නීල නයනී 6


 

නීල_නයනී 


6_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


සංගීත මැඩම්ගේ වේදනාවෙන් පිරුණු ඒ සුදුමැලි වත දකිද්දි කෙල්ල තවත් බය වුනා. ඇයට මොහොතින් මොහොත බියකරු හීනයක් වගේ ඒ ඇස් අස්සේ එදා ඇය පසු පස පැන්නූ රකුසු වෙස් ගත් දාමරිකයාව සිහි වුනා. ඇය බිය රැදි නෙතින් ම වටපිට බැලුවේ ඇයගේ හිතට යම් අනාරක්ෂිත බවකුත් දැනෙද්දි.


" මං දැනගෙන හිටියා නංගි බය වෙනවා කියලා ... "


" බය වෙන්නෙපා පැටියෝ ... "


" අම්මාව වගේම මං ඔයාවත් බලා ගන්නවා ... "


ඇයගේ නොසන්සුන් ඉරියව් වලින් ම ඇය සිතන දේ ගැන පවා ඔහුට වැටහීමක් තිබුණා. රැකියාවෙන් ඔහු ලද අත්දැකීම් බොහෝමයි. කාර්යශුර වගේම අවංක පොලිස් නිලධාරියෙක් වු වේනූෂ්ට ඔහුගේ රැකියාව තුල ඉමහත් පිලිගැනීමක් තිබුණා. ඉහල තනතුරු වල සිටින පොලිස් නිලධාරීන් පවා ඔහු සමග සමීපව ඇසුරු කරන්නට ඔහුගේ දක්ෂතාවන් ඉවහල් වුනා.


ඇයව අස්වසමින් ඒ පපුවට තුරුල් කරගත්ත වේනූෂ් ඇයගේ හිස පිරිමදිමින් මොහොතක් ඔහුගේ හිත කියන කතාවත් එක්ක දොඩමලු වුනා. කෙල්ලගේ උණුසුම් සුසුම් වල පහස හැද සිටි ෂර්ටයට තුලින් ගතට කාන්දු වෙද්දි කොල්ලා හිටියේ කවදාවත් නොදැනුණු ඒ හැඟිම් ලග අතරමං වෙලා.


" මේ කෙල්ල ලගදි මං මේ තරම් ඕපන් වෙන්නේ ඇයි ... "


" මගේ පපුවේ ඉඩක් දෙන්න හිටියේ කවදාහරි මගේ ගැණීට විතරනේ දෙයියනේ ... "


කෙල්ල තවම හූල්ලනවා. ඇයටත් දැනෙන්නේ ඔහු ලග පුදුම ආරක්ෂාවක්. ඉතින් ඇයමිදෙඕන වුනේ නෑ ඔහුගේ තුරුලෙන් මිදෙන්නේ.


" අත අරින්න බැරි තරම් මගේ හිත මේ බටු ඇටේ ට ලෝබ වෙලා කියලා දැනෙනවා ... "


" ඒත් ... ඒත් ... රකේල් කියන්නේ කෙල්ලගේ කව්ද ... "


ඔවුන්ගේ සිතුවිලි වලට බාධා කරමින් වෛද්‍යවරයෙක් සමග හෙදියක් රෝහල් කාමරයට පැමිණියේ ඒ මොහොතෙයි. 


" සොරි ... මිස්ටර් වේනූෂ් ... "


" අපි ආවේ අම්මාව ටිකක් බලන්න ... "


කොල්ලයි කෙල්ලයි ඈත් වුනේ වෛද්‍යවරයාගේ හඩට තිගැස්සමින්. හෙදියගෙත් වෛද්‍යවරයාගෙත් මුවේ ඇදී ඇති දගකාර සිනහව ඇයවත් ඔහුවත් ලැජ්ජාවෙන් රතු කලා. වේනූෂ් කොන්ඩෙත් හද හද වෛද්‍යවරයා සමග හිනාවුනේ ඇයගේ උරහිස වටා අත යවමින්මයි. ඔවුන් සිතන දේ තහවුරු වන විදියටයි ඔහු හැසිරුණේ. කෙල්ල නම් හිටියේ වේනූෂ්ගේ මේ හැසිරීම් ලග පුදුම වෙලා.


" ඇස් දෙකේ ජිල් බෝලේ එලියට පනී බං ... "


" මෙහෙම කලේ ඇයි කියලා පස්සේ කියන්නම් ... "


බොහෝම ආදරණීය පෙම් යුවලගේ භූමිකාව බොහෝම අපූරුවට වේනූෂ්ගේ අනුබලයත් එක්ක කෙල්ලත් අපහසුවෙන් වුනත් තාත්විකව රගපෑවා.


