නීල නයනී 4

නීල_නයනී

4_කොටස

(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

දර්ශනීටත් කලින් කොල්ලා නිවසේ ප්‍රධාන දොර දෙසට ගියේ ගැඹුරු හඩකින් කතා කරන පිරිමි කෙනා කව්ද බලන්න. 

" මේ මිස් අරුණලීගේ ගෙදර නේද ... "

ප්‍රධාන දොරෙන් එලියට පැමිණි රකේල් දිහා විනිවිද යන බැල්මකින් වේනූෂ් එහෙම ඇහුවේ මේ නිවසේ කෙල්ලත් අම්මත් පමණක් ඉන්නවා කියලා අචලා කියපු නිසයි.

" ඔව් ... මං රකේල් බණ්ඩාරනායක ... "

සුහද මුහුණක් ඒ වතට ආරූඩ කරගෙන රකේල් අත දික් කලේ වේනූෂ්ට. 

" මං වේනූෂ් අකලංක නානායක්කාර ... මේ ඒරීයා එකේ ඕ අයි සී ... "

තවත් රකේල්ට ඔහුගෙන් දැනගන්න බැරි වුනේ දර්ශනී එතනට ආවා නිසයි.

" මහත්තයා රාජකාරීයට ද ආවේ ... "

හිතේ තිගැස්ම සගවගෙන දර්ශනී යටත් පහත්ව වේනූෂ්ව සුහදව පිලිගත්තා.

" නෑ අම්මා ... මට අරුණලීට ටිකක් කතා කරන්න ඕන ... "

රකේල්ගේ දෑත් මිටි මෙලවුනේ ඒ හිතට නොරිස්සුමක් ඇති වෙද්දි. 

" එන්නකෝ මහත්තයෝ ඇතුලට ... "

" වාඩි වෙලා කතා කරමු ... "

දර්ශනීගේ ඇරයුම සතුටින් බාර ගත්ත වේනූෂ් නිවස තුලට ගොඩ වුනේ පිලිවෙලට තියෙන නිවස පුරාත් දෑස් ගෙනයමින්මයි. කොල්ලාගේ නම් කැමැත්තක් ඇත්තේම නෑ ඔහු වගේ කඩවසම් මනා පෞරුෂයෙන් හෙබි තරුණයකු කෙල්ලව දකිනවටවත්. ඔහුගේ හිතට දැනුණේ තමන්ට අයිති දෙයක් නැති වෙන්න යනවා වගේ හැඟීමක්.

කෙල්ල චීත්ත ගවුමකට මාරු වෙලා දිගු කොන්ඩය කඩා දාගෙනම කාමරයෙන් පිටතට ආවේ වේනූෂ්ගේ දෑසුත් ඇය දෙසට යද්දී.

" ආහ් ... අරූණලී මං ආවේ ඔයාව මීට් වෙන්නත් එක්ක ... "

වේනූෂ්ව දකිද්දී කෙල්ල ආවේ බිය රැදි නෙතින්මයි. 

" සර් ... සංගීත මැඩම් හොදින් නේද ... "

කෙල්ල වේදනාවෙන්ම වගේම සිහින් හඩින් මිමිණුවේ වේනූෂ්ගේ මවගේ සිනහාවෙන් පිරුණු කරුණාවන්ත මුහුණ මතක් කරගෙනමයි. කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා. තම මව ගැන වද වෙන ඇය ගැන වේනූෂ්ට දැනුණේ අමුතුම හැඟීමක්. රැකියාවට රලු වුනත් ඇත්තටම ඔහු බොහෝම නිවුනු චරිතයක්.

