නීල නයනී 5

 


 

නීල_නයනී 


5_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


කෙල්ල යන ගමන වලක්වන සිහියෙන් හිටිය රකේල් කලබලයෙන් ඉදගෙන හිටපු බංකුවෙන් නැගිටිද්දි හිස වැදුණේ පහත තිබු අඹ අත්තක එල්ලලා තිබුණු මල් වැලක් තිබුණු පෝච්චියක. කොල්ලාට තරු පෙනුනා ඒ ඝනකම් පෝච්චියේ හිස වැදෙද්දි. ඔහු හිසේ වැදුණු තැන තද කරගෙනම වේදනාවෙන් වාඩි වුනේ නැවතත් බංකුවෙන්මයි.


" චුටි මහත්තයා ... කෝ බලන්න ඔලුව ... "

ප්‍රමේෂ් වගේම වේනූෂත් රකේල් දිහා බලන් හිටියේ වෙච්ච දේ හිතාගන්න බැරිව. කෙල්ල මල් පොච්චිය හෙලවුනු විදියෙන්ම තේරුනා උසට උසේ ඉන්න කොල්ලාගේ ඔලුවේ ඒක වදින්න ඇති කියලා. ඔහුගේ වේදනාවෙන් පිරුණු මුව දකිද්දි කෙල්ලට අහක බලන්න හිතුනේ නෑ. ඒ නිසාම ඇය ලං වෙලා ඔහු දෙසට නැඹුරු වුනේ තුවාල වේලාවත් ද කියලා හිතමින්.


" ඉන්න බෑ ඕයී ... "


" මොනවා හරි ගානවා ... "


කෙල්ලට දුක හිතුනා වැදිච්ච තැන සිරීලා වගේම ඉදිමිලා තියෙනවා දකිද්දි. ඇයටත් ලග හිටිය අනිත් අය ගැන මතකයක් තිබුණේ නෑ. ඇය කලබලයෙන් ගෙට ගොඩ වෙද්දි කෑම මේසයේ ඉදලා එලියට ආවේ දර්ශනී එක්ක ප්‍රියංකා.


" මොකද සුදු හාමිනේ කලබලෙන් වගේ ගේ ඇතුලට දුවන් ආවේ ... "


දර්ශනීටත් කලින් ප්‍රියංකා එහෙම ඇහුවේ රකේල් පොරිසාදයගේ හැටි දන්න නිසාමයි.


" ලොකු නෝනා ... මේ ... මේ ... චුටි මහත්තයා බංකුව ලග එල්ලා තියෙන මල් පෝච්චියේ ඔලුව වද්දගෙන. චුට්ටක් සීරිලා ගෙඩි ගැහිලා. ඉතින් මේ බාම් එකක් අරන් යන්න ආවේ ඔලුවේ ගාන්න ... "


ප්‍රියංකා කලබල වුනා එහෙම කියද්දි. දරුවන්ට පුංචි සිරීමක්වත් වුනොත් අම්මා කෙනෙක් දරුවාටත් වඩා රිදෙනවා. ඒ සෙනෙහස තමයි ප්‍රියංකාවත් මෙහෙය වුයේ. දර්ශනීටත් කුඩා කල තම පපුවට තුරුලුව මව් කිරි බිව් දරුවා ගැන සිහියෙන් ම කෙල්ල කතා කරද්දීම කලබලයෙන් ම ප්‍රියංකා පසු පස වැටුනා.


" යකෝ ... කොහොම ද ඒක ... "


" අම්මාටත් මට වඩා අර අලියාව ලොකු වුනා එහෙනම් ... "


" හරියට පොඩි එකෙක් තුවාල වෙලා වගේනේ මෙයාලා හැසිරෙන්නේ. මල විකාර ... "


කෙල්ලට කොල්ලා ගැන හිතට දැනුණු අනුකම්පාවත් නැති වුනා දර්ශනීට ඇයවත් අමතක වුනු තරහා ට. 