" කොහොමද ඩොක්ටර් අම්මාගේ දැන් සිටුවේෂන් එක ... "


වේනූෂ්ගේ මව වන සංගීතා වීරසුරියව පරීක්ෂා කල වෛද්‍යවරයා සටහනක් තබා  වේනූෂ් දිහා බැලුවේ බැරෑරුම්  පෙනුමකින්මයි.


" මිස්ටර් වෙනූෂ් ... මිසිස් වීරසුරිය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑනේ ... "


" සිහිය ආවට එයාට කල්පනාවේ මදිකමක් තියෙන වගේ පේන්නේ ... "


" බලමු ... හෙට වෙද්දිවත් හැසිරීමේ ප්‍රගතියක් ලැබෙයි ද කියලා ... "


වේනූෂ්ගේ වත මත ඇති වේදනාවේ සලකුණුත් එක්ක කෙල්ලගේ හිතත් ඔහු වෙනුවෙන් වද වෙන්න ගත්තා. ඒ නිසාමයි ඉබේම ඇයගේ අතක් ඒ අතක සිරවෙන්නේ.


" අම්මාට මතකයට බලපෑමක් වෙනවා කියලද ඩොක්ටර් කියන්නේ ... "


වේනූෂ් හිටියේ දියවෙලා වැගිරෙන්න හදන හැඟීම් ඔවුන් ඉදිරියේ ආයාසයෙන් දරා ගෙන. සංගීතා කියන්නේ ඔහුගේ හුස්ම ටික. 


" අපිට එහෙම් ම කියන්න බෑ මිස්ටර් වේනූෂ් ... අපි තව ටිකක් බලමු ... "


" තව රිපෝට් වගයක් එන්න තියෙනවා. ඒවාත් බලලා තීරණය කරමු අපි ඊලගට කරන්න ඕන දේ ... "


" ජිවිත අවධානමෙන් මිදිලා ඉන්න එකම වටිනවනේ මිස්ටර් වේනූෂ් ... "


" ඒ නිසා අපි හොදින් හැමදේම වෙයි කියලා හිතමු ... "


වෛද්‍යවරයා එතනින් පිටව යන්නට මත්තෙන් ඔහුගේ උරහිසට තට්ටු කරමින් අස්වසන්න උත්සාහ කලේ ඔහුගේ වේදනාවෙන් පිරුණු හිතට අනුකම්පා කරමින්.


වෛද්‍යවරයාත් හෙදියත් පිටව ගියත් වේනූෂ් හිටියේ ඒ හිත හුගාක් රිද්දගෙන. කෙල්ලගේ අත ඒ විසල් අතැගිලි අතරට සිරවෙන බවවත් කොල්ලාට තේරුනේ නෑ. ඇය අතැගිලි වලින් දැනෙන වේදනාවත් ඉවසගෙන හිටියේ ඔහු තවත් පසුතැවෙයි කියන බයත් එක්ක.


" අයියේ ... ඔයා ටිකක් රෙස්ට් කරන්න ... "


" මං සංගීත ටිචර් ලග ඉන්නම් ... "


ඇයගේ ඇස් වලට උණපු කදුලු ගවුම් කරෙන් පිසදා ගත්ත කෙල්ල සිනාමුසු වතින්ම අසිහියෙන් සිටි ඔහුව තිගැස්මක් එක්ක පියවි සිහියට ගෙනාවා.


" ආහ් ... මොකක්ද කිව්වේ නංගා ... "


අපහසුවෙන් මුව ඈත් කර සිනාසී හිතට දැනුණු තිගැස්ම ඇයගෙන් සගවගෙන ඔහු එහෙම අහද්දි කෙල්ල ඔහුට ඇස් වලින් පෙන්නුවේ කාමරයේ තිබුණු කුඩා ප්‍රමාණයේ ඇද යි.


" අයියාට ටිකක් රෙස්ට් කරන්න කිව්වේ ... "


" මං ඉන්නන් ටිචර් ලග ... "


වේනූෂ් ඒ මලානික ඇස් ගෙන ගියේ සංගීතා දිහාට. සුව නින්දක පසුවෙමින් සිටින ඇය අවදි වු පසු විදින වේදනාව මතක් වෙද්දි ඔහුගේ නොසැලකිල්ල ගැන ඔහුටම තරහක් දැනුණේ. අද ඇය විදවන්නේ තමන් නිසා නේද කියන පසුතැවීම ඔහුගේ හිතට හැම වේලේම වද දුන්නා.