" අම්මා හොදින් නංගි ... "

" ඔයා බේරුවේ මගේ පණ ටික ... "

කෙල්ලගේ ඇස් විසල් වුනේ වේනූෂ් කියපු කතාවට. ඒ කුහුලින්ම ඇය බලන් හිටියේ තවමත් වෙනූෂ් දිහා. මේ හැම රැගුමක්ම අසල තිබුණු පුටුවට බර වෙලා රකේල් බලන් හිටියේ ඉව වහ ගියා කෝපයෙන්. කෙල්ල තමන් දිහා නිකමටවත් බැරුවේ නෑ කියලා ඒ ඇසට හසු වෙද්දි රකේල් වේනූෂ්වත් ඒ මොහොතට තමන්ගේ හතුරෙක් කරගෙන ඉවරයි.

" ඒ මගේ අම්මා නංගි ... ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා මට හිතාගන්න බෑ. ඔයත් අහක බැලුව නම් මේ වෙද්දිත් මගේ අම්මා මේ ලෝකේ නැති වෙන්න තිබුණා ... "

" බොහෝම පිං නංගා ... "

කෙල්ලට පුදුමයි පොලිසිය තුල සිටි ගාම්භීර පොලිස් නිලධාරියාගේ නිවුනු ගති පැවතුම් ගැන. ඇය ඒ මොහොතේ ඔහුව දැක්කේ තම මවට අසීමිතව ආදරේ කරන මනුස්සකම අඳුනන ගුණ ගරුක පුද්ගලයෙක් විදියට. ඇය ඒ පැහැදීමෙන්ම තම මව දෙසට හැරුණේ ඔහුට තේ එකකින් හෝ සංග්‍රහ කිරීම ඔවුන්ගේ යුතුකමක් නිසා.

" හිතේ කලබලේ නිසා මට මහත්තයාට තේ එකක්වත් හදන්න යන්න කල්පනා වුනේ නෑ ... "

" දුව එක්ක කතා කර කර ඉන්න මහත්තයෝ මං ඉක්මණට එන්නන් ... "

තම මව මෙන් සිටින ඇය තමාට ගරු නම්බු දී කතා කරද්දි වේනූෂ්ගේ හිතට මදි. ඒ දුරස්ථ බව නැති කරගන්න හිතාගෙන දර්ශනී යන්න හැදුව ගමන වලක්වලා ඔහු නැවතත් කතා කලා.

" මං අම්මා ... අම්මා කියද්දි මට මහත්තයා කියලා කතා කරන එක හරි නෑ නේද ... "

දර්ශනීට ලෝබ හිතුනා ඔහුගේ ගති ගුණ ගැන. ඇය ඔහු දෙස බැලුවේ කෙල්ල දිහා බලනවා වගේ සෙනෙහසින්. රකේල්ට තවත් ඒ දිහා බලන් ඉන්න බැරි නිසාම ඔහුගේ හඩත් ඔහු අවදි කලා. 

" මටත් රොටී ඕන අම්මා ... "

කෙල්ලට වගේම දර්ශනීටත් පුදුමයි ඔහුගේ නිවුනු ස්වරය ලග. ඔවුන්ගේ පුදුමයෙන් පිරුණු බැල්ම ලග කොල්ලාට අපහසුවක් දැනෙද්දි ඔහු අසුනින් නැගිට්ටේ කෙල්ල දිහා බලාගෙන. 

" යමු බඩගිනියි මට ... "

කෙල්ලටත් කෙලත් ගිලුනා ඔහුගේ හැසිරීම ලග. ඇයට වගේම වේනූෂ්ටත් දැනුණා ඔහු ඇය ගැන අයිතියක් හඟවන බව. 

" පුතාගෙත් අකැමැත්තක් නැත්නම් රොටීයි කොරලි මාලුයි හදලා තියෙනවා කාලා ඉගුරු දාපු ප්ලේන්ටියකුත් බීලා යමු ... "

වේනූෂ් ලගදි දර්ශනීට අපහසුතාවක් දැනුණේ නෑ. ඒ නිසාමයි එවැනි ආරාධනාවක් ඇය කලේ.