" ඔය වේලාවට තමයි මටත් ඔලුව පැලෙන්නම අර හිකනලාට ගහන්න හිතෙන්නේ ... "


" බාම් එක ගිහින් දෙනවා ... ඕන එකෙක් ඉන්නවා නම් අලි බබාට උලන එකක් නැතැ ... "


ආරූ බාම් එකත් අරගෙන කොල්ලා ඉන්න තැනට ආවේ තවත් හිතින් බනිමින්.


" හරියට ඔලුව අත ගාන්නේ ඔලුව පැලුනා වගේ දුකින් ... "


" පොඩි එකෙක් දැක්ක නම් කොහෙන් හිනාවෙයි ද මන්දා ... "


" අපේ අර චුට්ටෙත් ඔලුව පලාගෙන පැණි බේරී බේරීත් හිනා වුනු හැටි මතක් වෙද්දි මේ අලි බාබාගේ අලි හුරතල් ... "


කෙල්ල ඔවුන් ලගට ගිහිනුත් කල්පනා කර කර හිටියේ රකේල්ගේ කෝලම් ගැන. කොල්ලත් ඉතින් කෙල්ලගේ අතින් බාම් ටිකක් ගාගන්න තියෙන ලෝභකමට ම වැඩිපුරත් එක්ක අමාරුකම් පෙන්නුවා.


" කෝ ... දෙන්න සුදු හාමිනේ ... "


ප්‍රියංකා කෙල්ල අතේ තිබ්බ බාම් එක අරගෙන ගාද්දී කොල්ලාගේ මූණ බලන්න කැතයි. ඒ පෙම්පාටින් පිරිලා තිබුණු වත ම දැන් අදුරු වෙලා. 


" හුගාක් රිදෙනව ද පුතා ... "


" ඩොක්ටර් කෙනෙක් ලගට යමු ද ... "


කොල්ලා මුකුත් නොකියා කෙල්ල දිහා බැලුවේ රවාගෙනමයි. 


" තනියම අහුවෙයන්කෝ මට සුදු හාමිනේ ... "


" බාම් එක අතේ තියාගෙන හිටියේ මට බාම් එක ගාන්න වෙයි කියලා බයට වෙන්න ඇති ... "


හැමෝටම හොරෙන් දෙන්නම ඇස් වලින් කතාවක. කොල්ලා ඇයට රවනවා. කෙල්ල ඊට දෙවෙනි නොවී ඔහුට ඔරවලා අහක බලා ගන්නවා.


" ඔව් ... ඉතින් මං පොලිස් කාරයා තරම් ලස්සනට හිනාවෙන්න දන්නේ නෑනේ ... "


" පේන්නේ නැද්ද යක්ෂණියක් වගේ මට ඔරව ඔරව ඉන්න හැටි විතරක් ... "


" අරූට නම් දත් වහල්ල එලියට පනින සයිස් එකෙන් හිනාව ... "


"ඔය වේලාවට තමයි පොලිස්කාරයාව මරාගෙන මැරෙන්න හිතෙන්නේ ... "


රකේල්ට නම් දැන් කෙල්ලට කන පැලෙන්න ගහන්න හිතිලා තියෙන්නේ. ඇය ලෑස්ති වෙන්නේ වේනූෂ් එක්ක හොස්පිට්ල් එකට යන්න. දර්ශනීගෙනුත් අවසර ගන්නවා කොල්ලා බලාගෙන. කෙල්ල නෙමේ කොල්ලා දිහා නිකමටවත් හැරිලා බැලුවේ. 


" අම්මේ මං නංගිව පරිස්සමින් එක්කන් ගිහින් එක්ක එන්නන් ... "


" අම්මාගේ තනියට ලග ගෙදර නැන්දා එනවා කියලා කියපු නිසයි මං නංගිව එක්ක යන්නේ ... "


දර්ශනීගේ අත් දෙකින්ම අල්ලගෙන තමයි වේනූෂ් මෙහෙම කියන්නේ.


