නීල නයනී 7


 

නීල_නයනී 


7_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" අරුණලී නංගි වගේ නංගියෙක් මටත් හිටිය නම් කියලා මට හිතුනා බං ඒ අහිංසක කෙල්ල දැක්කාම ... "


" ඒකී තනිකරම දග මල්ලක් ... "


" ගතිගුණ වගේම ඒකීගේ හිතත් හොදයි ... "


" උබ මං ගැනත් සැකෙන් බලනවා කියලා මං දන්නවා ... "


" ඒත් ඒකී මට සහෝදරියක් විතරයි බං ... "


රකේල්ගේ අදුරු වුනු වත එලිය වැටුණේ ප්‍රමේෂ් ඇය ගැන එහෙම කියද්දියි.


" අනේ ... මට මොකද ඒකී ගැන උබ හිතුවත් ... "


" මට නම් සල්ලි එක්කවත් එපා කොල්ලන්ගේ ඇගේ බලෙන් එල්ලෙන තෙව්ඩිච්චියෝ ... "


ප්‍රමේෂ් කටකොනකින් හිනා වෙන ගමන් රකේල්ගේ පිටට පහරක් දුන්නේ තවත් ඒ බොරුවට කියන්න එපා කියන්න වගේ.


" අනේ නිකන් පලයන් යන්න හිකනලෝ ... "


" උබ ඒකීට පණ ඇරලා ... "


" මෙතන බොරුවට දැන් රඟපානවා ... "


ලැජ්ජාවක් හිතට එබිකම් කරද්දි රකේල් පුරුදු දුෂ්ඨ පෙනුම ම ආරූඪ කරගත්තේ ප්‍රමේෂ්ගේ සරදම් වලින් බේරෙන්න හිතාගෙන.


" හරි ... මට කියපන්කෝ ... අර වේනූෂ් ලග උබ කෙල්ලට අයිතිවාසිකම් පෙන්නන්න ගියේ ඇයි කියලා ... "


" අනික කවදා ඉදලා ද උබ බීපු තේ ඒකේ ටිකක් ඉතුරු කරලා කෙල්ලෙක්ට පෙව්වේ ... "


කොල්ලා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ වටපිට බැලුවේ ප්‍රමේෂ්ගේ ප්‍රශ්න වලින් බේරිලා යන්න විදියක් ගැන හිතන ගමන්.


" ඇයි ... උබට උත්තර නැද්ද ... "


" අනික මං දැක්කා අර කෙල්ලට කියලා උබ කවා ගන්නවත් එක්ක ... "


" අපේ නංගි කවන්න හදලා ඇද්ද උබට කොයිතරම් ... ඒත් උබ ඒකීගේ එක බත් කටක්වත් කාල නෑ කවදාවත් ... "


" උබ මේ නටන නාඩගම ඇත්තට ද බොරුවට ද මං දන්නේ නෑ ... හැබැයි පුතෝ ... ඒ අහිංසක කෙල්ල උබ නිසා විදෙව්වොත් අන්න එදාට මගේ යාලුකමත් නැති වෙයි උබට ... "


රකේල්ගේ මුව ගොලුවෙන්නම එහෙම කිව්ව ප්‍රමේෂ් කාමරයෙන් පිට වෙලා ගියේ කොල්ලාටත් හිතන්න යමක් ඉතුරු කරලා. 


එදා දවසම කොල්ලා කාමරෙන් එලියටවත් ගියේ නෑ. ඔහු කල්පනා ම කලේ ඔහුට කෙල්ලව දැනෙන විදිය ගැන. රෑට කෑමත් ප්‍රතික්ශේප කල ඔහු ඇය හමු වු දින සිට සිදු වු සිදුවීම් ගැන හිතමින් නිදි වර්ජිත රැයක් ගත කලේ ඒ හිතට එක එක සිතුවිලි වලින් පිරෙද්දි.


" සුදු පුතා ... අවදි වෙන්නකෝ ... "


පාන්දර යාමයේ කෙටි නින්දකට වැටුණු ඔහුව ප්‍රියංකා පැමිණ අවදි කරද්දි කොල්ලා අවදි වුනේ දැකපු සිහිනය නිසාම ඒ තිගැස්මත් එක්ක. ඔහු වටපිට බැලුවේ තවමත් ඔහු ඉන්නේ සිහිනයේ ද කියලා හිතමින්.