" කමු අම්මා ... උදේට කන්න වුනෙත් නෑ අද ... "

" අපේ රාජකාරී වලට වේලාවක් කලාවක් නෑනේ ඉතින් ... "

වේනූෂ්ගේ හිතට දැනුණේ තමන්ගේම තැනකට ආවා වගේ හැඟීමක්. ඒ හැඟීමෙන්ම දර්ශනී පසු පසම ඔහු කෑම කාමරය දෙසට යද්දී කෙල්ලත් හැදුවේ ඔවුන් පසුපස යන්න.

" මටත් එක්ක කෑම අරගෙන එනවා අර අඹ ගහ යට බංකුව ලගට ... "

කෙල්ලට දැනුණේ අපහසුවක්. ඔහුගේ කටේ තරම දන්න නිසාම නිවස තුලදී කොල්ලාට මුකුත් කියන්න බැරිව කෙල්ල හිටියේ. ඔහුත් සමග තනිවම සිටින්නට ඇයගේ හිතේ නම් කැමැත්තක් තිබුණේම නෑ. ඒත් ඇය අසරණයි. කාට වුනත් නිවසට ආවාම කෑම ටිකක් නොදී ඉන්න තරම් ඒ හිත දරුණු නෑ. 

ඉතින් තවත් හිතන්නේ නැතුව ඇය ගියේ කෑම මේසේ තිබ්බ කාමරයටයි. ඒ වෙද්දීත් වේනූෂ් ප්‍රියංකා එක්ක වගේම ප්‍රමේෂ් එක්කත් බරටම කතාව. කෙල්ල ඔහුගේ හිනාව දිහා බලන් හිටියේ ආසාවෙන්. හිනාවෙද්දි පෙනෙන නල දත් ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කරලා තිබුණා. 

" සුදු හාමිනේ ... මොකද ඔතන ... "

" අපි නම් කා ගැනවත් හෙව්වේ නෑ කෑම වලට වග කියනවා. නේද පුතා ... "

ප්‍රමේෂ් එක්ක වගේම වේනූෂ් එක්කත් හිනාවේවීම තමා ප්‍රියංකා එහෙම කිව්වේ. ඇයව අනුමත කරන්න වගේ කොල්ලෝ දෙන්නාම සිනහවකින් ම හිස වැනුවා.

" චුටි මහත්තයා කෑම එකක් මිදුලේ අඹ ගහ යටට ගේන්න කිව්වා ලොකු නෝනා ... "

ප්‍රියංකාත්  ප්‍රමේෂුත් මුහුණට මුහුණ බලාගත්තේ පුදුමයෙන්.

" අපේ කොල්ලා ගියේ නැද්ද තවම ... "

ප්‍රමේෂ්ට කෑමත් හිර වුනා කොල්ලා කෑම ගේන්න කිව්වා කියද්දි.

" නෑ ලොකු නෝනා ... මං චුටි මහත්තයාට කෑම එකක් දීලා එන්නන් ... "

කෑම මේසේ තිබුණු පිඟානකට රොටිත් වෙනම පීරිසියකට කොරලී හොදිත් බෙදාගෙන කෙල්ල එතනින් ගියේ වේනූෂ්ගේ හිතට දුකක් දැනෙද්දි.

" පව් ... වලව් කාරයන්ගේ වැඩකාරීයක් කරගෙන මේ කෙල්ලව ... "

" කොහොම හරි මං ඔයාට වැදිලා තියෙන ඒ ලේබලය ඉක්මණට ම අයින් කරනවා නංගි 

රොටි කෑල්ලක් මුව තුලට දමාගෙන හපන ගමන් තමයි කෙල්ල යන දිහා බලාගෙනයි වේනූෂ් එහෙම හිතුවේ.

" ආන්ටි පුදුමයක් නේද අපේ ගොයියා අහසින් පොලොවට බැහැලලු ... "

" ඒකනේ පුතා මමත් බැලුවේ. කොහොම හරි කමක් නෑ එයාගේ අප්පච්චි වගේ නොවී හැදුනොත් ඇති ... "

වේනූෂ් ඒ කතා වලට සම්බන්ධ නොවුනත් රකේල් ගැන කියපු හැමදේම වගේ ඒ හිතේ හොදට තැම්පත් කරගත්තා.

