නීල නයනී 9

 


නීල_නයනී 


9_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" අහ් ... පුතා ... "


" කවදාද ආවේ ... "


කෙල්ලට නුහුරු නෑ රන්දුනුගේ අපහාසාත්මක වදන්.


" මේ කෙල්ල දර්ශනීගේ නේද ... "


රකේල්ගේ රෞද්‍ර පෙනුමට ඒ හිත ගැස්සුණා. රන්දුනු ඒ බව නොපෙන්නාම කෙල්ලගේ පාදයේ සිට ඒ වත දක්වාම මහා පෙරේත බැල්මකින් බැලුවා. රකේල්ගේ ඉවසීමේ සීමාව පනින්න ඒ ඇති.


" ඔය මහත්තයාගේ එහා පැත්තේ ඉන්න ඒකීගේ උඩ ඉදන් පහලට බලලා මදි වෙලා ද ලේලී දිහාත් බලන්නේ ... "


ඒ කියමනට නම් ගැස්සුනේ කෙල්ල හිත. ඇයට බැලුනේ තමාව ආවරණය කරගෙන කතා කරන රකේල් දිහා.


" ලේලී ... මේ වගේ දුප්පත් එකියක් ... "


" ජොලියට තියන් ඉන්නවා ... "


කොල්ලා හැදුවේ කෙල්ලගේ අත අතහැරලා රන්දුනු ලගට යන්න ඒත් කෙල්ල තදින් ඒ අතක වේලුනේ කොල්ලා ඉබේ ම ඇයට අවනත වෙද්දි.


 " මගේ පුතා කවදා හරි කසාද බදින්නේ මං ප්‍රපෝස් කරන කෙනා විතරයි ... "


" ඒක මතක තියාගෙන වැඩ කලොත් හොදා ... "


" නැත්නම් ... හැමෝට ම හුගාක් විදවන්න වෙයි ... "


තවමත් කඩවසම් බව වියැකිලා නැති ඒ පෙනුම ලග රකේල්ගේ මෙන් වශී කරන සුලු හිනාව ලග කෙල්ලන්ව තම වසඟයට ගන්නා ඔහු ඇදුම් මාරු කරන්නා සේ ඔවුන්ව ද මාරු කරයි. පිලිකුල් සහගත ඒ හැසිරීම් ලග රකේල් වගේම කෙල්ලත් හිටියේ අකමැත්තෙන්.


" මට ගැළපෙනම කෙනා මං තෝරගෙන ඉවරයි මිස්ටර් බණ්ඩාරනායක ... "


" ඒකට තමුන් වද වෙන්න ඕන නෑ ... "


" අනික අපේ වලව්වටත් නාවට කමක් නෑ ... "


" මොකද මං කැමති නෑ දඩාවතේ යන බල්ලෙක්වත් අපේ වලව්ව අපිරිසිදු කරනවාට ... "


රන්දුන් අත දික් කරගෙන ඉදිරියට පැන්නේ රකේල්ට ගහන්න. ඒත් ඔහුට කලින් ඉක්මන් වු කොල්ලා. ඒ අත තද කරලා අල්ල ගත්තේ රකේල්ගේ ජවය ලග රන්දුනුට හැරෙන්නවත් බැරි වෙද්දි. වේදනා දෙන අත රකේල්ගෙන් ඇදලා ගත්ත රන්දුනු දබරැගිල්ල ලෙලවමින් දත්මිටි කමින් වියරුවෙන් පසු වෙද්දි නෝන්ඩියට වගේ කටකොනක හිනාවක් එක්ක කොල්ලා කෙල්ලවත් ඇදගෙන රෝහලේ කාර් පාර්ක් එක දිහාට ආවා.


" මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා ... "


" තමුසේ කොයි වේලාවෙවත් තනියම ගෙදරින් පිට යන්න බෑ තේරුනා ද ... "


" යන්නම ඕනම නම් මට කෝල් එකක් දෙනවා ... "


කෙල්ල හිටියේ තවමත් රන්දුනුගේ සල්ලාල පෙනුම ලග බය වෙලා. ඔහුගේ හැසිරීම් ලග ඇයට දැනුණු අපහසුතාව තමාට වඩා අවුරුදු කිහිපයකින් වැඩි විය හැකි යුවතියට නොදැනුණේ ඇයි දැයි කියන පුදුමයක් ඇයට තිබුණා. ඒ තැනැත්තියගේ ඇස් වල තිබුණු කෑදර බැල්ම රකේල්ගේ කඩවසම් ශරීරයේ ඉමක් කොනක් නැතිව ගිලගත්ත හැටි කෙල්ල බලන් හිටියේ තරහින් වගේම මහා අපුලකින්.