" මොක ද පුතා මේ බය වෙලා වගේ වටපිට බලන්නේ ... "


කොල්ලාගේ හිසත් පිරිමදින ගමන් ප්‍රියංකා එහෙම අහද්දි කොල්ලා හිස බිමට නැඹුරු කරගෙනම ඔලුවේ වැනුවේ මුකුත් නෑ කියන්න වගේ.


" අපි අර දරුවාගේ අම්මා බලන්න යන්න හැදුවේ පුතේ ... "


" ඔයත් එනවා ද ... "


කොල්ලා කලබලයෙන් වගේ ඇස් උස්සලා බැලුවේ ඔහු දැකපු සිහිනයෙත් උනු සිද්ධි වල ඇරඹුම තිබුණේ වේනූෂ්ගේ මව සිටිය රෝහල තුලදි නිසා.


" ඔව් ... ඔව් ... මාත් එනවා ... හොද නෑනේ නොගියොත් ... "


හිත දහසක් දේ පවසද්දි හරි ඉක්මණට මවට පිලිතුරු දිලා ඇදෙන් නැගිටලා ටවල් එකත් අරගෙන නානා කාමරයට ගියේ තවත් මව ලග ඉන්න ඒ හිතට අපහසුවක් දැනෙද්දි.


" මේ දරුවාට මොනවා වෙලා ද ... පුදුම කලබලයක්නේ එකපාරටම ඇති වුනේ ... "


" මොනවා හරි මෙයාගේ හිතේ තියාගෙන විදවනවා ... "


" පුංචි කාලේ වගේම හිත කලබල වුනාම කොල්ලාගේ මූණ වෙනස් වෙන්නේ මෙහෙමයි ... "


" බලමුකෝ ... ප්‍රමේෂ් පුතාගෙනුත් අහලා බලන්න ඕන ... "


ඔහුගේ වෙනස් වීම හරි ඉක්මණට ම ප්‍රියංකාට අදුනගන්න පුලුවන් වුනා. කොල්ලාගේ හැසිරීමත් එක්ක ඔහු වෙනුවෙන් රැගෙන ආ තේ එකත් තවම බෙඩ් කබඩය උඩ. ප්‍රියංකා එක අතකින් නලලත පිරිමදිමින් කොල්ලා සිටින නාන කාමරය දෙස බලාගෙන හිතුවේ මවක් වුනු තමන්ට ඔහුව හැමදාම සතුටින් තියන්න බැරි වුනා නේද කියලා. ඇයගේ මුවින් බරැති සුසුමක් පිටවෙද්දි හිතේ ඇති වුනු ඒ කනස්සල්ලෙන් ම ඇල්වුනු තේ එකත් රැගෙන රකේල්ගේ කාමරයෙන් පිටතට ගියා.


" මං දැක්කේ මොනවාද ඒ ... ඇයි මං එහෙම දැක්කේ ... "


" ෂිට් ... අර ගෙවලයාට තුරුල් වෙලා ඉන්නවා දකිද්දී ඇයි කෙල්ලගේ ලගට ගිහින් මං ඒ කම්මුලට ගැහුවේ ... "


ඔහු දැක්කේ සිහිනයේ ඇය හිටියේ ඔහුගේ තුරුලේ. ඔහු දත්කූරූ කමින් ඇය ලගට ගොස් වේනූෂ්ගේ තුරුලෙන් ඇයව ඇදලා අරගෙන කම්මුලට ගහනවා පමණයි ඔහු දැක්කේ.


" ඒ ... රකියෝ තෝ ඕක ඇතුලේ පීනනවා ද ... "


" අන්න ආන්ටි තොට කන්න එන්නලු ... "


කොල්ලා අඩ හෝරාවක් පමණ ඔහු දැකි සිහින ලෝකයෙන් පියවි සිහියට ආවේ ප්‍රමේෂ්ගේ හඩින්.


" මං එනවා කියහන් ...  "


ඉක්මණින් ම රැවුලත් පොඩ්ඩක් හදාගෙන ඔහු නාන කාමරයෙන් පිටතට එද්දි තවත් විනාඩි පහලොවකුත් ගිහින්. ඔහු ආසම සුදු පාට ටීෂර්ටයට නිල් පාට ඩේනිමත් ඇදගෙන කොන්ඩේත් උඩට කරලා හදාගෙන විලවුන් ගත පුරාම තවරාගෙන කාර් එකේ යතුරත් මුදල් පසුම්බියත් අරගෙන පහල මාලයේ ඇති කෑම කාමරයට ආවා.