" අනේ ... මොනවද පුතා මේ කතා කරන්නේ ... "


" මේ වේලාවට නැති උදව් මොකටද ... "


" පුතාලා පරිස්සමින් ගිහින් එන්න ... බුදුසරණයි ... "


වේනූෂ් දණ නමා දර්ශනීටත් ප්‍රියංකාටත් වැන්දා. ප්‍රියංකාත් මහා ලෝබකමකින් වේනූෂ්ගේ හිස පිරිමැදලා ඒ අතකින් අල්ල ගත්තා.


" අපි හෙට එන්නම්කෝ අම්මාව බලන්න ... "


" ඕන දෙයක් තියෙනවා නම් මගේ මේ කාඩ් එකේ නම්බර් එකට කතා කරන්න පුතා ... "


" අපේ සුදු හාමිනේ ඇල්ලුවත් ඇති අම්මාව ඉක්මණට සනීප වෙයි හොද ද ... "


ප්‍රියංකා එහෙම කියද්දි කෙල්ලට ලැජ්ජත් හිතුනා. මොකද ඇයට හිතෙන්නේම ඕවා නුහුරටනේ.


" මට අත්භූත බලයක් තියෙනවා කියලා හිතුව ද දන්නේ නෑ අත තියපු ගමන් හොද වෙන්න ... "


" අර හිකනලා නෝන්ඩියට හිනාවෙන කැත ... "


" මේ ලොකු මැණිකෙත් පුතාට කියලා මාව නෝන්ඩි කරන්නමයි හදන්නේ ... "


කෙල්ල හොරෙන් රකේල් දිහා බලද්දි දැක්කා ප්‍රියංකා ඇය ගැන වර්ණනා කරද්දි  රකේල්ගේ කටකොනකට සමච්චලේට වගේ හිනාවක් නැගෙනවා. ඇය හිතට දැණුනු ලැජ්ජාවත් තරහාත් හිතේ තියාගෙනම දර්ශනීටත් ප්‍රියංකාටත් වැදලා රකේල් දිහා නොබලාම වේනූෂ් එක්ක ඔහුගේ වාහනය වෙත ගියේ.


" ෂිට් ... "


කොල්ලා අත මිට මොලවගෙන තමන්ගේ කාර් එකේ බදට පහරක් ගසමින් ඇය සමග තිබුණු කේන්තිය එලෙස පිට කරලා දැම්මා.


" රකී ... තොට පිස්සු ද ... "


" කෝ බලන්න අත පෙන්නපන් ... "


ප්‍රමේෂ් කොල්ලා දිහා අවධානයෙන් බලන්න හිටිය නිසාම කොල්ලාගේ මුහුණේ වෙනස් වන ඉරියව් වලින් ඔහුගේ හිතේ ඇය ගැන හැඟීමක් තියෙනවා කියන එක තේරුම් ගත්තා. ප්‍රමේෂ්ට තරහා ගියේ තම මිතුරාගේ කුකුල් කේන්තියට. කාර් එකේ බදට වැදුණු අත ලේ පුරලා නිල් පැහැයට හැරිලා.


" රකී ... මොකක්ද උබට හැදිලා තියෙන අලුත් පිස්සුව ... "


" මෙතන අත කඩා ගන්න තරම් දෙයක් නම් වුනේ නෑ මං දැනුවත් ව ... "


" මං හිතන්නේ උබ සතුටු වෙන්න ඕන අර අහිංසක කෙල්ල ගියාට ... "


රකේල් දත් මිටි කෑවේ අතේ වේදනාව වගේ ම හිතට දැනෙන වේදනාවත් වැඩි නිසා.


" මං කැමති නෑ යකෝ ... ඒකී ... ඒකී ... අරූ එක්ක ගියාට ... "


" මරන# අර #$@$# මං ... "


ප්‍රමේෂ්ට හිතාගන්න බෑ ඔහු ඇය ගැන හැඟීමකින් ඉන්නවද කියන එකත්. මොකද දුප්පත් අයත් එක්ක රකේල් හුගාක් දුරස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ. වලව් උෂ්ණය ඔහුටත් බෝවෙලා තිබුණ නිසා.


