර්ශනීගේ පස්සෙන් හිමිහිට මුලුතැන්ගෙට පැනගන්න හදපු කෙල්ලගේ අතින් ඇදලා තමන් ලගට ගත්ත රකේල් රහසින් වගේ කෙ9ල්ලගෙන් එහෙම අහද්දි ඇයට මතක් වුනේ මීට හෝරාවකට පෙර ඔහුට ආදරේ කියූ සැටියි.  ඒ වතම ලැජ්ජාවෙන් රතු වෙන්න ගියේ තත්පරයයි. 


" මේ ... මේ ... අම්මාට උදව් කරන්න මහත්තයා ... "


ඒ රතු වුනු වත අතොරක් නොමැතිව සි/ප/ග/න්/න හිතුනත් දර්ශනී සිටින නිසාම රකේල් ඒ අදහස අතහැරගත්තා.


" චුට්ටක් ... එලියට එනවාකෝ ... "


කෙල්ලගේ අතින් ඇදගෙන ඔහු ගියේ ලයිට් එලිය නොවැටෙන මිදුලේ අදුරු වු තැනකට.


" අර දීලා ... දිව්වේ ... "


" අන්න ඒවා දැන් දෙනවාකෝ ... "


කෙල්ල හදවතේ ගැස්ම පිටතට ඇහෙන තරම්. ආදරේ කියලා ඔහුව සිපගත්තාට. ඒ ඇස් වල පැටලිලා ඔහුගේ හුස්ම වදින දුරින් ඉද්දි කෙල්ලගේ හිත ඒ හැඟිම් වලින් පිරුණු බැල්මෙන් නොසන්සුන් වෙලා. 


" මහත්තයා ... අම්මා ... "


කෙල්ලගේ වතේ ගැවෙන නොගැවෙන සමීපයේ හිටිය කොල්ලා තිගැස්මත් එක්ක කලබලයෙන් ම ඇයගෙන් ඈත් වුනා. ආරූට හිත යටින් හිනා. ඇය කිව්වේ මුසාවක්. ඔහුගෙන් මිදෙන්න ගත්ත උත්සාහයක්. ඔහු තිගැස්මෙන් ම වටපිට බැලුවේ දර්ශනීව දකින්න වුනත් ඇය පේන මානයක හිටියේ නෑ. 


" හූ ... හූ ... අහුවුනානේ ... "


කොල්ලාට දිවත් කරලා එහෙම කියපු කෙල්ල නිවසේ ප්‍රධාන දොර ලගට වෙලා හිනාවේවී රකේල්ට ඔච්චම් කර කර හිටියා. 


" කපටිච්චි ... හිටුකෝ ... "


කෙල්ල හිතුවේ නෑ මව සිටින නිසාම ඔහු ඇය ලගට නැවතත් ඒවී කියලා. ඒත් ඇයට වැරදුනා. දොර ලග හිටපු කෙල්ලව අල්ලගන්න ඕන නිසාම කොල්ලා අඩියට දෙකට ඇය සිටි දෙසට ආවා.


" අම්මෝ ... මූ/ට අහුවුනොත් මං ඉවරයි ... "


" මට මගේ මෑණියන්ගෙම පිහිටයි ... "


" දුවපා ... න් ... ආරූ ... "


කෙල්ලත් පිටුපස නොබලා මුලුතැන්ගෙට දිව්වේ දර්ශනීව හොයාගෙන. කොල්ලාට හිනා කෙල්ලගේ ළදරු වැඩ වලට. ඔහු හිතාගත්තා අද නම් දර්ශනී හිටියත් ඇයට අමතක නොවෙන පාඩමක් උගන්නන්න. 


" සුදු හාමිනේ ... "


දර්ශනී අත නලිපෙන් බාමින් තිබුණු කරවල හොදි එක බිමට නොවැටි බේරුනේ අනුනවයෙන්. කෙල්ල දුවගෙන ආව පාර නැවතුනේ දර්ශනිගේ පිටුපසින්. පැමිණි වේගයෙන් ම ආරූ ඇයගේ ගතේ එල්ලීම නිසාම අතේ තිබුණු කරවල හොදි ටිකක් බිමත් ඉහිරුනා.