" ආ ... එන්න ... එන්න ... හාමු මහත්තයා ... "


ප්‍රමේෂ් නෝන්ඩියට හිනාවේවීම කිරිබත් කෑල්ලක් කටට ඔබා ගනිමින් ඔහු අසලම පුටුව රකේල්ට ඇස් වලින්ම පෙන්නුවා. සුපුරුදු රැවිල්ලෙන් ම පුටුව ඇද වාඩි වු කොල්ලා පිගානකට කිරිබත් කෑලී තුනකුත් කට්ට සම්බෝලත් මාලු ඇඹුල් තියල් එකෙන් කෑලී දෙකකුත් දාගෙන ප්‍රමේෂ් දිහා නොබලාම කටට දෙකට කිරිබත් ටික කන්න ගත්තා.


" හොව් ... හොව් ... මස්සිනා ... හිමීහිට කාපන් මගේ දෙයියෝ ... "


" ආන්ටි ... ගමකට කිරිබත් හදලා තියෙනවා ඉවර වෙන්නේ නෑ දැන් ම ... "


වෙනදාට පිලිවෙලකට කෑම කන ඔහු අද කලබලයෙන් ආහාර ගනිද්දී ප්‍රමේෂ්ගේ හිතට කුතුහලයක් දැනුණත් පසුවට ඒ ගැන අසා දැනගන්න ඕන කියලා හිතමින් ඔහුගේ කලබල හැසිරීම ප්‍රථමයෙන්ම නවත්තන්න හිතුවා.


" අද උදේ ඉදලා එයා කරන්නේම ඔහොම වැඩ තමයි ප්‍රමේෂ් පුතා ... "


" මොනවා හරි හිතේ තියාගෙන විදවනවා. මට නොකිව්වත් මේ ළමයාට හරි කියලා ඔය කලබලේ අඩු කරගන්න එපැයි ... "


නොරිස්සුමකුත් එක්ක කොල්ලෝ දෙන්නා දිහාම බලමින් එහෙම කිව්ව ප්‍රියංකා රෝහලට ගෙන යාමට සුදානම් කල ආහාර බදුන් ද රැගෙන කොල්ලාගේ කාර් එකේ යතුරත් අරගෙන කෑම කාමරයෙන් පිටතට ගියා.


" ආන්ටිව ලෙඩෙක් නොකර හරියට හැසිරියන් රකී ... "


" රන්දුනු අන්කල් වගේ උබත් අම්මාගේ සැනසීම නැති කරපන් පුලුවන් නම් ... "


" කාල ඉවර වෙලා ඔය වලව් මාන්නේ පැත්තකට දාලා සාමාන්‍ය කොල්ලෙක් වගේ අද ගෙදරින් එලියට බැහැපන් ... "


" එදා උබ නැති කරගත්ත සැහැල්ලුව සැනසීම අද ඉදලා උබට ලැබෙයි රකී ... "


කවදාවත් නැතිව රකේල් අද නිහඩයි. කෑම එක අතගාමින් ඔහු අහගෙන හිටියේ ප්‍රමේෂ් කියන දේවල් ඔහුගේ පැත්තෙන් සත්‍යතාවයක් තියෙන නිසා. පියා ගැන කෝපයෙන් සිටිනවා හැරෙන්න තමන්ගේ සැනසීම ගැනවත් මවගේ සැනසීම ගැනවත් තැකීමක් තමන්ට තිබුණේ නෑ නේද කියලා ඔහු කල්පනා කලා. ප්‍රමේෂ් වගේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕන කියලා කොල්ලා හිතාගත්තේ ඒ සතුට ලග සැනසීම ලග කෙල්ලවත් තියාගෙන. 


ඔහු කාර් එකට ගොඩ වුනේ ප්‍රමේෂ් තරමට සැහැල්ලුවෙන්. මොහොතකට ඔහු ඒ හැමදේම අමතක කරලා පිටුපසු අසුනේ වාඩි වුනු මව දිහා බලලා මදහසකින් සංග්‍රහ කරලා ප්‍රමේෂ් දිහා බැලුවේ දැන් උබට සතුටු ද කියලා අහන්න වගේ.