" සොරි නංගා ... හොදටම මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ ... "


" අම්මා මෙහෙම ඉන්නවා බලන්න තරම් මං පව්කාර වුනා නංගා ... "


කෙල්ලට ඔහුගේ විදවීම දිහා තවත් බලන් ඉන්න අපහසු වුනා. ඇය තවත් ඔහුට ලං වෙලා ඒ අතින් අල්ලගත්තේ ඒ හිතට ශක්තියක් වෙන්න හිතාගෙන.


" මං දන්නවා අම්මා කෙනෙක් ලෙඩ වුනාම දරුවන්ට දරාගන්න අමාරුයි කියලා අයියා ... "


" ඒත් ... ඔයා ඔහොම දුක් විදිනවා කියලා අම්මා දැක්කොත් එයාගේ ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි වෙයි ... "


" ඒ නිසා ඔහොම ඉන්න එපා අයියේ ... "


වේනූෂ්ට ඇය ගැන දැනෙන්නේ තමන්ගේ කියන හැඟීමක්. ඉතින් ඇයව වැලද ගෙන මොහොතකට ඇස් පියා ගත්තේ වේදනාව පරයා දැනෙන හිතේ සැනසීම විදින්න. මේ තරම් කාලයකට මවගෙන් ලැබුණු සැනසීම අද ඇයගෙන් ලැබෙද්දි ඔහු අතරමං වෙලා හිටියේ ඒ හැඟීමත් එක්ක.


" ඔයා හරියට මගේ අම්මා වගේ ... "


" අම්මා ලගදි මං දැනුණු ඒ සැනසීම ඔයා ලගදිත් දැනෙනවා නංගි ... "


" මට ම පුදුමයි ... මං කෙල්ලෝ ආශ්‍රය කලේ අතේ දුරින් ... "


" ඒත් ... ඔයාව මට හුගාක් පුරුදුයි වගේ දැනෙනවා නංගා ... "


" සමහරවිට ඔයා අනිත් කෙල්ලෝ වගේ සංකර නැති නිසා වෙන්නත් ඇති ... "


ඇයව තම තුරුලෙන් ඈත් කරමින් වේනූෂ් ඇය කැමතිම විදියට හිනා වෙලා එහෙම කියද්දී කෙල්ල ඔලුව උස්සලා ඔහු දිහා බලන් හිටියේ වශී වෙලා වගේ. ඒ තරමට ම ඒ සිනහව කෙල්ලන්ව වශී කරන සුලුයි.


" දෙයියනේ ... මට මොනවාද මේ වෙන්නේ ... "


" මාව තුරුල් කරගෙන ඉන්නකන් ඔහේ හිටියා නේද බොල ... "


ඔහුගේ තුරුලෙන් මෑත් වෙද්දි ඇයට කල්පනා වුනේ ඒක.


" මේකාගේ හිනාවේ ලස්සන ... ගිලින්න හිතෙනවා ... "


" මේකා දන්නේ නෑනේ මගේ සංකරකම ... "


කෙල්ලගේ මුව මත යාන්තමට හිනාවක් ඇදිලා තියෙන හැටි දිහා කොල්ලා බලන් හිටියේ ආසාවෙන්. ඇයගේ නිල්වන් නෙතු වල ඇති කාන්තිය ඒ සිහින් දෙතොල් මත පිපුණු සිනහව ඔහුවත් වශී කරලා තිබුනා.


රකේල් හිටියේ ඇදන් හිටිය ඇදුම් පිටින් ම ඇදේ වැතිරිලා. දෑස් වසා ගෙන සිටින විටදි ඔහුට මතක් වෙන්නේම ඇය තම දෝතට මැදි වෙලා ලග ලගම දැකපු හැටි.


" ෂිට් ... මේ කෙල්ල මට ඇස් වහගෙනවත් ඉන්න දෙන්නේ නෑනේ ... "


" ඒකී ... ඒකී ... අරූ එක්ක ගියේ මගේ සැනසීමත් උදුරගෙන ... "


" ලේසීයෙන් මං උබව අත අරින්නේ නෑ කෙල්ලේ ... "


ඔහුගේ දාහය නිවමින් සිවිලිමේ කැරෙන විදුලි පංකාව දෙස බලාගෙන කටකොනක නැගුණු සමච්චල් සිනහවත් එක්කම කොල්ලා තමන්ටම එහෙම කියාගත්තේ ඇයව කෙසේ හෝ වේනූෂ්ගෙන් ඈත් කරන්නටත් හිත ඇතුලේ සැලසුම් අදිමින්.