" හිමින් ගමන් ඇත්තේම නැද්ද ළමයෝ ... "


" තව ටිකෙන් ආයෙමත් හොදි හදන්න වෙනවා ... "


ටිකක් සැරෙන් වගේ දර්ශනී එහෙම කියද්දි ඇයගේ පිටුපසින් දුවගෙන ආව රකේල් මුකුත් නොවිච්ච ගානට නැවතුනේ දර්ශනීගේ නොරිස්සුම් වදන් වල සැරට.


" ඔව් ... ඔව් ... අම්මේ ... මේ/කී/ට තියෙන්නේ සුලුපටු විසයක් නෙමේ ... "


" මේ මාවත් තල්ලු කරලා දුවන් ආවේ ... "


" අතත් මොකක්ද වුනා ... "


කෙල්ලගේ ඇස් නලලේ. කොල්ලාගේ මුසා වලට. ඇය ඒ පුදුමයෙන් ම බැලුවේ දර්ශනීට පෙන්නන ඔහුගේ අත දිහා.


" අත ඇමෙට්ටි වෙලා ද දන්නේ නෑ පුතේ ... "


අතේ තිබුණු ඇතිලිය දරණුව උඩින් තියපු දර්ශනී කොල්ලාගේ අත එහෙට මෙහෙට හරවලා බැලුවේ කෙල්ල ගැන තරහකුත් හිතට දැනෙද්දි.


" සුදු හාමිනේ ... පුතාගේ අත උණු වතුරෙන් තවලා කාමරයේ තිබුණු බාම් ටිකක් ගා/න/වා ... "


කෙල්ල දිහා රවලා බලපු දර්ශනී එහෙම කියලා රකේල්ගේ අතත් ටිකක් අතගෑවා. ඇයට හිතුනේ ඔහුගේ අත රිදෙනවා ඇති කියලා. 


" ඉදිමිලා ආවොත් නම් පුතේ බලන් ඉදලා බෑ බෙහෙත් ගන්න වෙයි ... "


දැන් නම් රකේල්ට දුකයි ඇයට බොරුවක් කියපු එක ගැන. ඇය ඒ ගැන හිතමින් වද වෙන හැටි දකිද්දි කොල්ලාගේ හිත හුගාක් පසුතැවුනා.


" ඒ තරම් අමාරුවක් නෑ අම්මා ... "


" බාම් ටිකක් ගෑවම අඩුවෙයි ... "


ආරූත් ඔරවගෙන හිටියේ නිකරුනේ ඔහු නිසා ඇයත් මවගෙන් බැනුම් ඇහුවට. කොල්ලා ඒ බව දැක්කත් ඇයව තනියම ඔහුට හසුවෙන නිසාම හිටියේ හිත ඇතුලෙන් සතුටින් උඩ පැන පැන.


" තවත් බලන් ඉන්නේ ... "


කෙල්ල උණු වතුර දැමූ භාජනයත් රැගෙන මුලුතැන්ගෙයින් පිට වුනේ රකේල්ටත් දර්ශනීටත් ගස්ස ගෙනමයි. කොල්ලාට ඒකට හිනා ගියත් දර්ශනී හිටියේ රකේල් නිසාම ඇයගේ හිතුවක්කාරකමට දඩුවමක් දෙන්න බැරිවයි.


" මු/ක/ල/න් බස්සා ... "


" අම්මාට කියලා මට බැන්නෙව්වනේ ... "


" ඕකේ ප/ලි/ය නම් මං ගන්නවාමයි ... "


කෙල්ල තනියම කුටු කුටු ගාගා බැන්නේ රකේල්ට. කපු රෙදි කඩක් පොට්ටනියක් වගේ හදාගෙන ආරූ හැදුවේ කොල්ලාගේ අත තවන්න යන්න. ඒත් ඇය රෙදිකඩත් අරන් ඇයගේ කාමරයේ දොර දිහාට හැරෙද්දි කොල්ලා හිටියේ කාමරේ දොර රෙද්දෙන් ඇතුලට එමිනුයි. ඒ සිව්නෙත් එකට යාවුනේ කෙල්ලගේ හිත ඒ අමුතු බැල්මට හිරිවැටෙද්දියි.


" දැන් මොකද කියන්නේ සුදු නෝනා ... " 


ගල්ගැහිලා වගේ තමන් සමීපයට එන කොල්ලා දිහා ඇය බලන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරිවෙද්දි.