ප්‍රියංකාගේ හිතට සතුටක් ගේන්න ඒ ටිකම ඇති. ඇය සතුටින් කවුලුවෙන් පිටත බලාගෙන ගියේ වෙනදා නොදැනුණු සැනසීමකින්.


" පුතා සුදු හාමිනේලාගේ ගෙදර ලගින් කාර් එක නවත්තන්න ටිකක් ... "


" මං දර්ශී ටත් ලෑස්ති වෙලා ඉන්න කියලා පණිවිඩයක් යැව්වා ... "


රකේල් වෙනදා වගේ නපුරුකමෙන් හැසිරෙන්නේ නැතිව ඉද්දි ප්‍රමේෂ්ටත් පුදුම හිතුනා. කොල්ලා දැක්කා තම මව වගේම තම මිතුරාත් තමන් දිහා පුදුමයෙන් බලන් ඉන්නවා. ඔහු කටකොනකින් හිනාවෙන ගමන් ම දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා. ප්‍රියංකා ලගින් වාඩි වුනු දර්ශනීටත් පුදුමයි රකේල් ඇය දිහා බලලා මුව පුරවගෙන සිනාසෙද්දි. ඇයත් පෙරලා ඔහු හා සිනාසෙද්දි ප්‍රමේෂ්ට බොරු කැස්සකුත් ආවා. ඔහු දන්න තම මිතුරා නොකිය අගවන ඔවුන්ගේ රහස ගැන.


ඔවුන් රෝහලට ලං වෙද්දි රකේල් දර්ශනී සමග හුගාක් හිතවත් වෙලා හිටියා. ප්‍රමේෂ් කොල්ලාට අතේ මහපටැගිල්ල දික් කරලා නියමයි කියලා අහවද්දි නිතරන රවන මුවේ ලස්සන හිනාවකින් හැඩ වුනා.




කෙල්ල කෙටි නින්දකින් පසු උදෑසන ම අවදි වී බේත් වල බලෙන් තවමත් සුව නින්දක ඉන්න සංගීතාව උණුවතුර පෙගවූ රෙදි කඩකින් යාන්තමට පිස දමා ඕඩිකොලොන් ස්වල්පයක් තවරා ඇය හැරුණේ වේනූෂ් නිදා වුන් ඇද දෙසට. ඔහු නම් තවම අවදි වෙන්න හිතලවත් නෑ. ඒ කඩවසම් රුව ලග කෙල්ලගේ හිත ගැස්සුණාත්. ඇය එය අමතක කර නාන කාමරය දෙසට ඇදුණේ මුව දෝවා ගන්න හිතන්.


වේනූෂ් හිටියේ අවදියෙන්. කෙල්ල පරිස්සමට උණුවතුරින් තම මවට සාත්තු කරන විදිය දිහා ඔහු බලාගෙන හිටියේ ආරූ ගැන තව තවත් ඔහුට සමීප දැනෙද්දී. ඇය වෙනුවෙන් තමන්ට පුලුවන් හැමදේම කරනවා කියලා හිතමිනුයි ඔහුත් ඇගමැලි කඩමින් ඇදෙන් නැගිට්ටේ.


සංගීතාගේ හිස පිරිමදිමින් වේදනාවෙන් ඇය හා ගත කරපු ආදරණීය මතකයන් අතර තනිවෙමින් ඔහු කොතරම් වේලා සිටිය ද කියලා වේනූෂ්ට මතක නෑ. කාමරයේ දොරට තට්ටු කරන සද්දේටයි ඔහු කදුලු පිරි නෙතින්ම කාමරයේ දොර දිහා බැලුවේ. පිට අත්ලෙන් කදුලු පිස දා ගෙන කොල්ලා දොර ඇරියේ අනිත් අතින් කොන්ඩෙත් උඩට කරමින්මයි.


" ගුඩ් මෝර්නින් පුතා ... "


සිනාමුසු මුහුණින් ම ප්‍රියංකා එහෙම අමතද්දී වේනූෂ් අසීරුවෙන් මුව ඈත් කර සිනාසී අඩවල් කරන් සිටි දොර ඇරලා පෙරලා ඇයටත් උදෑසන සුභ පැතුම් එක් කලා.


" ඔන්න අපි උදෙන් ම ආවා පුතා ... "


පැමිණි මොහොතේ සිට රකේල්ගෙත් දර්ශනීගෙත් ඇස් හෙව්වේ අරුණලීව. 