" ආ ... ගොබිලෝ ... "


" අද නටපු නාඩගම් ටිකට ආන්ටිගෙන් කන පුරවලා යන බැනුම් ටිකක් අහන්න රෙඩි වෙලා හිටපන් ... "


කොල්ලා රවලා බැලුවේ ඔහුගේ නිදහසට බාධා කරපු ප්‍රමේෂ් දිහා.


" මට රවපන් ... උබට පුලුවන් එච්චරනේ ... "


" හැම රෙද්දම හිතේ තියාගෙන පුපුර පුපුර ඉන්නවා ... "


" දවසක උබ මැරෙන්නේ තියෙන නපුරුකමට නහරයක් පුපුරලාම තමයි ... "


ප්‍රමේෂ්ට රව රව හිටපු කොල්ලා සද්දේට හිනාවෙන්න ගත්තේ ප්‍රමේෂ්ගේ කේන්තියෙන් පිරුණු වත දකිද්දියි. මොකද රකේල් නිසාම හැමදාමත් ප්‍රමේෂ් හිටියෙත් රකේල් වගේම කේන්තියෙන්මයි. 


" මම ද බලහන්කෝ දැන් කේන්තියෙන් පුපුරන්නේ ... "


" මහ ලොකු උපදේශක ... මටත් වඩා අන්තයි ... "


රකේල් හිනාවෙද්දි දැන් රවන්නේ ප්‍රමේෂ්. කොල්ලාගේ කතාවට හිනා යන්න ආවත් ප්‍රමේෂ් නෙමේ හිනාවුනේ. ඔහුට ඕන වුනේ තම මිතුරාගේ මේ හදිස්සි කෝපය නැති කරලා දාන්න. මොකද ඔහුට බයයි රන්දුනු එක්ක පැටලෙද්දි හදිස්සි කෝපය නිසාම රන්දුනුටත් රකේල්ගේ අතින්ම වලපල්ලට යන්න වෙයිද කියලා.


" කතාවේ හැටියට නම් උබ මට මෛත්‍රී කරන්න ඕන ... "


" ඒත් මට වඩා පුපුරන්නේ උබනේ ... "


"ඕවාට කියන්නේ වැදි බණ කියලා බං ... "


ප්‍රමේෂේ කොල්ලාගේ කියුම් ගණන් නොගෙනම ඇමතුමක් ගත්තේ රටින් පිට සිටින තම එකම නැගණියට.


" අයියා ... "


කෙල්ල වීඩියෝ ඇමතුමේ සිට උඩ පැන පැන කතා කරන්න ගත්තේ අවුරුදු ගානකට පස්සේ දැක්කා වගේ. රකේල්ට හිනා ඇයගේ හැටි දන්න නිසාම.


" ඔච්චර උඩ පනින්න එපා යකෝ ... "


" අප්ස්ටෙයාර් එක බිමට පත බෑවෙයි ... "


ප්‍රමේෂ් නෝන්ඩියට වගේ හිනාවෙලා ඇයගේ නැගණිය වුනු ලියාරාට එහෙම කියද්දි ඇයගේ වත රතු වුනේ කවදත් තම සහෝදරයා ඇයව විහිලුවට ගන්න තරහාටයි. 


" බුරුවා ... තමුසේ එක්ක තව කතා ඕන නෑ මට ... "


" ෆෝන් එක දෙනවා සුදු අයියාට ... "


නැගණියගේ සුපුරුදු කෝපය අන්තිමට නවතින්නේ රකේල්ගෙන් කියලා දන්න නිසාම ප්‍රමේෂ් සද්දේට හිනාවෙන ගමන්ම ඔහුගේ දුරකථනය විසි කලේ රකේල්ගේ දිහාට.


" ආ ... ලියා ... කොහොමද බං ... "


දැන් ඉතින් සුදු අයියත් ඉවරයි කියලා අත්දැකීමෙන් ප්‍රමේෂ් දන්නවා.