 

" දැක්කානේ ... අම්මත් මගේ පැත්තේ ... "


ඒ දඟකාර හැසිරීම් ලග ඇයගේ හිත තව තවත් ඔහු නමට ආදරේ පුරවනවා. කඩවසම් වතේ ඇදෙන ආකර්ෂණීය හිනාවත් ඒ තුරුණු හිත වල්මත් කරනවා.


" ෂ් ... ෂ් ... මාව ගිලින්න ද හදන්නේ යෝ/දි/යේ ... "


කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ ඇයගේ ඇස් වලට එබිලා ඉන්න කොල්ලා දිහා. ඒ මොහොතෙයි ඇයට දැනුණේ ඔහු ඉන්නේ තමන්ට හුස්ම වදින දුරින් කියලා. ඇයගේ නොසන්සුන් හිත ගැන ඒ ඇස් වල ඇති කලබලයෙන් කොල්ලාට දැනුණා. ඒත් ඇයව අතහරින්න නම් ඔහු සුදානම් නෑ.


" බයත් හිතෙනවා බං ඔය බැල්මට ... "


" හොදට ඉන්න මාවත් නොමග යනවා ඕවාට ... "


කෙල්ලගේ මුව අපුරු මදහසක් නැගුනා. කොල්ලා ඒ දිහා බලන් හිටියේ හරිම ආදරයෙන්.


" දැන් අත රිදෙන්නේ නැතුව ඇති ... "


" බොරුකාරයා ... "


ආරූගේ කටකාරකම් මතුවෙන්නේ ඇයගේ හිතට ලග කෙනෙක් කියලා දැනෙනකොටයි. රකේල් බොරුවට රැව්වේ කෙල්ල ඔහුගෙන් ඈත් වෙලා කපටිකමක් කල එකටත් එක්ක.


" ආ ... ඇත්තද පණ්ඩිත ආච්චි අම්මේ ... "


" එතකොට මට බොරු කියලා ඔය නෝනාට දුවන්න හොදයි ... "


ඇයගේ කන් පෙත්තක් අල්ලගෙන හෙලෙව්වේ ටිකක් රිදෙන්නමයි. කෙල්ලගේ මුව ඇද වෙලා ගිය හැටි දකිද්දි කොල්ලාට දුකත් හිතුනා. ඔහු රිදවපු කන් පෙති මත ම ඒ රලු දෙතොල් ඇතිරුවේ කෙල්ලගේ ගතම ඒ ස්පර්ශයෙන් සීතල වෙලා යද්දි. ඇයට නුහුරු ඒ ස්පර්ශයන් ඇය විදගත්තේ හුස්ම ගන්න පවා අමතක කරමින්. 


" හා ... හා ... හුස්ම ගන්නවා ... "


" ත/මු/සේ/ව පුපුරයි නැත්නම් ... "


කෙල්ලගෙන් ඈත් වෙලා තම කොන්ඩේ අතින් උඩට කරමින් ඔහුගේ හැඟීම් ඇයගෙන් සගවන්න උත්සාහ කරමිනුයි කොල්ලත් එහෙම කිව්වේ.


" අනේ මන්දා ඕ/යී ... මං ඇල්ලුවත් ත/මු/සේ වේවුලනවනේ ... "


" ඒත් කට නම් ගමකට ගහන්න වගේ ... "


කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා. ඔහුගේ ස්පර්ශයන් විදින්න ඒ හිත කැමති වුනත් කෝල බවකින් ඒ හිත පිරිලා යන්නේ ඇයටත් නොදැනිමයි.


" සුදු නෝනා ... අම්මා එන්න කලින් ආයෙමත් ඔය කටින් මට ආදරේ කියනවාකෝ ... "


බිමට නැඹුරු වෙලා තිබුණු ඇයගේ සියුමැලි වත දෝතට මැදි කරගත්ත කොල්ලා ඒ ඇස් වලට එබිලා වගේ එහෙම කිව්වා.


" අනේහ් ... මං පස්සේ කියන්නන් ... "


ආරූ ඇඹරෙන්න ගත්තේ වගේ ඔහුගේ ඇස් දිහා බලාගෙන එහෙම කියාගන්න ලැජ්ජ නිසා.