" මං කොහොම ද චුටි මහත්තයා එහෙම කියන්නේ ... "


" ගම්මු අපිට කතාන්දර හදයි ... "


" මට පාරේ බැහැලා යන්නත් බැරි වෙයි ඊට පස්සේ ... "


කෙල්ල කියන දේ ගැන මොහොතක් කොල්ලත් හිතන්න ගත්තා. ඔහු දන්නවා ඒ දේ ඇයගේ පැත්තට හොද නෑ කියලත්. ඒත් ඇයව රන්දුනුගෙන් ප්‍රවේශම් කලයුතුයි කියලා රන්දුනු ඔවුන්ව දැකපු වේලාවේදීම හිතුනා.


" හරි ඒකටත් මං විසදුමක් දෙන්නම් ... "


" මං විසදුම දෙනකන් පරිස්සමට ඉන්නවා ... "


" තමුසේලාගේ ආරක්ෂාවට කෙනෙක් අද ඉදලාම දාන්නම් ... "


" කෝ ... තමුසෙගේ ෆෝන් එක දෙනවා ... "


කෙල්ල යාන්තමට හිනාවෙලා ඉවත බලා ගත්තේ තමන්ගේ අසරණකම කාටවත් නොපෙනෙන්න ඕන නිසා. ඒ වත මත ඉහිරුණු වේදනාව රකේල් නොදැක්කත් ඇයගේ වෙනස් වුනු ඉරියව් වලින් ඇය හිතපු දේ වැටහුනා.


" මට ෆෝන් එකක් නෑ ... "


තවත් කෙල්ලට කිසිවක් කියන්න ඉඩ නොතියාම රකේල් තම මිල අධික දුරකථනය ඇයගේ අත මත තැබුවා.


" ඕකේ නම්බර් එක දන්නේ ප්‍රමේෂ් විතරයි ... "


" මං ෆෝන් එකක් අරන් කෝල් කලාම ආන්සර් කරනවා හරි ද ... "


" අහ් ... අමතක වුනා ....දෙනවා ඕක යූස් කරන හැටි කියලා දෙන්න ... "


ඇයගේ පුදුමයෙන් විසල් වුනු ඇස් දිහා බලාගෙන ම නැවතත් එය ඔහු අතට අරගෙන එකින් එක ඇයට පැහැදිලි කරලා දුන්නා. කොතරම් අදිමදි කලත් කොල්ලාගේ තරවටු බැල්ම ලග ඇයට වෙනදා වගේම නිහඩ වෙන්න වුනා.


" මතක ඇතුව ඕක ඇද පල්ලේ නොතියා තමුසේට ඇහෙන මානේ තියගෙන ඉන්නවා හරි ද ... "


කෙල්ල හිස වැනුවේ කොල්ලාගේ මුවේ ඇයට නොපෙනෙන්න මදහසක් නැගෙද්දී. ඇය ඔහුට අවනත වෙද්දි ඒ නපුරු පිරිමි හිතේ වෙනදා වගේම ආඩම්බරකමකින් පිරිලා යන. ඒ ආඩම්බරකමින් ම ඔවුන් ලං වෙන්නේ රෝහලේ කාර් පාර්ක් එක ලගට.


" මං අද ෆෝන් එකක් අරන් තමුසේට ගන්නවා ආන්සර් කරනවා හරිද ... "


කෙල්ල හිටියේ හිතින් කොල්ලාට බනිමින්. ඔහු කියන දේට ඔලුව වන වන හිටියත් ඇය හිටියේ බොරු තරහක් හිතට ආරූඩ කරගෙන.


" මූට ගිය රටනේ දැන් ... "


" මාවත් මේකගේ දේපලක් වගේ අරක කරපන් මේක කරපන් කියනවා ... "


" මාත් මී හරකි වගේ ඔලුව වන වන ඉන්නවා ... "


" චුට්ටේ දැනගත්තොත් වස ලැජ්ජාව ... " 


කෙල්ලට අමතක වුනා කොල්ලා එක්ක යන්නේ කියන එකත්. ඇය ඔලුව ටොක්කුත් ඇනලා තරමක් හඩින් එහෙම කියද්දි කොල්ලා කෙල්ල දිහා බැලුවේ පිටසක්වල ජීවියෙක් දිහා බලන තරම් පුදුමයකින්. ඔහු මොහොතක් කල්පනා කලේම ඇය ඒ කිව්ව දේ තේරුම මොකක්ද කියලා අවබෝධ කරගන්නමයි.