" උබ මොකටද ඌව මරන්නේ ... "


" උගෙන් ඔබට වරදක් වුනෙත් නෑනේ ... "


රකේල් ප්‍රමේෂ් දිහා රවලා බැලුවේ හිතට දැනෙන කෝපයට ඇසුත් රතු කරගෙන.


" යනවා නම් වරෙන් අම්මා එක්ක ... "


දර්ශනීටවත් නොකිය කොල්ලා කාර් එකට ගොඩ වුනේ නොසන්සුන් වු මනසින්මයි.


" ආන්ටි ... දැන් යමු ද ... "


" අන්න අරූට ඔලුව රිදෙනවා කියලා නිදා ගන්න ඕන ලු ටිකක් ... "


ප්‍රියංකා ප්‍රමේෂ් දිහා බැලුවේ ඇසුත් හීන් කරලා කුතුහලයකින්. මොකද කොල්ලෙක්ව ඔය වගේ සුලු අනතුරකින් රිද්දන්න බැරි බව ඇය දන්නවා. පොඩි දරුවෙක්ගේ වගේ ඔහුගේ හැසීරීම් දකිද්දි ඇයට මතක් වෙන්නේ ඔහුගේ පුංචි කාලය. ඇයවත් ඔහුවත් අත ඇරුණු ඒ වේදනාවෙන් පිරුණු අතීතය.


" පුංචි කාලෙත් ඔය වගේමනේ ලොකු නෝනේ ... "


" පොඩ්ඩක් ඇත්නම් අඩනවා ... "


ප්‍රියංකාට වගේම දර්ශනීටත් මතක් වුනේ ඔවුන්ගේ අතීත සිදුවීම්මයි.


" අපි ගිහින් එන්නම් දර්ශී ... "


" අද කොහොමත් සුදු පුතා යන එකක් නෑ අම්මා බලන්න ... "


" සුදු හාමිනෙත් නැති නිසා කවුරු හරි ගෙන්න ගන්න රෑට ... "


දර්ශනීට ප්‍රියංකාගේ නිහතමානී ගති ගුණ ගැන කවදාත් වගේ අදත් පැහැදුනා. ඇය ප්‍රියංකා දිහා බැලුවේ අහිංසකව හිනා වෙලා.


" ආන්ටි ... අපි ආයෙමත් එනවා ඔයාට වද දෙන්න හොදේ ... "


දර්ශනීට වදින ගමන් එහෙම කිව්ව ප්‍රමේෂ් සිනාමුසු මුහුණින් ම ඇය දිහා බැලුවා.


" අනේ ... ඕන වේලාවක එන්න චුටි මහත්තයෝ ... "


රකේල් වාහනයේ සිට කන්දෙක බිහිරි කරවන තරමට නලාව හඩවන සද්දේට නොරිස්සමින්ම ප්‍රියංකා බැලුවේ රකේල් සිටි කාර් එක දිහා. 


" අරයාට මොකක් හරි සමයමක් වෙලා කියලා මට මේ ටිකට තේරුනා ... "


" වලව්ට යමුකෝ ... "


" මං එයා ගැන බලා ගන්නන් ... "


ප්‍රියංකා උදේම ඔහු හැසුරුණු විදියත් එක්ක තරහෙන් තමයි හිටියේ. ඇයගේ තීරණය වුනේ ඔහු කරන දේවල් වලට නැවත නිහඩව නොවී සිටීමයි.


අරුණලීට නිතරම මතක් වුනේ රකේල්ගේ සමච්චලයෙන් හිනා වුනු වතමයි. ඇය නිහඩව ඉදිරිය බලාගෙන රකේල්ගේ ලොවෙහි තනිවෙද්දි වේනූෂ්ගේ ඇස් වලට නම් නිවනක් තිබුණේ ම නෑ. ඔහු ලැබෙන පුංචි ඉඩකදිත් ඒ ඇස් අරගෙන ගියේ ඇයගේ සුන්දර වත මතටමයි.