" ඔන්න ඔයා ලැජ්ජාව අඩු කරගන්නවා සුදු නෝනා ... "


" ඔහොම ඇඹරෙන්න ගියොත් ත/මු/සේ ඇඹරිලාම යයි ඕ/යී ... "


දර්ශනී ඔවුන්ව සොයාගෙන ආව නිසාම එතනින් ඔවුන්ගේ කතාව නැවතුනා. පසුදා පැමිණෙන බව පවසමින්ම කොල්ලා තම නිවස බලා පිටත් වුනේ ඇයගේ දඟකාරකම් මතක් කර කර සිනාපිරි මුවින්මයි.





රන්දුනු හිටියේ වියරු වැටිලා අහුවෙන අහුවෙන එක පොලොවේ ගසමින්. රිටාත් පුදුමයෙන් බැලුවේ ඩගී දෙස. ඒත් ඇය දැක්කේ ඩගීගේ බිය රැදුණු දෙනතින් රන්දුනු දිහා බලාගෙන ඉන්නවා. 


" උ/බ/ ලා එකෙක්ටවත් බෑ හරියට වැඩක් කරගන්න ... "


" අ/රූ මට #@$@& හිනාවෙනවා ඇති ... "


රකේල් ආරූ එක්ක ඔවුන්ගේ ආරක්ෂකයෝ එක්ක ගිය නිසා ඩගී ඇතුලු පිරිසට කිසිවක් කරගැනීමට නොහැකි වීම ගැන රන්දුනු හිටියේ රකේල් ගැන තවත් වෛ/ර/යෙන්. 


" එකපාර ඕ/කා/ව ඉවරයක් කරලා දාන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි ... "


" තවත් බලන් ඉන්නේ ... මගෙන් මැ/රු/න් නොකා ප/ල/ය/න් මෙතනින් ... "


දත්මිටි කමින් රන්දුනු වියරුවෙන් කෑ ගහද්දී ඩගී වගේම රීටත් ගැස්සුනා. සිහි එලව ගත්ත තත්පරයේම ඩගී එතනින් අඩියට දෙකට ඉවත් වුනා. රීටා පමණක් රන්දුනු දිහා හිත යටින් හිනාවෙමින් තාත්වික රංගනයක යෙදෙමින් හිටියා.


" කූල් බබා ... ඊ ලග පාර අපි හොදට ප්ලෑන් කරලා ඔයාගේ පුතාට අමතක නොවෙන පාඩමක් උගන්නමුකෝ ... "


රන්දුනුගේ ගතේ ඇලෙමින් සාරාගී දෙතොල් උල් කරමින් රීටා එහෙම කියද්දි  වෛරයෙන් පෙලුනු රන්දුනුගේ හිත ඇය ගැන රාගයකට පෙරලුවා.


" මගෙත් එක්ක හිටපු එක ගෑණියෙක්ටවත් බැරි වුනා මාව තරහා ගිහින් ඉද්දි නවත්තන්න ... "


" ඒත් උ/බ ඒක කලා කෙල්ලේ ... "


ඇයව සයනය මතට පෙරල ගනිමින් රන්දුනු එහෙම කියද්දී රීටා හුරතලයක් මවා ගනිමින් කිංකිණි හඩින් සිනාසෙන්න ගත්තේ රාගයෙන් පිරුණු රන්දුනුගේ හිතට තවත් අනුබල දෙමින්. 


රන්දුනුට හිතාගන්න බැරි තරමට ම සුක්ෂම ලෙස රීටා ඔහුගේ හිතේ විශ්වාසය දිනා ගනිමින් හිටියා. ඔහු දැන දැන කරන වැරැද්ද නිසා ම දවසක ඔහු සතු වටිනාම දේවල් නැති වෙනවා කියලා කාමයෙන් පිරුණු ඒ සල්ලාල හිතට වැටහුණේ නෑ. 


" රීටා ... ගාණට ඌ/ට ඇම ගිල්ලනවා බං ... "


දුරකථනය ඔස්සේ මේ අනඟ රැගුම් වල දෙබස් අසාගෙන සිටි රකේල්ගේ මිතුරෙකු වගේ ම පොලිස් නිලධාරියකු වු භානුක මහා සද්දේට හිනාවෙන්න ගත්තේ රකේල්ගේ මුවෙත් වියරු සිනහවක් ඇදෙද්දි.