" චුට්ටේ කියන්න මොකා ද ..."


කෙල්ලගේ ඔලුවේ තිබුණු අත පහලට වැටුණේ ඔහු තරමක් හඩින් ඇයට සැරෙන් කතා කරපු බයටමයි.


" මේ ... මේ ... දන්නේ නෑ ... "


ඒ නපුරු බැල්මට ඇයට වචනත් පැටලෙනවා.


" ඇත්ත කියනවා ... "


" තමුසේ මට බොරු කියලනන් අහු වෙන්න එපා ... "


ඒ රැවුම් ගෙරුම් මැද්දේ චන්ඩි ආරූ නෝන්ඩියා වෙලා.


" ගමේ ඉන්න මල්ලි කෙනෙක් ... "


" ඔයාගෙන් මං මෙහෙම බැනුම් අහනවා කියලා දන්නවා නම් චුට්ටේ මල්ලි මට කටින් නැතුව වෙන කොහෙන් හරි හිනාවෙයි ... "


" ගමේ අය ඉන්න තැන නම් මගේ තත්වේ නැති කරන්න එපා හොදේ ... "


කෙල්ලගේ කටට තිරිංග නෑනේ. කොල්ලාගේ කේන්තිය වාෂ්ප වෙලා ගියේ ඇය ඉනට අත් දෙකත් තියාගෙන ගිරවියක් වගේ කියවන හැටි දැකලා.


" හරි ... හරි .... තමුසේගේ කට පරිස්සම් කරගෙන මං කියන දේ කලොත් මං මුකුත් කියන්නේ නෑ හරිද ... "


ඔහුත් ඉවසීමෙන් ඔය කතා කරනවාම ද කොහෙද.


" මට කියන්න බැරි වුනා ... හෙට උදේ හත වෙද්දි රෙඩි වෙලා ඉන්නවා ඔපිස් එකට යන්න ඕන ... "


" දැනට තියෙන එකක් ඇදගෙන එනවා ... "


කෙල්ල හිටියේ මොනවා කියන්න ඕන කියලා හිතාගන්න බැරිව. පසුවට ඒ ගැන හිතන්න තීරණය කරගෙන ම කෙල්ල රකේල් පසු පසම කාර් එක ලගට ආවා.



• 



" ඉස්පිරිතාලේ ඉදලා ආව වේලාවේ ඉදලා කල්පනා කරනවා ... "


" මොනවාද දරුවෝ ඔය තරම් තනියම හිත හිත ඉන්නේ ... "


කෙල්ල දවල් බත් පත අත ගාග කල්පනා කර කර හිටියා මිසක් එක බත් කටක්වත් ඒ මුවට ලං නොවුනු බව දර්ශනීගේ විමසිලිමත් දෑසට හසු වුනා. තවත් කෙල්ල නිරුත්තරව ඉද්දි ඇයගේ හිත මවකට දැනෙන නානාප්‍රකාර සිතුවිලි වලින් පිරිලා ගියා. 


" අම්මා ... චුටි මහත්තයා මට හෙට ඉදලා එයාලාගේ ඔෆිස් එකේ වැඩට එන්න කිව්වා ... "


දර්ශනීගේ පිලිතුර ගැන දෙගෙඩියාවකින් ඇය හිටියේ. තම මව වෙත ම ඒ දෑස් අල්වාගෙන ම හිටියේ ඒ නිසාමයි. ඇය සෙව්වේ පුරුදු පරිදි මවගේ පිලිතුර සුභවාදී වෙන විදියේ හැසිරීමක්.


" ඒ මොන කතාවක් ද ... "


" ගහෙන් ගෙඩි එන්නා වගේ එහෙම කියනවාද ... "


" අනික කව්ද කිව්වේ ඔයාට ජොබ් එකක් ඕන කියලා ... "


ආරූ හිටියේ කොල්ලාටත් මවටත් මැදි වෙලා අසරණවයි. ඇයගේ සිතුවිලි වල එක පැත්තක රකේල්ගේ නපුරු මුහුණත් මවගේ බැරෑරුම් මුහුණත් හිද ඇයට සරදම් කරනවා.