" ඉතින් පුතා ... ඔයාගේ විස්තර අපි දන්නේ නෑනේ ... "

ප්‍රියංකාගේ කතා විලාසයෙන් ම වේනූෂ්ට තේරුනා ඇය සල්ලිකාර පවුල වල ඉන්න අඩි දෙක තුනක උඩින් ඉන්න අම්මණ්ඩිලා වගේ නෙමේ කියලා. ඒ නිසාම ඔහු මුව පිරෙන්න ලස්සන සිනහවකින්ම ඔහු ගැන විස්තර කියන්න පටන් ගත්තා.

" මගේ තාත්තා රිටයර් වෙච්ච ඩි අයි ජි කෙනෙක්. මේ දවස් වල නම් ඉන්නේ අපේ බිස්නස් වැඩ වලට රට ගිහින්. අම්මා සංගීත ගුරුවරියක්. මමත් ආසාවට පොලිසියට බැදුණට ගෙදරින් නම් කැමති වුනේම නෑ. කොහොමත් අම්මා දීලා තියෙන්නේ මට ටික කාලයයි. මාව කාට හරි දීලා දාලා එයා නිදහස් වෙන්න ඕනලු. ඊට පස්සේ ඉතින් මං ජොබ් එකෙනුත් අයින් වෙන්න ඕනලු. සංගීත කලාට හෙන දරුණුයි එයාගේ නීති ... "

ඉගුරු දැමූ තේ ටික කෑම මේසයෙන් තියපු දර්ශනීත් හිනාවේවී රස කර කර ඔවුන්ගේ පවුලේ විස්තර කියන වේනූෂ් දිහා ලෝබකමින් බලාගෙන හිටියා. ඇයටත් හිතුනා මේ වගේ රත්තරං පුතෙක් තමන්ටත් හිටියා නම් කියලා.

" ඒ නීති ඉතින් කොයි අම්මාගෙත් තියෙනවා. මේකනේ ඉතින් ඒ දේවල් ගැන දරුවන්ට උවමනාවක් නැති වෙද්දි දෙමාපියෝ හැටියට අපේ වගකීමක්නේ නිසි වයසේ දී ඔයාලාට පෙලවහක් කරලා දෙන එක ... "

කොල්ලාට ලැජ්ජයිත් එක්ක ප්‍රියංකා එහෙම කියද්දි. ඔහු අහක බලාගෙන හිනාවුනේ ඒ මතෘකාවෙන් දිගටම ගියොත් දරු මල්ලොත් හදලා තමයි නවතින්නේ කියලා ඔහු අත්දැකීමෙන් දන්නවා. ඔහුගේ මව නම් එහෙමයි. ඒ හිත වේදනාවකින් පිරිලා ගියේ රෝහල් කාමරයක දුක් විදින තමන්ගේ මව මතක් වෙලා.

බන්දේසියක තබාගෙන කෑම බදුන් ටික රැගෙන එන කෙල්ලව දකිද්දී රකේල් ඒ දිහා බලන් හිටියේ ආසාවෙන්. රතු මල් වැටුණු චීත්ත ගවුමට ඇය කොයිතරම් නම් හැඩ ද කියලා ඔහුට හිතුනා. රූපලාවන්‍යාගාර වලට වියදම් කරමින් නානාප්‍රකාර විදියට ශරීරයට වද දෙමින් කෘතිම ලස්සනක් හදා ගන්න හදන කෙල්ලෝ ඉන්නේ රටේ ඇයට උපතින්ම හිමි ලස්සන වැඩී කියලා ඔහුට හිතුනා.