" නංගී ... මොනවා ද ඔය තරම් කල්පනා කරන්නේ ... "


ඇයගේ නිහඬතාව තවත් ඉවසන්න බැරි වෙද්දි ඔහු හඩ අවදි කලේ මදහසක් ඒ කඩවසම් වත මත ඇදගෙනමයි.


" නෑ ... නෑ ... මේ ... අයියේ ... "


රකේල්ගේ සිහියෙන් සිටි ඇය ගැස්සුණේ වේනූෂ්ගේ හඩින්. ඉතින් ඇය වරදක් කල අයෙකු සේ ඒ ඇස් ඔහුගෙන් සඟවගෙන කතා කලේ වචනත් ඒ මුවට නැති වෙද්දි.


" මොකද ළමයෝ මේ ... "


" බර කල්පනාවක හිටිය නිසා මම කතා නොකලේ ... "


කෙල්ලට ලැජ්ජත් හිතුනා ඔහු තමන් ගැන මොනවා හිතුවද දන්නේ නෑ කියලා හිතෙද්දි.


" ඒත් ඉතින් මට පාලු නිසා ටිකක් කතා කරන්න හිතුනේ ... "


" මං කරදර කලා ද මන්දා ඔයාගේ බර කල්පනාව නැති කරලා ... "


තවත් නිහඩව ඉන්න එක හොද නෑ කියලා ඇයට හිතුනා. ඇය ආසම විදියට ඔහුගේ නල දත් පෙනෙන විදියට ඔහුගේ මුව පුරා ඒ හිනාව ඇදිලා.


" මං කල්පනා කලේ එදා ඔයාලාගේ ගෙදර වෙච්ච දේ ... "


" මේ ... මේ ... නිලානි නැන්දට කොහොම ද ... "


ඔහුගේ තියුණු දෙනෙතින් තම දෑස් සගවගෙන කෙල්ල බොරුවකුත් නොවන ඇත්ත කතාවක් කිව්වා. ඇය සාර්ථකයි. ඒ මුවේ තිබුණු සිනහාව වියැකිලා ගියේ ඇයගේ හිතටත් ඔහු ගැන දුකක් දැනෙද්දි. ඔහුගේ මුවින් පිටවුණු බරැති සුසුම වැදුණේ ඇයගේ පපුවට. ඇයට හිතුනේම තමන්ගේ මුවින් පිටවුනේ ඔහුව රිදවන කතාවක් කියලා. ඇය පසුතැවුනා හුගාක් තමන්ගේ අතින් වුනු ඒ වැරැද්දට.


" මං යද්දි අම්මා වැටිලා හිටියේ රෝද පුටුවෙනුත් බිමට ... "


" ලේ ගලාගෙන යනවා ඒ වෙනකොටත් හොදටම ... "


" මං ... මං ... අසිහියෙන් වගේ අම්මාවත් අරගෙන ගෙයින් එලියට පැන්නේ කොහොමද කියලවත් මට මතක නෑ ... "


කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා ඇයගේ ආදරණීය සංගීත මැඩම් විදපු වේදනාව ඇහෙද්දි.


" මගේ ටීම් එකේ උදව්වෙන් මං අම්මාවත් අරගෙන හොස්පිට්ල් එකට ආවා ... "


" ඒ වෙනකොටත් මුලු ගෙදරම වටලලා තිබුණේ අපි ... "


" එකෙක්ටවත් පැනලා යන්න දුන්නේ නෑ ... "


" මාත් එක්ක තියෙන තරහාට එහෙම කලේ කියලා මං දන්නවා ... "


වේනූෂ්ගේ වතම අදුරු වෙලා. කෙල්ල බලන් හිටියේ ඉදිරිය බලාගෙන බිදුණු හඩකින් කියවන ඒ කඩවසම් රුව දිහා. ඒ අතරත් ඇයගේ මනස තුල ඇදිලා මැකිලා ගියේ රකේගේ ඒ නපුරු කඩවසම් රුවමයි.