" මට ජොබ් එකක් දෙන්න ඇත්තේ ලොකු නෝනා කියලා වෙන්න ඇති ... "


හිත ඇතුලෙන් මවට බොරු කියන්න වුනු එකට දුක්වෙමින් කෙල්ල එහෙම කියද්දි දර්ශනීගේ බැරෑරුම් පෙනුම වෙනුවට ඒ ඇස් වල පුංචි බලාපොරොත්තුවක එලි දැල්වෙමින් තිබුණා.


" ඔව් ... එහෙම වෙන්න ඇති තමයි ... "


" එහෙනන් කෝකටත් මගේ සාරියක් ලෑස්ති කරගෙනම ඉමු පුතේ ... "


කෙල්ලගේ හිතට සැහැල්ලුවක් දැනුණේ ඒ වදන් ටික මවගේ මුවින් පිට වෙද්දියී.


" හවසට ලෑස්ති කරගමු අම්මේ ... "


" මං පාත්ති ටිකේ වල් ටික ගලවලා දාලා එන්නන් ... "


කටට දෙකට බත් ටික ගිල දැම්ම කෙල්ල මවගේ වදන් වලින් දැනුණු ජවයත් එක්කම නිවසින් එලියට බැස්සේ රකේල් දුන්නු දුරකථනයත් සාක්කුවකට දාගෙනමයි.


" අම්මෝ ... ඇති යන්තන් නපුරාගෙනුයි අම්මාගෙනුයි බේරුනා ... "


කෙල්ලගේ දගකාරකම් ඉවරයක් නෑ. ඇය වල්පැල ගලවන ගමන් රකේල් දුන්නු ෆෝන් එකෙන් සෙල්ෆිත් ගහනවා. ඇයට ඒ මොහොතෙත් මතක් වුනේ නිමන්තව. ඔහුට පිං සිද්ධ වෙන්න දුරකථනයක් පාවිච්චි කරන්න ඇය දැනගෙන හිටියා. ඇය ඒ බවක් නම් නපුරාට කියන්න ගියේ නෑ.


" ෂා ... ෂා ... මට අපේ නිමන්ත කොලුවාව බලන්න යන්න වුනේ නෑනේ ... "


" මං අද එනවා කියලා පණිවිඩයකුත් යැව්වනේ ... "


කෙල්ල පාත්ති අතරින් ගොස් ගල් පොත්තක් මත ඉදගනිමිනුයි එහෙම තමන්ටම කියා ගත්තේ.


" මේ නපුරු සිටාණෝ නිසා මගේ චුටි අහිංසක ලයිෆ් එකම දැන් කනපිට හැරිලානේ දෙයියනේ ... "


" එලියට බහින්න තහනම් කලානේ ... "


සැහැල්ලුවෙන් හිටපු කෙල්ලගේ හිතට ඒ දේවල් බර වැඩියි. ඒත් ඇය ලැබෙන්න යන ජිවිතය සතුටින් බාර ගන්න හිතාගෙනයි හිටියේ. ඇය කැමති නෑ දර්ශනී කඩයප්පම් එක්ක ඔට්ටු වේවී ලෙඩ වෙනවා දකින්න. ඇය රකේල්ට හිතින් පිං දුන්නේ සරුවට හැදුනු මෑ කරල් පාත්තිය දිහා බලාගෙනමයි.


" අම්මේ ... මං බය වෙච්ච තරමක් ... "


" මූට කෝල් ගන්නකොට මාව දැනුවත් කරන්න බැරි වුනානේ අම්මපා ... "


ඇය ගැස්සුනා රකේල්ගෙන් ඇයට ඇමතුමක් එන හඩින්. පපුව එක අතකින් පිරිමදිමින් දුරකථනය ඔරෝගෙනම කෙල්ල ටිකක් බලාගෙන හිටියා.


" හෙලෝ ... "


කෙල්ල ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ රකේල්ගෙන් ලැබුණු ඇමතුමට සම්බන්ධ වුනා.


" වැට ලගට එනවා මට බනින්නේ නැතුව ... "


රකේල් කෙල්ලව හොයාගෙන ඇයගේ නිවසට කිට්ටු කරද්දි ඔහු දැක්කා ගල්පොත්ත මත වාඩී වී තනියම කියවන කෙල්ලව. ඔහුගේ මුවේ නිතරම දැන් සිනහවකින් හැඩ වෙලා. ඒ ඇයගේ දගකාරකම් නිසාමයි.