" චුටි මහත්තයා ... මේ වතුර එකෙන් අත සෝද ගෙන කන්න ... "

කොල්ලා ඔරවලා ම කෙල්ල දිහා බැලුවේ වේනූෂ්ගේ ලග කට බලිය ගෙන හිටිය කෙල්ල ඔහු ලගදී දුරස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා.

" මට අතින් කන්න බෑ ... මට කවනවා ... "

කෙල්ල ඇසුත් ලොකු කරගෙන ඇහුන දේ විශ්වාස කරගන්න බැරිව ඔහු දිහා බලන් හිටියා. 

" ඔහොම බලන් හිටියට මගේ බඩ පිරෙන්නේ නෑ. කවනවා ඉතින් ... "

ඔහුගේ හඩ උස්වෙද්දී පියවී සිහියට ආව කෙල්ල බැලුවේ නිවස දිහා. ඇය අත සෝදගෙන රොටී කෑලී කඩ කඩ කොරලී එක්ක රකේල්ට කැව්වා. ඒ අතර ඇය ඔහුට හිතින් බණින්නත් අමතක කලේ නෑ.

" මූ දැකපු දවසේ ඉදලා මට මාර විදියට අපලයි ... "

" මූ මගේ පරම හතුරෙක් ද කොහේද ... "

" දෙයියනේ ... මේ අහිංසක කෙල්ලගෙන් පන්න පන්න පලි ගන්නේ ... "

හිතින් ඇය ගැනම දුක් වෙන අතරේ රකේල්ට නොපෙනෙන්න විරිත්තමින් තමයි කෙල්ල කොල්ලාට කැව්වේ.

" මට විතරක් කවන්නේ ... තමුසෙත් කනවා ... "

ලග ලගම පෙනෙන ඇය දිහා හොරැහින් බල බල ඔහු හිත ඇතුලෙන් සතුටු වෙද්දි කෙල්ල ඔහුටත් කවලා කටවල් කිහිපයක් ඇයත් කෑවා. කෙල්ලටම පුදුමයි ඔහු ලගදි ඇයට නුහුරක් නොදැනෙන්නේ ඇයි කියන එක. අනික තමන්ට කෙනෙහිලිකම් කරපු ඔහුව මේ තරම් ලගින් තියාගෙන කෑමත් කවන්න තරම් ඔහු අතර තමන්ට ඇති බැදීම කුමක්ද කියලා. ඇයට ඒවා ගැන හිතෙද්දී ඔලුවත් රිදෙන්න ගත්දලා

" චුටි මහත්තයා ... මං තේ එකක් අරන් එන්නන් ... "

කොල්ලාගේ කුස විතරක් නෙමේ ඒ හිතත් පිරිලා. ඇය වේනූෂ් ලග නොසිට තමා ලගම හිටිය එකම ඇති ඔහුගේ හිත හැදෙන්න. ඔහු කැමතිම ගීතයේ කොටසක් ගයමින් සිටිද්දී එතනට ආවේ ප්‍රමේෂ් එක්ක වේනූෂ්.

" ආහ් ... කොල්ලා හෙන චූන් එකේ වගේ ... "

ප්‍රමේෂ් දිහා රවලා බලපු කොල්ලා වේනූෂ් දිහා බැලුවේ නම් මදහසකුත් ඒ මුවේ තවරගෙන.

" මිස්ටර් වෙනූෂ් යන්න ද හදන්නේ ... "

බොරු සුහද කමක් මවාගෙන කොල්ලා එහෙම අහද්දි කොල්ලාගේ තේ එකත් අරගෙන එතනට ආවේ අරුණලී.

" ඔව් මිස්ටර් රකේල් ... "

" අපි ආයෙත් දවසක හම්බ වෙමුකෝ ... "

කට පිච්චුනත් තේ එකෙන් බාගයක් බීපු කොල්ලා ඒක දික් කලේ කෙල්ලට. මේ හැමදෙයක් දිහාම වේනූස් බලාගෙන හොද අවධානයකින්.