" කෝ ... පුතේ අපේ සුදු හාමිනේ ... "


බැරිම තැන දර්ශනී එහෙම අහද්දී රකේලුත් වේනූෂ් දිහා බැලුවේ ඔහුගේ පිලිතුරු ඔහුගේ හිතට වගේම නෙතටත් නිවනක් නැති නිසා.


" ආහ් ... මට අමතක වුනානේ අම්මේ ඉන්න මං කතා කරන්නම් ... "


ඒ අතර ප්‍රියංකා ඔවුන් රැගෙන හා ආහාර බදුන් පිලිවෙලකට කබඩය තුලින් ඇසුරුවා.


" නංගා ... අම්මා ඇවිත් ඉක්මණට වොශ් දාගෙන එලියට එන්න ... "


වේනූෂ්ගේ ඇමතුමත් එක්ක කෙල්ල ඉක්මණට ම ඇදුමකුත් දාගෙන නාන කාමරයෙන් එලියට ආවේ රකේල් ව බලාපොරොත්තුවෙන් නම් නෙමේ. ඒත් ඔහුගේ තියුණු දෙනෙත් ඇය වෙතම වෙද්දි කෙල්ලගේ හදගැස්මත් වැඩි වෙනවවගේත් දැනුණේ. ඇයට නොතේරුණු එකම දොත් වුනේ ඔහු ලගදි තම සිත මෙතරම් කලබල වෙන හේතුව මොකක්ද කියන එක.


" සුදු හාමිනේ ... අපි කෑමත් හදාගෙන ආවේ. මේ දරුවටත් දීලා කාල ඉන්න ... "


කෙල්ලට මතක් වුනේ පෙරදින රාත්‍රියේදී වේනූෂ්ගේ උණුසුමේ හිටිය හැටි. ඇයගේ නිල් දෙනෙත් ඒ මොහොතෙත් ඇදුනේ රකේල් වෙතමයි. ඇයගේ හිත කියන්නේම තමන් රකේල්ට වරදක් කලා කියලමයි. ඇයගේ බැල්ම තමන් වෙතම කියලා දකිද්දී කොල්ලා ඇස් වලින් ඇයගෙන් ඇහුවේ ඇයි කියලා. කෙල්ල යාන්තමට හිනා වෙලා ආහාර බදුන් ටික පිටතට ගත්තේ ප්‍රියංකාගෙත් උදව් වෙන්.


ඇයගේ නෙත් තමන් ලුහු බදින එක ගැන රකේල්ට දැනුණේ සතුටක් වගේම ආඩම්බරයක්. වෙනදා වගේ අකැමැත්තෙන් බලනවා වෙනුවට ඇය සිනහවෙන් තමාගේ ඉගි වලට පිලිතුරු දීම ඔහුගේ හිත නව යෞවුන් තරුණයෙක් හිත වගේ ආදරණීය හැඟීම් වලින් පිරිලා ගියා. ඒ මූණට නපුරුකම ලස්සන නෑ කියලා කෙල්ලටත් හිතුනේ අද දැක්ක ඔහුගේ අමුතුම හැසිරීම් නිසඇ්ත්


වේනූෂ්ට මේ කිසිම දෙයක් දකින්න ඉඩක් නොලැබුණේ මුව දොවා ගැනිමට නාන කාමරයට ගිය නිසයි. ඔහු කාමරයට ආ සැනින් ප්ලාස් එකෙන් තේ එකක් කොප්පයකට දාලා වේනූෂ්ට දුන්නෙත් කෙල්ලමයි. මේ හැමදේම අකැමැත්තෙන් වුනත් කොල්ලා ඉවසගෙන හිටියේ මේ ඔහුගේ විරෝදයන් පෙන්නන්න පුලුවන් අවස්ථාවක් නොවන නිසා.


" පුතා ... ඔයා දැම්ම කනවා ද ... "


වේනූෂ්ගෙන් ප්‍රියංකා එහෙම අහද්දී වේනූෂ්ට බැලුනේ කෙල්ල දිහා. ඇය හිතා මතාම ඒ බැල්ම මග ඇරියා කියලා මේ දිහා ඇයට සමීපව සිටි රකේල් වගේම ප්රමේෂුත් දැක්කා.