" මොකක්ද සුදු අයියේ ... ඔයත් අරයා වගේ කතා කරන කැත ... "


" ඔයාලා ලග වැදගත්කමක් ඇත්තේම නැද්ද අෆ්පා ... "


ලියාරාගේ ඇද වුනු මුව දකිද්දි රකේල්ට හිනා යන්න ආවත් ඔහු අතින් මුව ආවරණය කරගෙන හිනාව බොහෝම අමාරුවෙන් සගව ගත්තා. 


" අපි ඔයාලා වගේ පොෂ් පීපල්ස්ලා නෙමේනේ නංගී ... "


" ගමේ ගොඩේ අල බතල කාලා තමයි මේ දැනුත් ඉන්නේ ... "


ඇය අකැමැතිම මාතෘකාව ඒක කියලා දන්න නිසාම ශේප් එකේ ඇගට පතට නොදැනෙන්න වගේ වහෙන් ඔරෝ ඔහුට ඕන ටික කියලා දැම්මා. මොකද ඇයත් ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ. රකේල් කැමතිම නෑ ඇය වගේ සංකර කෙල්ලක් තමන්ගේ වලව්වට ඇවිත් වදයක් වෙනවට.


" අපෝ ... එහෙනම් මම නම් එන්නේ නෑ ඔහේ ඉන්න ... "


" ආවත් එන්නේ හොටෙල් එකක ඉදලා ඔයාලාගේ ඇන්ටික් වලව්වට ඇවිත් යන්න විතරයි ... "


ඒකත් සැනසීමක් රකේල්ට වගේම ප්‍රමේෂ්ටත්. තමන්ගේ සහෝදරිය වුනත් ඇය අදින පලදින විදිය ගැන ප්‍රමේෂ්ගේ හිතෙත් තිබුණේ අමනාපයක්.


" මෙහේ හරියට කූඩැල්ලොත් ඉන්නවා ලියා ... "


" ඔයාට කොහොමත් ඉන්න බෑ මෙහේ ... "


" බාගෙට ඇදලා ඉන්න නිසා උන්ටත් ලේසීයි ලේ ටික බොන්න ඇග පුරාම ගිහින් ... "


ප්‍රමේෂ් අතින් කටවහගෙන එලියට ගියේ හීන් නූලෙන් රකේල් ඇයට මෙහි පැමිණීම වලක්වන්නට මුසා දොඩවන අපුරුවට හිනාවෙමින්.


" චීයා ... ඔයාලා නම් මහා චීප් මිනිස්සු අනේ ... "


" උන්ව වද කරලා දාන්නේ නැතිව ඇති කරනවාද කොහෙද ... "


" කොහෙද ඉතින් ඩිග්රි පිට ඩිග්රී ගැහුවත් ඔයාලාට බෑනේ ගමේ තාලේ අත අරින්න ... "


රකේල් හුඟක් ඉවසීමෙන් අහන් හිටියේ ලියාරාගේ අහංකාර ගතිගුණ වලට සාප කරමින්. ඔහු අකැමැතිම දෙයක් තමයි කෙල්ලන්ගේ අහංකාරකම.


" හරි ... හරි ... අපේ වලව්වට නාවට කමක් නෑ ඔය නෝනා හාමු ... "


" මොකද මෙහේ ඉන්නේ බොහෝම වැදගත් විලි වහගත්ත මිනිස්සු නිසා ... "


" මාත් කැමති නෑ බාගේට ඇද ගෙන එන කෙල්ලන්ව අපේ වලව්වට වද්ද ගන්න ... "


" මගේ නමටත් කැළලක් වෙයි විලි සංගේ නැති එකියක් ඇවිත් යනවා කියලා ගමේ උන් දැනගත්තොත් ... "


ලියාරාට කවදාවත් නැතිව රකේල්ගේ ප්‍රතික්ශේප කිරීම හා අපහාස කිරීම ලග හීන මානයක් දැනුණා. ඒ තරහෙන්ම ඇය රකේල් දිහා බැලුවේ හිත ඇතුලේ ඔහු ගැන පුංචිම හරි කැමැත්තක් තිබුණන් ඒකත් නැති කරගෙන.


" මෙහේ ඉද්දි හිටිය ඔයයි දැන් ඔයයි හුගක් වෙනස් අයියේ ... "


" කමක් නෑ ... මං ඉන්නේ ඔයාලා වගේ ආදී කාලේ නෙමේනේ ... "


" අයියාට මං තිබ්බා කියන්න ... බායී ... "


එපමණකි. ඇය තරහෙන්ම ඇමතුම විසන්ධි කලේ රකේල්ගේ මුවේ ජයග්‍රාහී මදහසක් ඇති කරලමයි.