" ඇත්තට ම ම/චං උබට දුක නැද්ද තමන්ව ජාතක කරපු එකා ම මෙහෙම හැසිරෙද්දි ... "


කොල්ලාගේ මුවින් පිටවුනු දිගු සුසුම් හඩත් එක්ක භානුකට තමන් අහපු ප්‍රශ්නය ගැන තරහක් දැනුණේ.


" ඉස්සර මං නොසෑහෙන්න අඩලා ඇති ම/චං ... "


" ඒත් තේරෙන වයස වෙනකොට මං හිත  හදාගෙන හිටියේ ... "


" ඒත් අනිත් අය තමන්ගේ තාත්තා එක්ක යාලුවෝ වගේ විනෝදෙන් ඉන්නවා දකිද්දි මට මං ගැනම දුකයි බං ... "


භානුක කොල්ලාගේ පිටට තට්ටු කරමින් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ තවත් කතාව දුර දිග යවමින් තම මිතුරා රිදවීමට ඇති අකමැත්ත නිසයි.


" තනියම උබ කොහෙවත් යන්න එපා මචං ... "


" බොඩිගාඩ්ලා විතරක් නෙමේ ප්‍රමේෂ්වත් එක්ක ප/ල/ය/න් යන තැනකට ... "


රකේල්ගේ මුව ඇදවෙලා ගියේ කෙල්ල එක්ක තනිවෙන්න ඕන තැනටත් ප්‍රමේෂ්වත් එක්ක යන්න බැරි නිසා.


" පිස්සු කියවන්න එපා බං ... "


" කෙල්ල එක්ක ඉද්දි මං කොහොමද ඌව එතනට අරන් යන්නේ ... "


" කෙල්ල හිතයි මං #@$&# කියලා තනියම මුකුත් කරගන්න බැරි ... "


භානුකට හිනාව නවත්තන්න බැරි තරම්. ඔහුට මැවිලා පෙනුනේ රකේල් කෙල්ල එක්ක තුරුල් වෙලා ආදරේ කරද්දි ප්‍රමේෂ් කට ඇරගෙන ඒ දිහා බලන් ඉන්නවා.


" මොකෝ ... තෝ ගු/ලි කාල ද ... "


කොල්ලාගේ නොරිස්සුම් වදන් එක්ක අපහසුවෙන් වුනත් භානුක තම සිනහව සගව ගත්තා. ඔහු දන්නවා රකේල්ගේ උදහසට ලක්වෙන්න තව විනාඩියත් ඇති කියලා. 


" ඒක නෙමෙයි ... දැන් ම උබ පිලිවෙලක් වෙන්නේ නැද්ද බං ... "


කොල්ලාගේ මුවින් පිටවුණු සුසුමේ බරින් ම භානුකට තේරුනා ඒකටත් තම මිතුරාට බාධාවක් ඇති කියලා. ඔහු බලන් හිටියේ රකේල්ගෙන් ඒකට ලැබෙන පිලිතුර කොයි වගේ වෙයි ද කියලා. ඒ වගේම ඔහු හිතා ගත්තා තම මිතුරා වෙනුවෙන් කරන්න පුලුවන් හැම උදව්වක් ම කරලා ඔහුගේ ආදරය ලගට ගන්න උදව් කරනවා කියලා.





" අම්මා ... මං ඇතුලට එන්න ද ... "


වේනුෂ් තම මවට කතා කරගෙනමයි ඔවුන්ගේ කාමරයේ දොරට තට්ටු කලේ.


" අනේ ... අනේ ... පුතා ... අපේ කාමරයට එන්න තට්ටු කර කර ඉන්න ඕන ද ආ ... "


සංගීතා නෝක්කාඩුවෙන් එහෙම කියද්දි රමේෂ් තරමක් හඩින් හිනාවෙන්න ගත්තේ වේනූෂ් මත තිබුණු සංගීතාගේ ඇස් කුතුහලය මිශ්‍ර බැල්මකින් රමේෂ් දෙසට හැරෙද්දියි.