" තේ බිව්ව ගමන්නේ ආන්ටි අපි පස්සේ කන්නන් ... "


ඔන්න එතකොට නම් රකේල්ගේ යකා ගස් නගිනවා. ඇයව තවත් ඔහු ලග තියන්න හිතක් නෑ ඔහුට. ඒකට දෙන්න පුලුවන් විසදුමක් ගැන කල්පනා කරන්න ගත්තේ ඒ නිසයි.


" ඩොක්ටර්ස්ලා මොනවාද පුතා දැන් අම්මා ගැන කියන්නේ ... "


දර්ශනී ඒ හඩ අවදි කලේ නිහඩව ඉන්න එක හොද මදි නිසාමයි. අනික ඔවුන් ඝපැමිණියේ සංගීතාගේ සුව දුක් බැලීමටයි.


" තවම අම්මාට සිහි කල්පනාව මදි කියලා තමයි ඩොක්ටර් කියන්නේ ... "


" ඒකත් හරියයි කියනවා එයාලා ... "


" ඒත් මට බයයි අම්මා මෙහෙම මාත් එක්ක කතා නොකර ඉද්දි ... "


ඇයට ලං වෙනවට අකැමැති වුනත් වේනූෂ් තම මව ගැන වේදනාවෙන් කතා කරද්දි නම් රකේල්ටත් ඔහු ගැන දුක හිතුනා. ඒ නිසාම කොල්ලා වේනූෂ්ට ලං වෙලා ඒ පිටට තට්ටු කරලා කතා කලා.


" මචං ... ඕනම දේකට අපි ඉන්නවා ... "


" මෙහේ බැරි නම් අපි රට හරි අරන් ගිහින් අම්මාව හොද කරගමු ... "


වේනූෂ්ට ප්‍රථම වතාවට රකේල් ගැන පැහැදීමක් ඇති වුනා. 


" තැන්කිව් මචං ... උබ එහෙම කිව්ව එකත් මගේ හිතට හයියක් ... "


" මං ගැන ඊයේ දැනගෙන අද මෙහෙම හැමෝම මායී මගේ අම්මයි එක්ක ඉන්න එක මට මහමෙරක් වටිනවා බං ... "


හැමෝම සංවේදී වුනා ඒ කතා බහෙන්. කෙල්ල හොරෙන් හොරෙන් බැලුවේ වෙනදා ඉන්න නපුරාද මේ කියලා හිතමින්.


" හරි ... හරි ... දැන් අඩපු අය කදුලු පිහිද ගන්න ... "


" හෙට වෙද්දි ආන්ටිට හොද වෙනවා බොරු නම් බලන් ඉදහල්ලකෝ ... "


" නැත්නම් මේ කන කපනවා මං ෂුවර් ... "


කවුරුත් දන්නේ නෑ මොහොතකට කලින් ප්‍රමේෂ් කාමරයෙන් පිටතට ගිහින් ඔහුගේ ලංකාවේ හිටිය විශේෂඥ වෛද්‍යවරයෙක් වුනු මිතුරෙකුට සංගීතාගේ රෝගී තත්වය සටහන් කරලා තිබුණු වාර්තා ටික ෆොටෝ අරගෙන යැව්වා. එම වෛද්‍යවරයාගේ නිගමනයට අනූව හෙට වෙනකොට ඇය යථා තත්වයට පත් වෙන්න ඕන කියලා ප්‍රමේෂ් කතා කරලා කිව්වා. ඉතින් ප්‍රමේෂ් වේනූෂ්ටත් ඒ ගැන පැහැදිලි කරලා දුන්නේ හැමෝගේම හිත් වලට සැනසීමක් ලැබෙද්දි.


" මේ ... මට තමුසේ එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන පොඩ්ඩක් කාමරයෙන් එලියට එනවා ... "


එපමණකි. නපුරු රකේල් හැමෝටම රහසින් ඇයගේ කනට කරලා එහෙම කියලා රෝහල් කාමරයෙන් පිටතට ගියා. කෙල්ලගේ ඇසුත් ලොකු වෙලා ඔහුගේ හඩේ තිබුණු නිවුනු ගතියට. තත්පර ගණනක් ඇය එලෙස පුදුමයෙන් ගත කරන්න ඇති. නමුත් ඊලග තත්පරයේ ඇය කලබලයෙන් හැමෝම දිහාට දෑස් ගෙන ගියේ කාට හෝ ඔවුන්ගේ ජවනිකාව නෙත ගැටුන ද කියන බයත් එක්ක.


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10