" ආහ් ... ඔයා ... ඔයා ... කොහෙද මෙහේ 

... "


කෙල්ල ගල්පොත්තට ගොඩ වෙලා ඉස්සි ඉස්සි බැලුවේ කොල්ලාව පේනව ද කියලා.


" වැට ලගට එනවාකෝ ... සෘද්ධියෙන් ආව මාව පෙනෙයි ... "


ඇයට ඇහුනා නපුරාගේ මුවින් සිනහවක් විසිරෙන හැටි. ඇයගේ මුව මතත් මදහසක් නැගුණේ නපුරා සැහැල්ලුවෙන් හිනා වුනු එකට. මොකද ඇයට හිතන්නේම නපුරා හරි ආඩම්බරයි කියලාමයි.


" මේ හිඹුටා වෙනස් වෙලා තියෙන තරම ... "


" දැන් හිනාවෙන්නත් දන්නවනේ ... "


දුරකථනය මත ඇති ඔහුගේ ඡායරූපයට ඇගිල්ලෙන් අනිමිනුයි ඇය එහෙම කිව්වේ.


" තව ටිකක් නැලවි නැලවි එනවාකෝ වටේ උන් අවුස්සන්න ... "


" ඔය ගවුම කොටයි කියලා තේරෙන්නේ නැද්ද ආ ... "


රකේල් ඇය එන දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්. දණහිසෙනුත් පහලට වැටුණු කොන්ඩයත් ඇත්දල පැහැ සමත් පිරිපුන් ගතත් එක්ක ඇයගේ නිල් පැහැති දෑසුත් ඇයගේ සුන්දරත්වය තවත් වැඩි කරලා තිබුනා. ඔහුගේ හිතට සියුම් ඉරිසියාවක් ගොඩ වුනේ ඇය එන ගමන් විලාසයත් එක්ක කෙටි ගවුමෙන් පෙනෙන ඇයගේ ඇත් දල පැහැ පිරුනු දෙකලවාව දකිද්දීයි. ඇයව මෙලෙස පිරිමින්ගේ දෑසට හසුවෙන එක ගැන තරහාක් ඒ හිතට ආවේ.


" දැන් බිම බලාගෙනම ඉන්නවා හොර පූසී වගේ ... "


" ඔය ඇදුම අදින අන්තිම දවස කියලා හොදට මතක තියාගන්නවා ... "


" අහුවෙන්න එපා මට ඔය කොට කෑලී ඇදලා .... "


ඇයගේ හිසේ සිට පාදාන්තය දක්වා විනිවිද යන බැලමක් හෙලන ගමන් කොල්ලා එහෙම කියද්දි කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්තේ ඇදුමේ කොටට වඩා ඔහුගේ ඇස් තම ගත පුරා යන බව දකිද්දියි.


" ආ ... මේ ටික ගන්නවා ... "


කොල්ලා දික් කරපු බෑග් ටික දකිද්දී කෙල්ලගේ ඇස් පුදුමයෙන් විසල් වුනේ එහි මුද්‍රිත අකුරු වල සදහන් වන නිමි ඇදුම් සාප්පුව මතක් වෙද්දි. මිල අධික ඇදුම් ආයිත්තම් ඇති එයට යෑමත් ඇයට නම් හීනයක්.


" ඔය ජිල් බෝල දෙක එලියට එයි ...  "


" මේකේ ඇති ඔෆිස් එකට අදින්න ඕන ඒවා ... "


" හෙට හත වෙද්දි රෙඩි වෙලා ඉන්නවා ... "


" අනික ඔය ගවුම් කොටේ ඇදලා නැවිලා මෙතනින් යන එවුන්ට ප්‍රී ෂෝ පෙන්නපන්කෝ බලන්න ... "


කෙල්ල ඉතින් ඔහුගේ කෝපය ලග අහිංසක හා පැටියෙක් වගේ අතේ ඇගිලි පටල පටලව එකම රගපෑමක.


" සුදු හාමිනේ ... "


කෙල්ල ගැස්සිලා බැලුවේ ඒ හඩ ආව දෙසයි. ඇයට හිතුනේ ම අද මං ඉවරයි කියන හැඟීමමයි. 


නැවත හමුවෙමු ...

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10