" ඔව් අනිවාර්යෙන්ම අපි මුණ ගැහෙමු ... "

කොල්ලා ඇස් වලින් ඉගි කලේ කෙල්ලට තේ එක බොන්න කියලා. ඒකට නම් කෙල්ල ටිකක් අදි මදි කලා. ඇයට ලැජ්ජ හිතුනා වේනූෂ් වගේම ප්‍රමේෂ් ඔවුන් ලග ඉද්දි ඔහු මෙවැනි අණදීමක් ලැබෙද්දී.

" ඕක බොනවා මගේ තරහා අවුස්සන්නේ නැතිව ... "

කෙල්ලගේ කනට කරලා රහසින් මෙන් බොහෝම ආදරණීයව වදන් ගැලපුවේ එහි ඇතී කෝපය ගැන ඇයට විතරක් තේරෙද්දි. කෙල්ල ඔහුට මෙලෙස අවනත වෙන්නේ ඇයි කියලා කෙල්ලටවත් තේරුමක් නෑ.

" මේ යකා කියන කියන පදේට මං නටන්නේ ඇයි ... "

" වෙන එකෙක් එහෙම කිව්ව නම් මං තේ එකෙනුත් ගහලා මෙලහකට ... "

ඒ වත මත උපදින එක එක ඉරියව් වලින් ම ඇය තමන්ට හිතින් බනිනවා කියලා රකේල්ට තේරුනා. ඔහුගේ මුව මත ඇදුණේ දගකාර හිනාවක්. 

" ආරූ ... කෝ උබේ වෙනදා තියෙන ගට්ස් ... "

" මූ හරියට හැසිරෙන්නේ මං උගේ ගෑණී වගේනේ ... "

වේනු අයියා මොනවා හිතනව ද දන්නේ නෑ ... "

" අපරාදේ ලස්සන කොල්ලෙක් ලයින් දාගන්න ආවා විතරයි ... "

ප්‍රමේෂ් බලන් හිටියේ තම මිතුරාගේ වතේ ඉහිරී ඇති කාන්තිය. කලාතුරකින් ඒ මුව මත ඇදෙන ඒ දගකාර හිනාව අදත් ඔහුගේ මුව මත ඇදිලා. ප්‍රමේෂ්ගේ හිතට දැනුණේ සතුටක්. ඒ ඔහු ටික ටික වෙනස් වෙන එකට. එයට හේතුව අරුණලී කියලත් ඔහුට ඇස් වලින්ම පේනවා. ඒ ඇස් ලුහු බදින්න ඇයගේ පසු පස. 

" අරුණලී ... මං එහෙනම් ගිහින් එන්නන් ... "

කෙල්ල රකේල් දුන්නු තේ එකත් බිව්වා හිතින් ඔහුට බැන බැනම. ඒ හැමදේ දිහාම වේනූෂ් ඉවසීමෙන් බලන් හිටියා.

" අනික බය වෙන්න එපා. ඔයාගේ ආරක්ෂාවට මං වග කියනවා. මේ මගේ කාඩ් එක ... "

" ඕනම දේකට මට කෝල් කරන්න ... "

" අම්මත් එක්කම මං එන්නම් දවසක. එයා කැමති වෙයි එයාව බේරගත්ත පුංචි කෙල්ලව දකින්න ... "

නල දත් දෙකත් පෙන්නගෙන සිනාසෙන ඔහු දිහා කෙල්ල බලන් හිටියේ වශී වෙලා වගේ. රකේල්ට දැනුණේ වේනූෂ් ලග ඔහු පරාද වුනා වගේ හැඟීමක්. ඇයගේ ඇස් වල ඇති දීප්තිය ඔහුගේ සතුටින් පිරිලා තිබුණු හිත හොදටම රිද්දලා තිබුණා.