" නිලානි අම්මාගේ අත් කකුල් කට බැදලා ගබඩා කාමරේට දාලා හිටියේ ... "


" එයාට ප්රශ්නයක් නෑ ... "


" ඒත් එයත් ශොක් වෙලා නිසා හොස්පිට්ල් ඇඩමිට් කරන්න වුනා ... "


කෙල්ලගේ හිතට පුංචිම සතුටක් දැනුණා ඇය නිසාම ජිවිත දෙකක් රැකුණු එකට.


" එදා ඔයා නොහිටින්න ... අද ... මට ... අම්මා කෙනෙක් නැති වෙන්න තිබුනා ... "


" මං ඔයාට ණයගැතියි නංගී ... "


ඔහු ඉන්නේ හුගාක් සංවේදී වෙලා. ඒ ඇස් වල කදුලු පිරිලා. ඒත් ඔහු ඒ කදුලු ඒ දෑස් තුලම සිර කරගත්තා. කෙල්ලගේ හිතටත් ඔහුගේ හිතේ තියෙන වේදනාව කාන්දු වෙලා. ඇයත් අතැගිලි පටලවමින් හැඩුම් එන ඒ නෙත් සලමින් එකම සටනක.


" වෙච්ච දේ වෙලා ඉවරයි අයියේ ... "


" ඉදිරියටවත් මැඩම්ට මේ වගේ අනතුරු නොවෙන්න වැඩ කරන්න ... "


කෙල්ල වේනුෂ්ගේ හිත හැදෙන්න එහෙම කිව්වත් වේනූෂ්ගේ හිතේ දැන් තියෙන්නේ පුදුම බරක්. ඔහුට බයයි තවම මවගේ ජිවිතය ගැන. ඒත් ඔහු හැඟීම් වලට වහල් නොවී නැවතත් ගාම්භීර පොලිස් නිලධාරියාගේ භූමිකාවට අවතීර්ණ වුනා.


" මං මේ ජොබ් එකට බැදුණේ බයේ පැනලා දුවන්න නෙමේ නංගි ... "


" මගේ වගකීම මගේ පවුල වගේම රටේ අසරණ වෙන හැම පවුලක් වෙනුවෙන් ම පෙනී සිටින එක ... "


" මං පරාජය බාර ගන්න ලෑස්ති වෙලා මේකට ආවේ නෑ ... "


" බොහෝම ඉක්මණට මං මේ ප්රශ්න ටික විසදනවා ... "


" ඊට පස්සේ ගෙදර අයගේ කැමැත්ත ගැනත් හිතනවා ... "


ඒ ටික නම් කිව්වේ මදහසක් ඒ මුව මත ඇදගෙන දගකාර චරිතයකට පණ පොවමින්මයි. ආරූටත් සතුටක් දැනුණේ ඔහු නැවතත් පෙර සිටි තත්වයට ඇවිත් නිසා.


කතාවෙන් කතාවෙන් ඔවුන් ඇවිත් තිබුණේ වේනූෂ්ගේ මව ඇතුලත් කරලා තිබුණු පෞද්ගලික රෝහලට. ඇයත් සමග ඔහු ඇතුල් වුනේ ආරක්ෂාව යටතේ තවමත් සිහියත් අසිහියත් අතර තම මවගේ රෝහල් කාමරයට.


කෙල්ලගේ ඇස් විසල් වුනේ බට ගොඩක ආධාරයෙන් හුස්ම ගන්න සංගීත ටීචර් ව දැකලා. ඇය හිතුවෙම නෑ ඇයට මේ තරම් අසාධ්‍යයි කියලා. ඇයගේ බිය රැදි දෙනෙත් දිහා මොහොතක් බලන් හිටිය වේනූෂ් ඇයට ලං වුනේ කෙල්ලව බයට ම වේවුලනවා කියලත් දකිද්දි. 


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10