" කොල්ලා හිතන් ඇති අපි තවම තරුණ කාලේ වගේ ඇලිලා ඉන්නවා කියලා ... "


" කොහෙද ඉතින් ... මේ අම්මාගෙන් කිසි ම උනන්දුවක් නෑනේ පුතා මට කොල්ලා  වගේ ඉන්න ... "


සංගීතාව රතු වුනේ රමේෂ්ගේ හිනාවට කොල්ලත් එකතු වෙලා ඇයට සරදම් කරද්දි.


" බලන්නකෝ අප්පච්චි අම්මාගේ ලැජ්ජාව ... "


සංගීතා දෙන්නාට ම ගස්සගෙන ම රෝද පුටුව තල්ලු කරගෙන ගියේ නමපු රෙදි ටික අල්මාරියේ තියන්න වගේ ම වේනූෂ්ට මූණ දෙන්න බැරි ලැජ්ජාවටයි. රමේෂ් කොල්ලාට ඇයව පෙන්නමින් ඉගි කලේ වේනූෂ්ට තම මව ගැන දුක හිතෙද්දි. ඇය රෝද පුටුවකට වී කල් ගෙවන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. අද තමන් ඒ ඉරණමට මූණ දීලා විදින දුක කාන්සිය වේදනාව ඊටත් වඩා ඇය විදින්න ඇති කියලා ඔහුට හිතුනා.


" ඒ ගැන මොකට කියනවාද පුතා ... "


" ලොකු ළමයෙකුත් ඉදලත් තවම ලැජ්ජයිනේ මෙයා ... "


අල්මාරිය පැත්තට හැරිලා බොරුවට ඇදුම් ටික හදන ඇයව ඔවුන් දෙසට හරව ගන්න ගමන් රමේෂ් ආදරය පිරුණු හඩින් එහෙම කිව්වා. ඒ මොහොතෙත් වේනූෂ්ට මතක් වුනේ ආරූව. ඇයත් සමග තම දෙමාපියන් මෙන් ආදරෙන් ඉන්න තිබුණන් කියලා ඔහුට හිතුනා. 


" මල කෝලන් ... "


සංගීතා රෝද පුටුවත් තල්ලු කරගෙන කාමරයෙන් පිටතට යන්න හැදුවේ රමේෂ්ට පුංචි රැවුමකුත් පා කරලා. ඇයගේ හඩින් ආරූගේ ලොවින් පියවි සිහියට ආව කොල්ලා අපහසුවෙන් වුනත් මදහසක් නගා ගෙන තම මවගේ රෝද පුටුව නවත්තගෙන කෝලම් කරන තම පියාගේ ආදරය දිහා බලන් හිටියා.


" අප්පච්චි ... මං තවම චුටි හොදේ ... "


" ඕවා දැකලා මාත් නරක් වෙනවා ... "


" ඔන්න ඔයාගේ කෙල්ල එක්ක නිදහසේ ඉන්න දීලා මං යනවෝ ... "


බොරුවට අත් දෙකෙන් ඇසුත් වහගෙන වේනූෂ් ලැජ්ජාවෙන් වගේ එහෙම කිව්වේ රමේෂ් සංගීතාගේ කොපුලක් සිපගත්ත නිසයි. සංගීතාට නම් මේ පුතාගෙයි තාත්තාගෙයි කෝලම් නිසා ලැජ්ජායි.


" තැන්ක් යූ පුතා ... "


රමේෂ් තරුණ කාලේ වගේ කොල්ලාට ඇහකුත් ගහලා හිනා වුනේ සංගීතා ඔහුට නොරිදෙන්න ඒ පිටට පහරක් ගසද්දි. තම දෙමාපියන්ගේ සතුට දැකලා හිතට  දැනෙන සැහැල්ලුවත් එක්ක ඔවුන්ගේ කාමරයෙන් පිට වෙලා වතුර එකක් බොන්නත් හිතාගෙන මුලුතැන්ගෙය පැත්තට ගියා. 


මුලුතැන්ගෙය අසලට යද්දි මලිතිගේ කාමරයේ දොර ඇරලා තියෙනවා දකිද්දි ඔහුට හිතුනේම ඇය සිටින කාමරයට ගිහින් බලන්නමයි. නීලම්මා සමග හරි හරියට කතා කරන මලිතිගේ හඩ එපිටින් ඇසෙද්දි වැරදි වැඩක් බව දැන දැනම ඔහු මලිතිගේ  කාමරයට රෝද පුටුව තල්ලු කරගෙන ගියා.


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10