" මාත් සංගීත ටිචර්ව බලන්න එන්නම් සර් ... "

වේනූෂ් කෙල්ලට තරවටු බැල්මක් හෙලුවේ ඇය ඔහුට සර් කියමින් අමතන නිසා. කෙල්ල අහිංසකව සිනාසුනේ ඔහු එපා කියද්දිත් කියවුනු එකට.

" මං නංගි කියනවා එයා සර් කියනවා ... "

" ආයෙමත් කිව්වොත් දානවා කූඩුවට හරිද ... "

කෙල්ල අතින් කට වහගෙන ඔහු දිහා හොරෙන් බල බල හිනාවුනේ ඇයගේ හුරතල් ගතිත් එලියට එද්දී. කෙල්ල කරන මේ පුංචි දේටත් රිදුනේ රකේල්ගේ පපුව. ඔවුන්ගෙන්  ඒ වේදනාව පිරුණු වත ඔහු සගව ගත්තේ දුරකථනයට මුහුණ ඔබා ගනිමින්.

" ඇයි අයියේ ... "

වේනූෂ්ට ඇමතුමක් ආවේ ඔය අතර. ඒ වතේ අදුරක් ඇදිලා යද්දි කෙල්ලගේ පපුවේ ගැස්මත් වැඩි වුනා වගේ. ඇයට මතක් වුනේම සංගීත ටිචර්ව.

" හරි ... හරි ... මං මොකක් හරි කරන්නන් ... "

ඇමතුමේ එහා පස රැදී සිටි කෙනා කියපු දේ අහලා වේනූෂ් අදුරක් අරක් ගත් ඒ වතින්ම කෙල්ල දිහාට හැරුණේ බරැති සුසුමක් ඒ මුවින් පිටවෙද්දි.

" අම්මා ලඟ හිටිය නර්ස්ට උණ හැදිලාලු. ඉතින් ඩොක්ටර් කිව්වලු වෙන කෙනෙක් හොයා ගන්නකන්වත් කවුරු හරි කෙනෙක් නවත්තන්න කියලා ... "

" මට ඉන්න පුලුවන් ඒත් අම්මා කැමති නෑ එයාගේ කැත කුණු මං අතගානවට. ගෙදර ඉද්දිත් අසනීප වුනත් මගෙන් උදව් ගන්න කැමති නෑ. ඒත් දැන් වෙන කෙනෙක් හොයා ගන්න ටයිම් නෑ. ඔන්න ඔහේ බැනපුදෙන් මං ම ඉන්නවා ... "

ඒ මැලවුනු වත එලිය කරගෙන ඔහු දගකාරයකු සේ හැසිරෙද්දි කෙල්ලටත් සතුටුයි.

" අම්මාට කියලා එන්නම් අයියා. මං සංගීත ටිචර් ලග ඉන්නම් ... "

රකේල් රවලා බැලුවේ කෙල්ල දිහා. එහෙම කිව්වාට ඇයටත් ඉබේම බැලුනේ කොල්ලා දිහා. ඔහු රවනවා දකිද්දි ඇය බිම බලාගත්තේ ඔහුගේ දෝෂාරෝපණ වලට හසුවෙන්න බයේ.

" මමත් රෑට කොහොමත් අම්මා ලග ඉන්නවා නංගා ... "

"ඔයාට පුලුවන් නම් ලොකු දෙයක් නංගා අම්මා මං කරනවාට අකැමැති දේවල් ටිකටවත් ඔයාට කියලා කරව ගනීනේ ... "

වේනූෂ්ගේ හිතේ තිබුණු බර නිදහස් වුනේ එහෙමයි. ඒත් කෙල්ල නිවස දෙසට යන්න අඩිය තිබ්බ කෙල්ල ආපස්සට හැරුණේ රකේල් සිටින දෙසින් ඇහුණු ශබ්දයට.

                   ¤¤¤¤¤¤¤¤¤¤¤¤

නැවත හමුවෙමු ... 

#නීල_නයනී

#4_කොටස

💜#නීල_නයනී

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10