" රකී ... වැඩේ ගොඩ නේද ... "


ඇමතුම විසන්ධි වෙනකන් රකේල්ගේ කාමරයෙන් පිට සියල්ලම අහගෙන හිටපු  ප්‍රමේෂ් කාමරය තුලට ආවේ රකේල් වගේම මුව පුරා සිනහවකින් හැඩ කරගෙනමයි.


" අම්මේ ඇති යාන්තන් ... ඒ උගුලෙන් බේරුනා බං ... "


" ඕකීට දෙකක් ඇනලා මුලදිම හදාගන්න තිබුණේ උබට ... "


ප්‍රමේෂ් මුලදි කොයිතරම් උත්සාහ කලත් ඒකට දෙමාපියන් මැදිහත් වීම නිසා නැගණියට අවවාද දීම ගඟට ඉණි කැපුවා වගේ වුනා. ඔහු ඇයව අත ඇරලා දැම්මේ ඒ විදියටයි. කොයිතරම් ඇය රූමතියක් වුනත් රකේල් නම් ඇය නව දැලි හේනක වැදිරියක් වගේ. තට්ටු පිටින් මේකප් කරගෙන ඉන්න ඇයව දකිද්දිත් ඔහුට පිලිකුල්.


" මට කරන්න දෙයක් නෑ බං. උබ දන්නවානේ මං කොයිතරම් ට්‍රයි කලාද කියලා ඕකීව ගොඩ ගන්න ... "


" දැන් වැඩක් නෑ. ක්ලබ් ගිහින් විනාශ වෙලා ඉවරයි ... "


" අර මැරයෙක් වගේ ඉන්න ඇන්ඩෲ එක්ක ඕකී නොයන තැනක් නෑ ... "


ප්‍රමේෂ් ඒ ටික කිව්වෙත් තම දෙමාපියන් ගැන කෙල්ලෙක් වුනු තම නැගණිය ගැන දැනෙන අපුලත් වේදනාවත් කේන්තියත් එක්කමයි.


" ඕවා දැන් කතා කරලා වැඩක් නෑ බං ... "


" අර අරුණලී වගේ කෙල්ලෙක් ලග තියෙන ගැමි ලස්සන ඔය රට ඉන්න ගොඩ සුද්දියන්ට තේරෙන්නේ නෑ බං ... "


" ඒවා උන්ට දැනෙන්නේ ලංකාවට ආවාම තමයි ... "


" බලපන්කෝ ... මේකප් කරලා ද ඒකීගේ ලස්සන කියලා ... "


" මං කැමතිත් ඒ වගේ නැචුරල් බියුටි එකක් තියෙන කෙල්ලෙක්ට ... "


මේ තරම් කාලයක් කෙල්ලන්ගේ විෂයෙහි උනන්දුවක් නොතිබුණු රකේල්ගේ මේ විචාරයන් දිහා ප්‍රමේෂ් බලන් හිටියේ කොල්ලාව විනිවිද යන තරමේ බැල්මකින්.


" මොකද උබ ඔහොම බලන්නේ ... "


බැල්කනි එකේ වැටට බර වෙලා කරල් වලින් බර වුනු කෙත් යාය දිහා බලාගෙන ඇයගේ ලෝකයේ තනිවෙමින් දොඩමලු වෙද්දි ප්‍රමේෂ් උගුර පාදා ඔහුගේ වතට එබෙද්දි කොල්ලාගේ ඇස් ගැස්සුනේ ඔහු කිය කිය හිටපු කතාව මතක් වෙලා.


" නෑ ... මං මේ බැලුවේ මේ අර රකේල් කියන වලව් මාන්නේ ඉහට ගහපු ඒකා ද කියලා ... "


සමච්චල් සහගත බැල්මකින් එහෙම කියන ගමන් ප්‍රමේෂ් රකේල්ගෙන් ඇස් ඉවතට ගත්තේ ලොකු කතාවටකට අර අදිමින් කියලා රකේල්ට තේරුනා. කුඩා කල සිට ඔහුගේ හැම ඉරියව්වක්ම රකේල්ට හොදට හුරුයි. ඔහුගේ හිතේ පුංචි බයක් ඇති වුනේ ඇය ගැන කතාව පටන් ගනිද්දි තම මිතුරාගේ නෙත් වල දැක්ක දිලිසීමටයි.


නැවත හමුවෙමු ... 

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10